කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය විසින් ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව සංවිධානය කළ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟාවලියට උදව්වක් වශයෙන්. ඒ ගැන පස්සෙ දවසක ආයෙ කියන්නම්කෝ….

 

කැමති ඕනෙම කෙනෙක්ට මේකට සහභාගි වෙන්න පුළුවන්, වයස් භේදයක් නෑ. හැබැයි ඉඩකඩ ටිකක් සීමිත නිසා කලින් ආසනයක් වෙන් කරගන්න වෙනවා.

 

ඔක්තෝබර් 4 හා 5 දවස් දෙකේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතන (UCSC) පරිශ්‍රයේදී උදේ 9 ඉඳන් 5 වෙනකන් මේ වැඩමුළු පැවැත්වෙනවා. ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳව වෙන වෙනම වැඩමුළු 3ක් පළමු දවස පුරාම පැවැත්වෙනවා. ප්‍රායෝගිකව අත්හදා බලමින් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒ වැඩමුළු 3මයි 5 වෙනිදත් පැවැත්වෙන්නේ. ඒ හින්දා කැමති නම් 4 වෙනිදට එක වැඩමුළුවකට ඉඳලා පස්සෙ දවසේ වෙන එකකට ඉන්න පුළුවන්. එක් කෙනෙක්ට උපරිම වශයෙන් අංශ 2කට තමා මේ විදියට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ..

 

පාසැල් වලට දැනටමත් ලිපි මඟින් දැනුම් දීලා තියෙනවා. මේ වෙනකොටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කලින් අපි සීමාවක් දාලා තිබ්බා එක් පාසැලකින් සිසුන් 2දෙනෙක් හා එක් ගුරුවරයෙක්/ගුරුවරියක් සඳහා පමණයි කියලා. නමුත් ඉල්ලීම් අනුව ඒ සීමාවත් ලිහිල් කරන්න තීරණය කළා. කොහොම හරි වැඩි පිරිසකට හොඳ දැනුමක් දෙන වැඩසටසටහනක් කරන්නයි අපේ අදහස.

 

පුවත්පත් වලත් දකින්න ඇති මේ ගැන. නැත්නම් අන්තර්ජාලයෙන්ම හරි “ඉන්ටර්නෙට් සම්පත් භාවිතය” රේඩියෝ වැඩසටහන හරහා හරි දැනටමත් විස්තර දන්නවත් ඇති.

 

වැඩමුළු මෙහෙයවන්නේ කවුද කියලත් දැනගන්න කැමැත්තෙන් ඇතිනේ. Audio Editing වැඩමුළුව “ගාමනි” චිත්‍රපටයට සංගීතය සැපයූ උදිත ජයසිංහ මහතාත් UCSC සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුත් විසින් මෙහෙයවයි. Video Editing වැඩමුළුව UCSC හි ADMTC (Advance Digital Media Technology Center) මඟින් ද Image Editing වැඩමුළුව UCSC සහෝදර සහෝදරියන් විසින් ද මෙහෙයවනු ලබයි.

 

එන්න කැමති නම් 30 වෙනිදට කලින් පුළුවන් ඉක්මනින් ඉල්ලීමක් කරන්න.

 

මෙතනින් ඔන්ලයින් රික්වෙස්ට් එකක් දාන්න පුළුවන් : http://compsoc.lk/en/media-workshop-registration.html

එහෙමත් නැත්නම් පහත අංක වලට කෝල් එකක් දීලා වැඩිදුර තොරතුරුත් දැනගෙනම තමන්ගේ පැමිණීම ගැන කියන්නකෝ

සඳුන් – 071 8405321 සංජය – 071 9417343

 

  Workshop and Competition

 

Facebook Page : http://www.facebook.com/MediaCompetition

Facebook Event : http://www.facebook.com/event.php?eid=263877420311001

Details on the Workshop : http://compsoc.lk/en/workshop-on-multimedia-technologies.html

Online Request form : http://compsoc.lk/en/media-workshop-registration.html


3 Comments

Madhawa · September 25, 2011 at 10:33 pm

එල එල සංජය අයියා… නියම වැඩේ…

sriniranjana · September 26, 2011 at 7:03 am

thank you obata. mamath requst 1 damma

Media Editing Workshop Ends Successfully | Behind the scene…. | Sanjaya's Open Diary · December 17, 2011 at 12:16 am

[…] Feeds « Audio/Video/Image Editing පිළිබඳ නොමිලේ වැඩමුළුවක් OpenCV with QT – Installation, configuration, problems and solutions […]

Leave a Reply to sriniranjana Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *