අතීතය‍ට නොමැකෙන සටහනක් එක් කළ IFO++

IFO++ : Ideas Free and Open Incrementally, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා පරිගණක විද්‍යාව වෙනුවෙන්ම සංවිධානය වූ ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය පසුගිය 28,29, හා 30 යන දින වල අති සාර්ථකව පැවැත්වුනා. ලංකාවේ පරිගණක අධ්‍යාපනයට 25 වසරක් සැමරීම වස් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය (UCSC) විසින් මෙය සංවිධානය කරනු ලැබුවා. මේ දැවැන්ත ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳව එය බැලීමට පැමිණි අති විශාල පිරිස සහ ඔවුන්ගේ ප්‍රතිචාර සාක්ෂි දරයි. කිහිප දෙනෙකුගේ අධෛර්යමත් කිරීමට Read more…

යාළුවෝ ??

උදව්වක් ගන්න විතරක් ඉන්න ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි දිරි ගන්වන්න බැරි ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන නුඹලා කොහොමද යාළුවෝ වෙන්නේ…….?

Hello Friend

මිතුර

අද උඹ හිනා වෙනකොට, මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ.. දැනට කාලෙකට ඉස්සර, උඹ ඔලුව නවාගෙන, මූන ඇඹුල් කරගෙන, ඇස් රතු කරගෙන, දුකින් හිටපු හැටි…… ඒ කාලෙ මතක් වෙනකොට, අද උඹ ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ…. පුංචි දුකක් තියෙන්නෙ, එදා උඹ දුකින් බව ඉස්සෙල්ලාම කියන මට, අද උඹ සතුටින් බව කියන්න අමතක උනු එකට….

Restoring Lost GRUB

උබුන්ටු දාලා තියෙන පරිගණකයකට පස්සෙ වින්ඩෝස් දැම්මොත් GRUB එක නැති වී ගිහින්, පරිගණකය පණගැන්වූ විට කෙලින්ම වින්ඩෝස් වලට යනවා මිස උබුන්ටු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතින් මේකට අපි සාමාන්‍යයෙන් කරන්නෙ උබුන්ටු ආ‍යෙ දාන එක. නමුත් එහෙම කරන්න අවශ්‍ය නෑ. GRUB එක යළි පිහිටුවාගන්න පුළුවන්. මගේ තිබ්බෙ උබුන්ටු 10.04. පස්සෙ වින්ඩෝස් 7 දාලා GRUB එක නැති උනා. මේ දැක්වෙන්නෙ මම කරලා බලපු එක ක්‍රමයක්. (දැන් පහත ක්‍රමයට වඩා ලේසියෙන් Read more…

Optimize Pinging in your WordPress blog

ඊයෙ උදේ ඉඳල ඉඳල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. ඔන්න හවස් යාමේ සයිට් එක වැඩ කරන්නෙ නෑ. අපේ වෙබ් හොස්ටින් යාලුවට කීවාම එයා මේ ගැන එයා හොස්ටින් අරන් තියෙන ආයතනයෙන් අහල මට මෙහෙම උත්තරයක් දුන්නා. මගේ සයිට් එක සස්පෙන්ඩ් කරලා ඒ හොස්ටින් ආයතනයෙන්, හේතුව SexyBookmarks plugin එක.. මේක අහපු මට හොඳටම අප්සෙට්. ඇයි අනේ සෑහෙන කාලයක් පාවිච්චි කරපු මෙච්චර ලෝකප්‍රසිද්ධ plugin එකක් ගැන මෙහෙම කියනකොට.. හේතුව කියලා තියෙන්නෙ මෙහෙමයි “this Read more…

Set up WordPress multisite

සමහර විට ඔබට එකම ඩොමේනයක් යටතේ වර්ඩප්‍රෙස් අඩවි කිහිපයක් පිහිටුවාගැනීමේ අවශ්‍යතාව ඔබටත එන්න ඇති. සමහරවිට ඒ සඳහා වර්ඩිප්‍රෙස් කීප සැරයක් සැරයක් ස්ථාපිත කරන්න ඇති. වර්ඩ්ප්‍රෙස් 3.0 එන්න කලින් WordPress Mu (WordPress Multi User) (http://mu.wordpress.org/) කියලා වෙනම එකක් තිබ්බා සමහර විට දකින්න ඇති. එය භාවිතා වුනේ එක් ස්ථාපික කිරීමකින් අඩවි කිහිපයක් සාදාගෙන වෙන වෙනම පහසුවෙන් භාවිතා කිරීමට. දැන් WordPress Mu කියලා වෙනම එකක් නැහැ. ඒ වෙනුවට වර්ඩ්ප්‍රෙස් 3.0 ඉඳන් සාමාන්‍ය Read more…

පහුගිය ටිකේ මොකද උනේ?

මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය ටිකේ මුකුත් ලියන්න බැරි උනු එක ගැනත් ආසන්න දවස් කීපයක මේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක නොවීම ගැනත්.. මැයි 18න් පස්සෙ අද තමා ඔන්න ලිපියක් ලියන්‍න ‍හැකියාවක් ලැබුනෙ. ලිපි එකතු කරන්න බැරි‍ වෙන්න ප්‍රධාන හේතුව විභාග. ඒ එක්කම ලේසි පහසු නැති පැවරුම් (assignments). අපේ සහෝදර ‍සිසු සිසුවියන්ගෙ බ්ලොග් සමහරකත් තත්ත්වය මේකම තමා. විභාග ඉවර උනයි කියලා හිතට නිදහසතක් ලැබුනේ නැහැ. අපේ CSRU (CompSoc Research Unit) එකෙන් අත ගහපු Read more…

Once I love you

Once I love you.. I enjoy being with you.. And after some time, I hate you. I feel bored being with you. You force me to close the FaceBook window.. and ask me to go and study.. Only a few people on Gtalk, May be because of you.. You make everything around me fine.. When I’m inside.. And sometimes…. You confuse all my plans.. I will blame you.. What have Read more…

How to install Huawei E-1550 modem in Ubuntu 10.04

උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්‍රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්‍රශ්නයක් නැහැ Network Connections වල අලුත් Mobile Broadband සබඳතාවක් එකතු කරන්න ගියාම ලස්සනට  Huawei මොඩම් එක අඳුන ගෙන පෙන්නනවා(මොඩම් එක සම්බන්ධ කර ඇති විටකදි). හැබැයි එහෙම සබඳතාවය හදාගත්තත් විවිධ ගැටළු තිබ්බා. කොහොම හරි අන්තර්ජාලයට සම්බන්ධවත් වෙනවනෙ. ඒත් දැන් Read more…

UCSC පිරිත් පිංකම 2010 | UCSC Pirith Ceremony 2010

මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ. මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න සෑහෙන වෙහෙසක් දරලා ඒ වෙහෙස මහන්සියෙ ප්‍රතිඵල ගැන වගේම චීවරධාරීන් පිළිබඳ යමකුත් කියන්නයි මේ හදන්නෙ. මාර්තු මාසෙ විතර තමා ඉස්සෙල්ලාම පිරිත් පිංකමට වැඩ පටන් ගත්තෙ. පට්ටම් ගහලා, කැටයම් කපලා, රෙජිෆෝම් ගොන්නක් කපලා, වැඩ රාශියක් කරන්න උනා. එක්කෙනෙක්ගෙ Read more…