IFO++ : Ideas Free and Open Incrementally, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා පරිගණක විද්‍යාව වෙනුවෙන්ම සංවිධානය වූ ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය පසුගිය 28,29, හා 30 යන දින වල අති සාර්ථකව පැවැත්වුනා. ලංකාවේ පරිගණක අධ්‍යාපනයට 25 වසරක් සැමරීම වස් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය (UCSC) විසින් මෙය සංවිධානය කරනු ලැබුවා.

මේ දැවැන්ත ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳව එය බැලීමට පැමිණි අති විශාල පිරිස සහ ඔවුන්ගේ ප්‍රතිචාර සාක්ෂි දරයි. කිහිප දෙනෙකුගේ අධෛර්යමත් කිරීමට ගත් උත්සාහයන් සුණු විසුණු කරමින් ඔවුන් කිසිවෙක් නොසිතූ ලෙස ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වුණා.

මේ ප්‍රදර්ශනයට අපගේ සියලුම වසර වල සහෝදර සහෝදරියන් මෙන්ම ආචාර්යය මණ්ලයද බෙහෙවින් වෙහෙසුනා. ඒ දුෂ්කර කාර්යයේ ප්‍රතිඵල දකින විට අපි හැමෝටම ඇත්තේ වචන‍යෙන් කියා නිම කළ ‍නොහැකි සතුටක්.

තොරණ

UCSC ගේටිටුව දෙසින් වූ තොරණ

ඔය තියෙන්නෙ UCSC ගේටිටුව පැත්තෙන් ඉදි කරලා තිබ්බ තොරණ. දෙවන වසර හා පළමු වසර කට්ටිය මේකට ගොඩක් මහන්සි උනා. තෙවන වසරෙ අයියලාගෙනුත් උපදෙස් ලැබුනා. ඔය කණු වල වීදුරු කෑලි අලවලා ලස්සනට හදලා තිබ්බා.

නරඹන්නන්

නරඹන්නන්

Education Zone

දෙවන වසරෙ අපිට ප්‍රධාන වශයෙන් භාර දීපු දෙයක් තමයි Education Zone එක. හැමෝටම පුදුම හිතෙන අත්දැකීමක් එක් කෙරුණු මෙය අති විශාල මවු පුවරුවක් ලෙසින් ඉදි උනේ මංජු සර්ගෙත් උපදෙස් ඇතිව. Education Zone එකේ කුටි තිබ්බෙ මේ මවුපුවරුවෙ කොටස් ඇතුලේ. ඇතුල් වෙන්න ඕනි Network Port එකෙන්, මවුපුවරුවෙ රවුමක් ගිහින් ප්‍රොසෙසරේට 2පාරක්ම ගිහින් එහෙම එළියට එන්න ඕනි VGA Port එකෙන්. මේ අතරේ මවුපුවරුවේ ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගන්නවත් එක්ක Networking, VR (Virtual Reality),AR (Augmented Reality), Image Processing, Cyber Crimes, General Purpose, FOSS යනාදී දේ ගැන ඉතා හොඳ දැනුමක් දෙන්න කුටි සකස් කර තිබ්බා.

වත්මන් අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා, හිටපු අධ්‍යක්ෂක ආචාර්ය රුවන් වීරසිංහ මහතා, මංජුශ්‍රී වික්‍රමසිංහ මහතා ඇතුළු ඇදුරු මඩුල්ලේ කිහිප දෙනෙක් Education Zone එක නරඔමින්....

වත්මන් අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා, හිටපු අධ්‍යක්ෂක ආචාර්ය රුවන් වීරසිංහ මහතා, මංජුශ්‍රී වික්‍රමසිංහ මහතා ඇතුළු ඇදුරු මඩුල්ලේ කිහිප දෙනෙක් Education Zone එක නරඔමින්....

මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා එක්ක මේ ඉන්නෙ කවුද කියලා දන්නව ඇතිනෙ 🙂

(ඉහත ඡායාරූප 3 මංජුශ්‍රී වික්‍රමසිංහ මහතාගේ ඇල්බමයකින් ලබාගන්නා ලදී)

පේනවා ඇතිනෙ කොහොමද මවු පුවරුව කියලා. (මේක ඇතුලේ ටිකක් රස්නෙයි කට්ටිය පිරුනාම, මේකෙ A/C නැති නිසා. කවුදෝ මන්දා කීවා “මදර් බෝඩ් එකක් උනාම රත් වෙනවානෙ” කියලා. 🙂 )

‍නරඹන්නන් ගොඩක් දෙනෙක්ගේ ප්‍රශංසාවට පත් වුනා මේ Education Zone එක. මේක හදලා තිබ්බේ කොහොමත් සාමාන්‍ය ජනතාව සඳහාම තමයි. මේ සියල්ල හැදුවේ දවස් 10ක් ඇතුලත. නිදි මරාගෙන බොහොම වෙහෙස මහන්සියෙන් තමා ඕක ඔය මට්ටමට ගෙනාවේ. දෙවන වසර මෙන්ම ප්‍රථම වසර සිසුන්ගෙනුත් ලොකු දායකත්වයක් මේ සඳහා ලැබුනු බව කිව යුතුමයි.

