මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්‍රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්.

ඉස්සෙල්ලා කියන්නම් ගිය සිකුරාදා උනු ඇබැද්දිය ගැන. අපේ පරණ පාසල් මිතුරෝ කිහිප දෙනෙක් එක්ක එදා නුවර යන්න යොදාගෙන තිබ්බා. කලින් කීප සැරයක්ම ගිහින් තියෙන දුම්රියක් නිසා උදේ පොඩි මැණිකේ දුම්රියේ තමා යන්න ‍කථා උනේ.

එදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයට එනකොට සෙනඟ වෙනදට වඩා ඉන්න බව තේරුනා. දුම්රිය නවත්තනකොට තමා ඇඟ හිරිවැටුනේ. දුම්රිය ඇතුලෙත් සෙනඟ පිරිලා. ඇතුලට රිංගන්න බැහැ. මොනා කරන්නද. පාපුවරුවෙත් ඉඩක් හොයාගත්තෙ අමාරුවෙන්. දැන් තමා හොඳම සිද්ධිය.

මම බෑගයක් එල්ලන් හිටියා. පාපුවරුවෙ යන්න පුළුවනෑ ඒකත් එල්ලන්. ඉතින් ජනේලෙකින් ඇතුලෙ කෙනෙක්ට කීවා බෑග් එක තියා ගන්න කියලා. මේ මනුස්සයෝ කීවනෙ බැහැයි කියලා. මට මාර තරහක් ආවෙ එවෙලෙ.

මේකද මනුස්සකම? අපිට නම් කොහොමටවත් ඔහොම ඉල්ලීමකදි බෑ කියන්න හිතෙනවද? අපි ඉඳගෙන ඉන්න වෙලාවක නම් පුළුවන්නම් හිටගෙන ඉන්න කෙනෙක්ගෙ බෑග් එකක් ඉල්ල ගන්නවා මිස ඉල්ලීමක් කළාමත් බෑ කියන්න කොහෙත්ම හිතෙන්නෙ නැහැ. බලන්න ලංකාවෙම තවත් පිරිසකගෙ සිතුම් පැතුම් වල වෙනස. තමන් ගැන පමණක්ම සිතන ආත්මාර්ථය ඉහේ තියන් ඉන්න උන් ටිකක්.

යන්තම් කොහොම හරි පාපුවරුවෙ හිටිය තව කෙනෙක් මගේ බෑගය බලෙන්ම ඇතුලේ කෙනෙක්ට දුන්නා. දුර ගමන් යන දුම්රියක වින්දනය සඳහා පාපුවරුවේ ගමන් නොකරන බව තේරුම් ගන්න බැරි ඇයි?

සෑහෙන දුරක් ගියායින් පස්සෙ පොඩ්ඩක් පාපුවරුවෙන් ඇතුල් උනා. එතන අත දරුවෙක් වඩාගත් පිරිමි කෙනෙක් හිටගෙන ඉන්නවා. ඒ  අය කියනවා “කොළඹින් නැගලත් ඇතුලට යන්න ඉඩක් නැහැ. බෑග් එක දාගන්න ඉඩක් නෑ” කියලා. දරුවෙක් වඩාගෙන ඉන්න කෙනෙක් දුම්රියක හිටගෙන යාම විරල දසුනක්.

යන්න ඉඩ නැතිම තැන බිම තිබුණු බෑග් උඩ නැගගෙන තමා පේරාදෙණියට යනකම් ගියෙ.

අපි එන්න එනකොට මහනුවර දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර ගන්න අහනකොට “ටිකට් දෙන්නම් හැබැයි කොච්චියෙ සෙනඟ, ආයෙ රිටර්න් කරන්න බෑ” කීවා. එච්චරටම සෙනඟ නම් ඇයි අඩුවශයෙන් පොල්ගහවෙලට එනකම්වත් තව දුම්රියක් දාන්න බැරි?

මොනා උනත් තේරුම්ගන්න තියෙන්නෙ උත්සව කාලෙට දුම්රියේ දුර ගමන් ‍යෑම අවම කරන්න ඕනි කියන එක.

ඒක එහෙමයි කියමුකෝ. අද (19) විශ්ව විද්‍යාලයයට එන්නයි කියලා වෙනද වගේම මීරිගමින් 5.58 දුම්රියට නැග්ගා. ඔන්න වේයන්ගොඩදි ඒකෙ කාර්මික දෝශයක්. මේක ඩබල් සෙට් එකක්. තේරෙනවනෙ සෑහෙන පිරිසක් හිටපු බව. ඉතින් ඔන්න මේ දුම්රිය යන්නෙ නැති නිසා ඊලඟට ආපු දුම්රිය‍ට නැග්ගා. දැන් දුම්රිය දෙකේම සෙනඟ එකක. ඊගාවට ඒක නැවැත්තුවා ගම්පහ , ගණේමුල්ලෙ සහ රාගම. රාගමදි ඔන්න මේක අද්දන්නෙත් නෑ.

සමහර විට සෙනඟ හොඳටම වැඩි නිසා වෙන්නැති. ඉතින් මිනිස්සුන්ටත් හොඳටම තරහ ගිහින් ඉන්න වෙලාවනෙ. කට්ටියක් ගිහින් ගාඩ් මහත්තයට හොඳහැටි කථා කළා. ඔන්න ඉතින් ඒකෙනුත් හොඳ ප්‍රතිඵලයක් “පළමු වන වේදිකාවේ නවතා ඇති දුම්රිය කාර්මික දෝශයක් නිසා ප්‍රමාදවී ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සලකන්න” ඒ කාර්මික දෝශය ඇති උනේ කොහොමද කියල තේරෙනවනේ? කරුණාවෙන් තමා සලකන්න ඕන.

ඔන්න තව පවර්සෙට් එකක් ආවා. ඉතින් ගොඩක් අය ඒකට රිංගන්න හදනවා. අන්තිමට ඒක යන්නෙත් නෑ.

පස්සෙ ආපු පවර්සෙට් එකට මිනිස්සු නගින්න හදන හැටි

පස්සෙ ආපු පවර්සෙට් එකට මිනිස්සු නගින්න හදන හැටි

පින්තූරෙන් තේරුම්ගන්නකෝ කොච්චර සෙනඟක් හිටියද කියලා.

රාගම දුම්රිය ස්ථානයේ සෙනඟ

රාගම දුම්රිය ස්ථානයේ සෙනඟ

කොහොම හරි මේ දුම්රිය 2ම තියෙද්දි වෙන දුම්රිය 2ක් ආව යන්තම්. ඒ 2න් දෙවෙනි එකේ යන්තම් ගියා.

මරදානෙ ටිකට් එකතු කරන කෙනෙක් තව කෙනෙක්ට කියනවා ඇහුනා “අර මිනිහා මට හරකා කියලා බැන්නා” කියලා.

දාඩිය පෙරාගෙන කැම්පස් එකට යනකොට 9යි වෙලාව. (වෙනදට 7.50) අනේ මේ දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් අවුරුද්දේ පළමු දේශනයත් මට නැති කළා.


18 Comments

Bardo Flanks · April 20, 2010 at 4:10 pm

Shit. Looks like bloody India. What a shame.

Darshana · April 20, 2010 at 4:11 pm

කොච්චිවල වුනාම ඔහොම තමයි…ගනන් ගන්න එපා… ලොල්….
අයියේ, මේ‍ පොස්ට් එකේ පරන කමේන්ට්ස්සුත් පෙන්නනවානේ??

sanjboy · April 20, 2010 at 4:17 pm

Dear visitors,
I'm so sorry, there had been a problem with comments and now it is fixed. But the date of the post and the times of the last 2 comments has changed.
And now it's OK and keep on reading.
Thanks

    sanjboy · April 20, 2010 at 4:27 pm

    And also I must thank Prabhath and Sandun Madhawa for letting me know the problem and helping me to fix it.

Madhawa · April 20, 2010 at 4:34 pm

අපේ රටේ මිනිස්සු ගැන නම් කියල වැඩක් නැහැ බං…
ඔය බෑග් එක ගන්න බැහැ කියපු එකා හෙට foot board ගියා කියමුකෝ….
එදාට උගෙ බෑග් එක කවුරුහරි ගන්න බැහැ කිව්වොත් ඌත් මල පැනලා කෑ ගසාවි…
ඒත් කලින් ඌ කල වැඩේ උට මතක නැහැ….
ඔන්න අපේ සිරි ලාංකිකයගේ වත ගොත ….
හෙ හෙ හේ…..

    sanjboy · April 20, 2010 at 5:03 pm

    ඒක නම් ඇත්ත කථාව. එදාට තමා ඌට තේරෙන්නෙ.

Priyankara · April 20, 2010 at 10:24 pm

අඩේ මාත් හිටියා රාගම 4 වෙනී වේදීකාවේ තිබුන මීගමුවේ ඉදන් ආපු කොච්චියේ . අඩේ මාර සෙනක් නේ හිටියේ . එ මදීවට මේක එදා හෑමතෑනම නවත්තනත් කියලා කිව්වා . හෑබෑට මුන්ට තේරෙන්නේ නෑද්ද මන්දා හෑමතෑනම නෑවෑත්තුවට වෑඩක් නෑහෑ සෙනගට නෑගගන්න ඉඩක් නෑහෑ කියලා ! හෑබෑයී අපුරුවට මරදානේ නම් හිස් කොච්චී පුරවලා තීබුනා !

Danfun · April 20, 2010 at 6:06 pm

මල්ලි ඔව්වා ගනන් ගන්න එපා. මේක ඉතින් ලෝකෙන් උතුම් රටනෙ. ලඟදි ආශ්චර්යත් වෙන්නලු යන්නේ. පොඩ්ඩක් බලන් ඉන්නකො.

siripala · April 20, 2010 at 6:16 pm

meka ethin lankawane……. wediya hithanna apa….

mahaveera · April 21, 2010 at 12:54 am

මේවා ඉතින් ලංකාවේ (නො )මිනිස්සු ඉල්ලන් කන දේවල්.. මේක ලාංකිකයෝ කැමති විදිහ වෙන්න ඇති. ඒකනේ කිසිම වෙනසක් කොරගන්න ඕනේ කමක් නැත්තේ. බහුතරයකගේ විස්වාසය ඉපදීම දුකක් කියලනේ, ඉතින් ඉල්ලන් දුක් විදිනවා.
ෆින්ලන්තෙට අවාහම තමා තේරුනේ අපේ ෆින්බිම අපායක් කියලා. ඉන්න එවුනුත් යමපල්ලන්ට වඩා ලොකු වෙනසක් නැහැ. ලගදී ලංකාවට අවා මගේ මිත්‍රයෙක් එක්ක නිවාඩුවකට. ඇත්තටම අපේ රටේ තත්වේ ඉස්සරටත් වඩා පිරිහිලා. විදේශික මිත්‍රයා අහන ප්‍රශ්න වලට ලැජ්ජාවෙ පන යනවා.
මොනවා උනත් නීතියක්, රීතියක්, විනයක්, සදාචාරයක් නැති රටක්,සමාජයක් මේ තත්වෙන් වත් පවතින එක නම් ආසියාවේ විතරක් නෙමෙයි මේ මුලු තුන්ලෝකෙම ආශ්චර්යක්..
ලංකාවෙදී මම දැකපු විශේෂ දෙයක් තමා ජනාධිපති ගේ සිට මැති ඇමති, ත්‍රී වීල් කාරයො, බස්කාරයෝ දක්වා ඉන්න එකෙක් වත් රටේ පවතින නීතිය සත 5 කට ගනන් නොගැනීම.

Bardo Flanks · April 20, 2010 at 10:58 pm

Allow it to be privatised.

Niroshinie · April 21, 2010 at 1:41 am

ලංකාවෙ දේවල් නිතරම බහින කලාව. දියුණුවක් වෙන්නෙ ගොඩක් අඩුවෙන්…මම දැන් මෙල්බර්න් ඇවිත් සති දෙකයි – ගිය සතියෙ තමයි මුල් වරට කෝච්චියෙ ගියේ – යන්න ඕන තැන ලිපිනය තියෙනවනම් අන්තර්ජාලය හරහා නගින්න ඕන තැන් – බහින්න ඕන තැන් ඔක්කොම හොයා ගන්න පුලුවන්…එදා මම යන දවසෙ කෝච්චි පාර අලුත්වැඩියා කරනව – ඒක නිසා සමහර කෝච්චි නවත්තල. හැබැයි ඒවට බස් දාල හොදට කළමනාකරනය කරල තිබුන කිසිම අමාරුවක් වෙන්න නැතුව.
මේව දකින කොට අපේ රට ගැන දුකයි…

dinesh · May 2, 2010 at 12:32 pm

වෙලාවට ජපානෙට පැන ගත්තෙ.මොකද ලංකාව ඇතුලෙ ඉදගෙන ආශ්චර්ය බැලුවට පේන්නෙ නැති නිසා.තව අවුරුදු තුන කුත් මාස දහයකින් ආසියාවෙම ආශ්චර්ය වෙනව කියන්නෙ ශ්‍රි ලාංකිකයෙක් හැටියට කොච්චර ආඩම්බරයක්ද?මොකද දවසක් මට මරු වැඩක් උනා.මීට අවුරුදු පහකට විතර කලින් පොල්ගහවෙල කිට්‍ටුව යාන්ගල්මෝදර රේල්වේ ක්‍රොසින් එකේදි කෝච්චියකුයි ලේලන්ඩ් එකකුයි හැප්පුනා සමහරවිට මතක ඇති.ඒකෙදි බස් එක කෝච්චි පාරෙ මීටර් දෙසීයක් විතර ඇදිල ගිහින් තිබුනා.මම ඒ නිවුස් එක කම්පැනියෙ ජප්පෙකුට පෙන්නපු වෙලාවෙ ඌ අහපි ලංකාවෙ කෝච්චියි බසුයි යන්නෙ එක පාරෙමද කියල.උගෙ හිතේ ඒ තරමටම ලංකාවෙ තාක්ශනේ දියුනුයි කියල.මෙහෙ කෝච්චිවලනම් මාර සැප.

කුම්භකර්ණයා · May 2, 2010 at 1:46 pm

උඹ මොකටද ඒක ජපනට පෙන්නන්න ගියෙ? වැඩක් නැති වැඩක්නෙ. සෙතක් වෙනව නං කමක් නෑ. ලංකාවෙ වැරදි තියනව තමයි. ඉතිං ඕක කොහෙවත් ඉන්න පිට මිනිස්සුන්ට දීලා ඇති වැඩේ මොකද්ද?

dinesh · May 11, 2010 at 7:31 pm

උඹේ කතාව හරි.මම ඒක ඒ වෙලාවෙ එච්චර හිතුවෙ නෑ.අපි ඒ වෙලාවෙ කතා කර කර හිටියෙ ඇක්සිඩන්ට් ගැන.මම නිකන් එතකොට නෙට් එකේ ඌට ඒ නිවුස් එක පෙන්නුව.හිතල කරපු දෙයක් නෙමේ.

Thiwanka Wimalasuriya · February 14, 2018 at 8:03 am

ඔය බෑග් එක ගන්න බෑ කිව්ව කෙනා රජ පෙලපතකින් පැවත ගෙන එන එකෙක් වෙන්න ඕනේ.

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *