How to install Huawei E-1550 modem in Ubuntu 10.04

උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්‍රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්‍රශ්නයක් නැහැ Network Connections වල අලුත් Mobile Broadband සබඳතාවක් එකතු කරන්න ගියාම ලස්සනට  Huawei මොඩම් එක අඳුන ගෙන පෙන්නනවා(මොඩම් එක සම්බන්ධ කර ඇති විටකදි). හැබැයි එහෙම සබඳතාවය හදාගත්තත් විවිධ ගැටළු තිබ්බා. කොහොම හරි අන්තර්ජාලයට සම්බන්ධවත් වෙනවනෙ. ඒත් දැන් Read more…

UCSC පිරිත් පිංකම 2010 | UCSC Pirith Ceremony 2010

මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ. මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න සෑහෙන වෙහෙසක් දරලා ඒ වෙහෙස මහන්සියෙ ප්‍රතිඵල ගැන වගේම චීවරධාරීන් පිළිබඳ යමකුත් කියන්නයි මේ හදන්නෙ. මාර්තු මාසෙ විතර තමා ඉස්සෙල්ලාම පිරිත් පිංකමට වැඩ පටන් ගත්තෙ. පට්ටම් ගහලා, කැටයම් කපලා, රෙජිෆෝම් ගොන්නක් කපලා, වැඩ රාශියක් කරන්න උනා. එක්කෙනෙක්ගෙ Read more…

දුම්රියේ ගමනාගමනය හා මනුස්සකම Traveling by Train and Humanity

මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්‍රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්. ඉස්සෙල්ලා කියන්නම් ගිය සිකුරාදා උනු ඇබැද්දිය ගැන. අපේ පරණ පාසල් මිතුරෝ කිහිප දෙනෙක් එක්ක එදා නුවර යන්න යොදාගෙන තිබ්බා. කලින් කීප සැරයක්ම ගිහින් තියෙන දුම්රියක් නිසා උදේ පොඩි මැණිකේ දුම්රියේ තමා යන්න ‍කථා උනේ. එදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයට එනකොට සෙනඟ වෙනදට වඩා Read more…

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම

මීරිගම නගරයේ ප්‍රධාන හිසතෙල් ගෑමේ උත්සවය වෙනද වගේම තිබ්බෙ මීරිගම සාසන වර්ධන ළදරු පාසල් පරිශ්‍රයේ. වෙනදා නම් මුතුහර ළමා සමාජයේ අවුරුදු උත්සවයයි හිසතෙල් ගෑමයි එකම දවසෙ කරන්නෙ. නමුත් මේ සැරේ හිසතෙල් ගෑමේ නැකත වෙනදට වඩා පහුවෙලා යෙදුනු නිසා අවුරුදු උත්සවයට වෙලාව මදි වෙන නිසා අවුරුදු උත්සව‍ය පැවැත්වෙන්නේ හෙට. ඒ නිසා වෙනද තරම් කට්ටිය නැද්ද මන්දා. මරදන්කල්ලේ සුසීම හාමුදුරුවන්ගෙ ප්‍රධානත්වයෙන් තමා පැවැත්වුනේ. පන්සලේ ලොකු හාමුදුරුවෝ, ඒ කියන්නෙ රාමඤ්ඤ නිකායෙ මහානායක Read more…

Survey

ඔබ වෙබ් අඩවියකින් බලාපොරොත්තු වන‍්නේ මොනවාද? What do you expect from a website?

මේක පොඩි පහේ සමීක්ෂණයක්. හැමෝම ටික වෙලාවක් මිඩංගු කරලා සහභාගී වෙන්න.මේකෙදි ප්‍රශ්න කීපයක් අහනවා ඕගොල්ලො වෙබ් අඩවියකින් බ‍ලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන්. ඉතින් පුළුවන් උපරිමයෙන් උත්තර දෙන්න. මේකෙදි දැනට තියෙන වෙබ් අඩවි වලින් ඔබ බලාපොරොත්තු වන දේවල් ගැන මෙන්ම අනාගතේ එන ‍‍වෙබ් අඩවියක තිබුනොත් හොඳයි කියල හිතෙන දේවල් ගැනත් සඳහන් කරන්න. ඉංග්‍රීසි, සිංහල (යුනිකෝඩ්), හා සිංග්ලිෂ් (SMS යවද්දි අපි පාවිච්චි කරන්නෙ) වලින් උත්තර දෙන්න. කොටින් කීවොත් සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය Read more…

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

පහුගිය අවුරුද්ද අපි හැමෝගෙම ජීවිත වල වෙනදට වඩා වෙනසක් ඇති කළ බැව් මගේ අදහසයි. රටේ පරිපාලනය සම්බන්ධ දේ මෙන්ම ‍අනෙක් බොහෝ දේ සම්බන්ධවත් සිදුවූ විවිධ වෙනස්කම් ඊට ‍හේතු වෙන්නැති. අපි බොහෝ දෙනෙක්ට විවිධ ආකාරයෙන් සුභ පැතීමු. සුභ පැතුම් ගැන කේසිරි සර් කී දෙයක් සඳහන් කිරී‍ම වටී යැයි සිතුනි. “ඕගොල්ලො ගොඩක් අය මට සුභ පැතුවනෙ අද උදේ ” සුභ අලුත් අවුරුද්දක් වේවා සර් කියලා”. ඕගොල්ලො සුභ පැතුවත් නැතත් මම මගෙ Read more…

කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම්

කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම්

කැවුම් කන්න ඉතින් අවුරුදු උදාව වෙනකම් ඉන්න ඕනි කියලා එකක් නෑනෙ. ඉතින් අද උදේ කන්න කැවුමක් ගන්නකොට අහඹු ලෙස මේක හමු උනේ. බලන්නකො ලංකාවෙ කැවුමුත් ෆැෂන් කරනවා වගේ දැන්.මෙයා දැන් ඉන්නෙ කොහෙද කියන්න ඕනි නෑනෙ.

ඡන්ද කථා

ඡන්දෙට කලින් මේ ලිපිය දාන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා ඔන්න ඡන්‍ද විමසීම ඉවර උනාමම දැම්මා. කථා කරලා වැඩක් නැති මාතෘකාවක කථා කරන්න හිතුනු දේවල් ටිකක් මේ. ටියුෂන් හටන් සහ ඡන්දය. ඉස්සෙල්ලාම කියන්න යන්නෙ කළුආරච්චි සර් ගැන. මතක ඇති කාලෙකට ඉස්සර බර යූඇන්පී කාරයෙක්නෙ. දුෂ්‍යන්ත මහබදුගේ සර් එක සැරයක් කීවා ” රනිල් යූඑන්පී එක දාල ගියත් කළුආරච්චි සර් නම් යූඑන්පී දාල යන‍්නෙ නෑ ” කියල. ඒත් පහුගිය ජනාධිපතිවරණ Read more…

Vote

phpBB is now ASPbb

phpBB is now ASPbb by The ASPbb Team » Thu Apr 01, 2010 4:00 am The phpBB Team was recently approached by Microsoft and asked to develop a bulletin board system for their .NET platform. This board will power their MSDN Social network and will be released to the community under a freeware license for smaller boards, with commercial licensing options available for larger communities. With Microsoft’s financial backing, Read more…

ලංකාවෙ HP වගකීම මෙහෙමයි | HP warranty in Sri Lanka

කලින් ලිපියට සති 2කට පස්සෙ මේ ලිපිය එකතු වෙන්නෙ. කලින් ලිපියෙ ඉතිරි ටික ඊලඟට ලියවෙන්න ඕන නිසාත් ඒක ‍ටිකක් දිග කථාවක් නිසාත් තමා මේ ලිපිය ලියන්න පටන් ගන්න ටිකක් පරක්කු උනේ මොකද මේකෙ දිග මතක් වෙනකොට කම්මැලි හි‍තෙනවා පටන් ගන්න. හරි මම කීවානෙ “ලැප ගත්තු ‍කඩේ එක්කත් කොක්කක් වැටුනා” කියලා ඒක තමා මේ කියන්න යන්නෙ. ලැප අරන් ටික දවසකින් පොඩි ගැටලුවක් මතු උනා. මේකෙ තියෙන‍වා ටච් බට්න් වගයක් සද්දෙ Read more…

Toshiba Satellite A505-S6960