පරිගණක කෞතුකාගාරය

කෙනෙක්ට දැකගන්න ලැබෙන දුර්ලභම දේවල් රාශියක් සමඟ පරිගණක කෞතුකාගාරය ප්‍රදර්ශනය වූයේ විද්‍යාජ්‍යෝති ම‍හාචාර්ය වී.කේ සමරනායක ශ්‍රවණාගාරයේදී. ලංකාවේ ප්‍රථම පරිගණක රාශියක් මෙහි ප්‍රදර්ශනය වුණා. එමෙන්ම අප ආයතනයේ ඉතිහාසය ගැනත් ලංකාවේ තොරතුරු තාක්ෂණයේ විකාශනය ගැනත් නරඔන්නෙකුට හොඳ අවබෝධයක් ලැබෙන පරිදි බැනර් ආදිය ප්‍රදර්ශනය කෙරුනා.

පැරණි පරිගණකයක්

ටේප් ධාවකයක්

මෙම ශාලාවට ඇතුළු වන තැන සකස් කර තිබූ යාන්ත්‍රිකව ක්‍රියා කරන පහන හා නාම පුවරුව සැමගේ පැසසුමට ලක් වුණා. බොහෝ දෙනෙක් එතැන ඡායාරූප ගැනීමටත් පෙළඹුනා.

ශ්‍රවණාගාරය තුළ විද්‍යාජ්‍යෝති ම‍හාචාර්ය වී.කේ සමරනායක මහතාගේ ඡායාරූපයට මල් මාලාවක් දමා තිබූ අයුරු හා අසල වූ පහන

(ඉහත ඡායාරූපය මංජුශ්‍රී වික්‍රමසිංහ මහතාගේ ඇල්බමයකින් ලබාගන්නා ලදී)

තවත් ඡායාරූප මෙතැනින් බලන්න.

Seminars

පාසැල් සිසුන්ට හා උපාධි අපේක්ෂකයන්ට විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුනා. එමෙන්ම IFO++ වෙනුවෙන් සැකසූ මෙහෙයුම් පද්ධතියක් හා video tutorials රැසක් අංගු DVD එකක් නොමිලේ බෙදා හැරුනා.

Projects and other Exhibits

UCSC සිසුන් විසින් නිර්මාණය වූ අගනා නිර්මාණ බොහොමයක් මෙ‍හිදී ප්‍රදර්ශනය වුනා. මට නම් බලන්න උනේ අත‍ලොස්සක් විතරයි. මොකද මම අපේ Project එක ගාව තමා බොහෝ වෙලාවට හිටියේ. මේ අතරින් මට මතක ඒවා කිහිපයක් සඳහන් කරන්නම්. පිළිගන්න හිටිය IBO රොබෝවා, තරිඳු අයියලාගේ මාර්ග සංඥා හඳුනාගනිමින් ඉබේ හසුරුවන්න හැකි වාහනය, සිම් නැතිව WIFI වලින් call ගන්නට හැකි මෘදුකාංගය, උදය හා එරංග අයියලගේ IFloor එක, කේෂාන් අයියගේ ටච් ස්ක්රීන් එක, අපේ ජනිත, දවුපදී හා අසේල හදලා තිබ්බ විදුලි මීටරය, බ්‍රයන් අයියලාගේ Traffic Control System එක, මෙහෙයුම් පද්ධතියක් නැතිව වැඩ කරන Word Processor එක, රවින්ද අයියලගේ Virtual Black Board එක, කුප්පි දාන්න හදලා තිබ්බ මෘදුකාංගය, File Recovery මෘදුකාංගය, අපේ චතුර, ලක්ඛණ හා සුමේධලාගේ විප්ලවීය Thaprobana game එක සිත් ගත් දේවල් වලින් කිහිපයක්.

IBO the robot who welcomed the visitors

Road Sign Identifier

Traffic Control System

IFloor

Second UCSC: The virtual environment for learning purposes

Mr. Gihan Fernando (creator of Colombo3D mobile game) visiting zone 7 where my project and Thaprobana game was exhibited.

තවත්‍ බොහෝ අංග ගණනාවක් ප්‍රදර්ශනය වුනා. ඔය මම සඳහන් කරලා තියෙන නම් ඒවලට තිබ්බ ඇත්ත නම්ම නෙවෙයි. කියවනකොට ඒවා තරමක් සාමාන්‍ය දේවල් ලෙස නොබලපු කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් බලපු අය දන්න‍වා කොච්චර දියුණු තාක්ෂණයක් යොදාගෙන තිබ්බද කියලා. Science Faculty එකෙන් අපිට ඉලෙක්ට්‍රෝනික් උගන්නන්න එන සර්ගේ ප්‍රතිචාරයෙන් යමක් සඳහන් කරන්න හිතුනා. ඔහු කීවා ‍අපේ අයගේ Researches ගොඩක් පුළුල් ක්ෂේත්‍රයකට ගිහින් තියෙනවා කියලා.

