මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ.

මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න සෑහෙන වෙහෙසක් දරලා ඒ වෙහෙස මහන්සියෙ ප්‍රතිඵල ගැන වගේම චීවරධාරීන් පිළිබඳ යමකුත් කියන්නයි මේ හදන්නෙ.

මාර්තු මාසෙ විතර තමා ඉස්සෙල්ලාම පිරිත් පිංකමට වැඩ පටන් ගත්තෙ. පට්ටම් ගහලා, කැටයම් කපලා, රෙජිෆෝම් ගොන්නක් කපලා, වැඩ රාශියක් කරන්න උනා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක් නෙමෙයි මුළු batch එකම වෙහෙසුනා. කලා කටයුතු වලට විශේෂ දස්කම් තියෙන අය ප්‍රධානත්වය ගත්තා. අනිත් හැමෝම තමන්ට නියම වූ රාජකාරිය පමණක් නොවේ අනිත් හැමදේටම උදව් කළා ( තව පොඩ්ඩෙන් මේකෙ මට ලියන්න වෙන්නෙ මට කරන්න තිබ්බ දේ හැර අනෙක් ඒවට වැඩ කළා කියලා. දන්නෝ දනිති 🙂 )

කට්ටිය වැඩ

අපේ සමහර යාළුවෝ උදේ පාන්දරම කෙළින්ම එන්නෙ common room එකට. මහ රෑ වෙනකනුත් ඒකෙ වැ‍ඩ.

හැමදාම නැති උනත් සමහර දවස් වල common room එකේ හැරෙන්නවත් ඉඩක් නැහැ :).

මකර තොරණ

සමහරු නැවතිලා ඉන්න තැන් වලත් ‍පිරිතට වැඩ. හොස්ටල් එක ගැනත් ආයෙ කියන්න දෙයක් නෑනෙ.

ඉතින් ඔන්න ඔහොම වැඩ කරලත් අන්තිම තත්පරය වනතුරුත් කරන්න දේ තිබ්බා.

පිරිත් කොටුව හදමින්

කොහොම හරි හාමුදුරුවො වඩින වෙලාව වෙනකොට අපි සියල්ල අහවර කරලා.

හාමුදුරුවො පෙරහැරකින් වඩම්මාගෙන ආවෙ.

‍පෙරහැර

මකර තොරණ අවසන් නිර්මාණය

කැටයම් විශාල ගණනකින් සැරසුණු මඟ

ශ්‍රවණාගාරය ඉදිරිපස

ආරාධිතයන් පිළිගැනීම

චෛත්‍යයක් ලෙසින් නිමවුණු පිරිත් මණ්ඩපය

අපේ අයගෙ චිත්‍ර නිර්මාණ

තවත් ඡායාරූප :

අපේ වැඩේ අතිසාර්ථක උනා. අපි හැමෝටම දරාගන්න බැරි තරම් සන්තෝෂයක් තිබුනේ. ආචාර්යය මණ්ඩලයෙන් මෙන්ම විශේෂයෙන්ම අපේ අයියලා අක්කලා කියපු දේවල් නිසා පුදුම සතුටක් දැනුනා. අ‍පිට ආදර්ශයක් උනු අපේ අයියලගෙ අක්ක‍ලගෙ මූනු වලින් කථා බහෙන් අපි දැක්ක සතුට කියල නිම කරන්න බෑ. වැඩේ ඉවරවෙලා නිර්මාණ දිහා බලපුවාම අපිටම පුදුමයි. ‍ලඟින් යන අය තොරණේ ඡායාරූප ගනිද්දි, කවදාවත් කථා කරලා නැති අඳුරන්නැති අය සතුට ප්‍රකාශ කරද්දි ඇතිවෙන හැඟීම පුදුමාකාරයි.

ඒ වගේම පිරිත ඉවරවෙලා නිර්මාණ ක්‍රම ක්‍රමයෙන් ඉවත් කරද්දි පුදුම දුකක් දැනුනෙ.

අපේ උත්සාහය අති සාර්ථක වීම අපේ සිතේ නොමැකෙන මතක සටහනක් වේවි.

මේ පිළිබඳ ලියවුණු තවත් ලිපි :


    චීවරධාරීන්…….

    මේ කොටස අප සහෝදර සිසුවෙකුගේ ඉල්ලීම පරිදි ඉවත් කරන ලදී.


    අපි එකතු වෙලා අපේ වැඩේ හොඳට කළා. ඒ ගැන අපිට සතුටුයි.


    7 Comments

    Darshana · April 25, 2010 at 11:39 am

    වැඩේ සාර්තක ව නිම කිරීම ගැන අපෙනුත් සුභ පැතුම්…..

      sanjboy · April 25, 2010 at 11:47 am

      ස්තුතියි

    Nisala · April 25, 2010 at 6:41 pm

    අපි හැමෝගෙම උත්සාහය හා මහන්සිය නිසා පිරිත් පින්කම බොහොම හොඳින් කරන්න ලැබීම සතුටට කාරණයක්……
    ඒ වගේම අපට උපදෙස් දීපු ආචාර්‍ය මණ්ඩලයටත් අයියලාටත් අපගේ ස්තූතිය…..

    Sarath · April 25, 2010 at 1:27 pm

    Beautiful! Thank you for sharing!

    kushan · April 26, 2010 at 7:08 am

    machan apim karapu de gana anith ayawa danuwath karannath,sathuta bedaa gannath godak kaalaya kapa karala me karana de godak watinawa.eth puluwannam ara haamuduruwo gana daala thiyena tika rmv karapan.oya kiyana siddi walata matath muna denna una.eth api eka gana katha karala hith awul karaganne mokatada?ape yuthukam api hariyatama itu kalaane………..

    chirantha · April 26, 2010 at 2:41 pm

    hoda wadak karala thiyenne….. thanx meka dammata Sanjaya….. UCSC ekata magen suba pathum !

    මාධව · April 28, 2010 at 4:19 pm

    අපි කට්ට කාගෙන නිදි මරාගෙන වුණ මහන්සිය ගැන ඇත්තටම අපිට පොඩ්වත් දුකක් නැහැ. අපි හෙලපු දාඩිය බින්දු වල ප්‍රතිඵල අපිට පේනවා. ඇත්තටම අපේ වැඩේ අගයන UCSC නොවන මේ අයට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනි… ඒ වගේම අපේ අයියලා අක්කලා අපිට දීපු අභියෝගය අපිට තවම මතකයි. ” පුළුවන් නම් උඹල අපිට වඩා හොදට කරපල්ලා” . ඒ වඩන තමා අපේ හයිය වුණේ. අයියේ, ඔයාලගේ පිරිතට වඩා අපේ එක හොදයි කියන වචනේ අපිට එපා… අපි හැමෝටම අපි කළ දේ ලොකුයි. අපේ අයියලා අක්කලා අපිට කිව්වා “මල්ලී නංගී, උඹල හොදට කළා කියලා”. ඒ වචන ටික ඇති හොදටම… බොහොම ස්තුතියි… අපේ මහන්සිය ගැන ඇත්තටම සතුටුයි…
    මචන් සංජය …. , comment එක දිග වැඩි වුණා කොල්ලෝ… කරන්න දෙයක් නැහැ ඒකට…

    Leave a Reply

    Avatar placeholder

    Your email address will not be published. Required fields are marked *