Our Project : AverPhiz

මමත් උපේෂලත් එකතු වෙලා හැදුවා Face Recognition System එකක් මඟින් වාහනයක් පනගන්වන්න හා පාලනය කරන්න හැකි පද්ධතියක්. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුනා. 2න්නෙක් Contact Details අරන් ගියා එයාලට මේක හදලා දෙන්න කියලා. තව ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වපු අය ඉන්නවා. සමහරු කියනවා Patent ගන්නලු concept එකට.

කොහාම හරි ගොඩක් සතුටු හි‍තුනා කට්ටිය‍ගෙ ප්‍රතිචාර දැක්කම.

AverPhiz : Project Poster

AverPhiz

Me

Chathuranga Upeshala

Milan malli and other 1st year boy who helped us a lot for demostrate the project

Demostration by a 1st year girl who helped us in demostrating the project in Tamil

අපේ Project එකට උදවු කළ අමිල අයියා, ඉන්ද්රජිත් අයියා, තරිඳු අයියා හා Project එකක් කරන්න උනන්දු කරපු අපේ ජ්‍යේෂ්ඨ අයියලාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම Demonstration වලට උදවු කළ Junior batch එකේ අයටත් ස්තුතියි.

ප්‍රදර්ශනයේදි හැම කුටියකම පාහේ භාෂා 3න්ම ඉදිරිපත් කිරීම් කෙරුනා. ඒ නිසා දමිල සිසුන්ට වගේම විදේශිකයන්ටත් ප්‍රදර්ශනය නැරඹීම ගැටළුවක් වුනේ නෑ.

කාර්යය මණ්ඩලයෙන් ලැබුනු සහයෝගයත් මතක් කරන්න ඕනි. නිර්මාණ කටයුතු වලට වලට 1වන හා 2වන වසර සිසුන්ගේ බෙහෙවින් වෙහෙසී කටයුතු කළා. 3වන වසර සිසුන් ප්‍රධාන සංවිධාන කටයුතු නියමාකාරයෙන් ඉටු කළා. 4 වන ඩසර අයියලා අක්කලත් ගොඩක් දායක වුනා. අපි හැමෝගෙම එකමුතුවෙන් තමා ඔබට මේ වගේ සාර්ථක යමක් ඉදිරිපත් කරන්න හැකි වුනේ. UCSC වෙනස ඒකයි කීවොත් මා නිවැරයි.

විද්‍යාජ්‍යෝති ම‍හාචාර්ය වී.කේ සමරනායක මහතාගේ එදා වූ අනාගත දැක්ම හා එතුමා ඉටු කළ මහා සේවය මනාව මල් ඵල දරා ඇති බැවි පසක් වන එක් අවස්ථාවකි මේ.

2nd Years

අත්දැකීම් ගොඩක් එක්ක IFO++ ඉවර උනත් ඒ මතකයන් කවදාවත් අමතක වෙන එකක් නෑ අපි කාටවත්.

තවත් ඡායාරූප :

http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209#!/photos.php?id=145280818828209

General purpose General purpose

5 Comments

Sanjaya · November 3, 2010 at 10:27 am

තව සඳහන් කරන්න ඕනි ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ප්‍රදර්ශනය නරඹද්දි ඔබ දැක්ක හා ඡායාරූප වලින් ඔබ දකින පිරිසට අමතර බොහෝ පිරිසක් හිටියා මේ ප්‍රදර්ශනයට වැඩ කරපු. ඔවුන් තමා මේකෙ පාදම උනේ. දවස් ගානක් නිදි මරල වැඩ කරපු මේ අයව අනිවාර්‍යයෙන් මතක් කරන්න ඕනි.

Sandun Madhawa · November 3, 2010 at 10:27 am

IFO++ ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නැහැ…
සුපිරියට ම තිබුනා කියන්නේ ආයෙ ඉතින් ලොවෙත් නැහැ එහෙම එකක්…..

It is the unity of UCSC
It is the glory of UCSC
It is the majesty of UCSC

Darshana · November 3, 2010 at 10:41 am

ප්‍රදර්ශනය නම් විශිෂ්ඨයි. මටත් හුඟක් දේවල් ඉගෙනගන්න ලැබුන අලුතින්. මත භේදිතව තිබුන කරුණු නිරාකරණය කරගන්නත් ලුබුනා. ලංකාවේ පරිගණක පිළිබඳ උනන්දුවක් දක්වන අයට ප්‍රදර්ශනය නියමෙටම ගැලපුනා. ඉගෙන ගන්න තියෙන අලුත් ක්ෂේත්‍ර පිළිබඳ අදහසක් ගන්නත් එක්කම.

lakmal · November 3, 2010 at 11:25 am

elakiri kollo… mata enda beriunane.. :/

Udaya Shamendra · November 3, 2010 at 6:35 pm

Yes definitely iFo++ was the best Exhibition ever in Sri Lanka for ICT Domain.Thanks for mentioning about iFloor and this is nice article !

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *