English Translation of this post available here: http://blog.sanjaya.me/joomla-localization-post-in-english/

ඔබ ඕනෑ තරම් දැක ඇති භාෂා කිහිපයකින් නැරඹිය හැකි වෙබ් අඩවි. මෙසේ වෙබ් අඩවියක් සැකසීම බෙහෙවින් අමාරු යැයි ඔබට සිතෙන්නට ඇති. ‍එවන් අඩවියක් සැකසීම එහෙමකටම අමාරු වැඩක් නොවේ.
ඔබේ ජූම්ලා වෙබ් අඩවිය භාෂා 3න්ම ඉදිරිපත් කිරීම මහා අමාරු දෙයන් නොවේ. ජූම්ලා සමඟ භාෂා රාශියක් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. මාතෘකාවේ ත්‍රෛභාෂාවෙන්ම කියලා දැම්මේ ලංකාවේ අපි භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන් භාෂා 3ක් නිසා.
හරි. මේකට අපි පාවිචිචි කරන්නේ, ගොඩක් ප්‍රසිද්ධ JoomFish කියන Component එක. මේක localization සඳහා ඉතා පහසුවෙන් පාවිච්චි කරන්න් පුළුවන් Component එකක්.
(මම මේ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරන්නේ localhost හි jom නමින් ස්ථාපනය කරන ලද ජුම්ලා අඩවියක්.)
ඉස්සෙල්ලාම අපි මේ Component එක අපේ ජූම්ලා අඩවියට එක් කරගනිමු.

JoomFish

http://www.joomfish.net/downloads
මෙතැනින් JoomFish හි නවතම stable සංස්කරණය බාගත කරගන්න.

දැන් Joomla backend එකේ (http://localhost/jomdemo/administrator/) Extensions>> Install/Uninstall වෙතට පිවිසෙන්න.

Extensions >> Install/Uninstall

දැන් Browse බොත්තම භාවිතා කර බාගත කර File එක තෝරන්න. පසුව upload file & install බොත්තම ඔබන්න. දැන් JoomFish Component එක ස්ථාපනය වනු ඇති.

Install

දැන් මෙනුවේ Component යටතේ JoomFish යන්න දිස් වනු ඇති.

Front End එකේ (http://localhost/jom/) Search කවුළුව අසල එංගලන්ත කොඩිය දිස්වනු ඇති

Flag

දැන් අපි භාෂා පැකේජ ඇතුලත් කරගත යුතු වෙනවා. භාෂා පැකේජ මෙතැනින් ලබා ගන්න : http://community.joomla.org/translations.html

සිංහල:

http://joomlacode.org/gf/project/jtranslation/frs/?action=FrsReleaseBrowse&frs_package_id=3494

මෙහි ඇති si-LK.installation.zip, si-LK_joomla_lang_admin.1.5.15v1.zip, si-LK_joomla_lang_site.1.5.15v1.zip යන ගොනු 3ම ඉහත පරිදිම ස්ථාපනය කරගන්න.

දෙමළ:

http://joomlacode.org/gf/project/jtranslation/frs/?action=FrsReleaseBrowse&frs_package_id=3455

මෙහි ඇති ta-LK_joomla_lang_site.1.5.15.zip, ta-LK_joomla_lang_admin.1.5.15.zip යන ගොනු 2 පෙර පරිදි ස්ථාපනය කරගන්න.

දැන් භාෂා ඇතුලත් කරලා ඉවරයි.

Components >> JoomFish >> Language Configuration ( http://localhost/jom/administrator/index.php?option=com_joomfish&task=languages.show ) හි active යටතේ සිංහල හා දෙමල භාෂාවන් සඳහා Check Box තුළ හරි ලකුණ සඳහන් කර Save බොත්තම ඔබන්න.

දැන් Front End එකේ එංගලන්ත කොඩියට අමතරව “Sinhala (Sri Lanka)Tamil” ලෙස සටහන් වී ‍තිබෙනු ඇති. මේවා භාෂාවන් මාරු කිරීමට භාවිතා වනවා.

සිංහලෙන්

Sinhala (Sri Lanka)Tamil ලෙසින් අකුරින් දිස් වනු වෙනුවට අනන්‍ය රූපයක් පෙන්වීමට අවශ්‍ය නම් si.gif හා ta.gif ලෙස ඉමේජ 2ක්  ජූම්ලා ඉන්ස්‍‍ටෝල් කළ Folder එක ඇතුලේ ඇති components/com_joomfish/images/flags/ යන Folder එකට දමන්න.

මෙම ලින්ක් භාවිතා කිරීමේදී ඇති වන වෙනස නිරීක්ෂණය කරන්න. Articles, Menu items යනාදියේ කිසි වෙනසක් ඔබට දකින්නට නොලැබේවි. ඒවා අප අතින් Translate කළ යුතුය.

Translation

මේ සඳහා Components >>JomFish >> Translation වෙත යන්න. එහි වම් පස Language සඳහා Translate කළ යුතු භාෂාව ලබා දෙන්න. අපි Sinhala තෝරමු.

ඊට එහායින් ඇති ListBox එකේ අපිට Translate කළ හැකි දේවල් දිස්වනු ඇත. දැනට අපි Menus තෝරමු.

Translation Selection

දැනට තියෙන menu items list වේවි. ඒකෙන් Home කියන නම උඩ click කළාම translate කරන්න පිටුවක් ඒවි. ඒකේ Name යටතේ තියෙන Translation කියන box එකේ අපි මුල් පිටුව කියලා යොදලා දකුණු පස ඇති Pusblished කියන checkbox එකත් Check කරලා Save කරන්න. දැන් Front End එකේදි භාෂාව සිංහල කියලා මාරු කළාම වම්පස Main Menu එක බලන්න. වැඩේ හරි ගිහින් ඇති..

Menu after translation

දැන් ඔය උඩ රූපෙ ‍‍පේනවා ඇතිනෙ වෙලා තියෙන දේ. මම “Joomla! Community Portal” කියන artilce එකත් Translate කරනවා ඊගාවට. ඉස්සෙල්ලා විදියටම Content elements: ListBox එකෙන් Contents තෝරලා ඒකෙන් එන පිටුවෙන් Joomla! Community Portal article එක තෝරලා ඉස්සෙල්ලා වගේම Translate කරන්නම්. දැන් බලන්නකෝ:

After Translating the article

වැඩේ ගොඩ ‍නේද? 🙂

අනිත් ඒවත් translate කරන්න උත්සාහ කරන්න මේ විදියටම.

(Google Translate භාවිතයෙන් භාෂා ගණනාවකට ස්වයංක්‍රීයව පරිවර්තනය කරගැනීමට අවශ්‍ය Extension මෙතැනින් ලබාගන්න http://extensions.joomla.org/extensions/languages/automatic-translations )

තව ඉක්මනින් ලිය‍වෙන්න ඕනි මොනාද කියලා කියන්න ඉක්මනට

Sinhala (Sri Lanka)Tamil,Sinhala (Sri Lanka)Tamil,

33 Comments

Sandun Madhawa · November 4, 2010 at 10:23 pm

මචන් එලකිරි…..

වැඩේ නම් පට්ටයි….
Thanks
Keep it up 🙂

    Sanjaya · November 4, 2010 at 11:16 pm

    U r welcome.
    ඊගාවට ලියන්න ඕනි මොනාද කියලා කියන්න..

Namila · November 4, 2010 at 11:07 pm

WordPress wala sinhala blog ekakata mehema convert karaganna ewwa nadda??? 😀

shazanj · November 5, 2010 at 12:39 am

Wade ela Sanjaya. This will help alot 🙂 🙂

Geeth | ගීත් · November 5, 2010 at 8:46 am

නියමයි… දිගටම ලියන්න

අප්පුහාමී · November 5, 2010 at 9:56 am

දිගටම ලියන්න මළයෝ. මුල  ඉදන්ම කියන්න. මම ‍ඒතරම් දෙයක් දන්නෑ.

Thilini · November 5, 2010 at 10:10 am

ගොඩක් වැදගත් ලිපියක්….මටත් බොහොම ප්‍රයෝජනවත් උණා….  thank u bro.

Sanjaya · November 5, 2010 at 10:29 am

ස්තුතියි ප්‍රතිචාර වලට. දිගටම ලියන්නම්.

අනිවාර්යයෙන් නුදුරු අනාගතේදී මුල සිටම ලියන්නම්.

seka · November 6, 2010 at 11:32 pm

great work man….
Keep it up!!!!

shazanj · January 3, 2011 at 1:29 am

Adoo thanx alott this helped me lot!!!!!

පුණ්ණජී හිමි · January 5, 2011 at 2:53 pm

මමත් කොහොම හරි හදා ගත්තා ජුම්ලා සියිට් එකක් තව මේ ගැන කියලා දෙන්න ගොඩාක් පිං
පුළුවන් නම් මේ සයිට් එකේ ටෙම්ප්ලේට් මාරු කරන විදිය ගැනයි කියලා දෙන්න.
තව සිංහල වෙනුවට සිංහ කොඩිය දාන විදියි තව ටිකක් විස්තර කරන්න components/com_joomfish/images/flags/ යන Folder එක හොයා ගන්න දන්නේ නැ ඒක හොයන විදයි කියලා දුන්නොත් හරි.
තෙරුවන් සරණයි

buddhika · April 1, 2011 at 8:04 pm

ela kollo ela digatama aluth aluth dewal dapan machan

Peter · September 13, 2011 at 2:17 pm

thanks machooo sadun told me to take a look and its great….!!!!!!!!!!!!

Sampath · October 9, 2011 at 6:27 pm

Thanks man ..a life saver…

supun · May 30, 2012 at 10:39 pm

Deyyek newei, dewalayak… thanks. very useful malli. add those valuable stuffs again and again. good work. thumbs up.

Shanaka · July 12, 2012 at 3:50 pm

niyamai.Sanjaya.mama meka site ekakta demma.wede hari.sinhala module eka hadapu Rashan Anushka thanks karanna ona. 🙂

Chaminda de Silva · January 1, 2013 at 11:20 pm

ජූම්ලා 2.5 වල වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම හදන්නෙ කොහොමද

    Sanjaya · January 2, 2013 at 8:03 am

    ජූම්ලා 2.5 වලට JoomFish සහයෝගය දක්වන්නෙ නැති හින්දා මේ වගේ කොම්පොනන්ට් එකක් ට්‍රයි කරලා බලන්න
    http://extensions.joomla.org/extensions/languages/multi-lingual-content/18210

      Chaminda de Silva · January 2, 2013 at 10:35 pm

      පිළිතුරට ස්තුතියි , JoomFish දැන් ඩිවලොප් කරන්නෙ නැද්ද,

Rasika Perera · January 5, 2013 at 8:49 pm

tnx aiya, joom fish joomla 1.5 wala support na taama, Falang extenstion eka joomfish ekata hoda alternative ekak.

hasa · January 21, 2013 at 1:46 pm

aiyeeee……

ජූම්ලා 3.0 වල වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම හදන්නෙ කොහොමද…??
ගොඩාක් පිං……….

Buddhika Chathuranga · March 19, 2013 at 4:14 pm

thank u so much machan.loku amaruwaka wetila hitapu welawe goda demme.thank u soooooo mach

Nishantha · June 28, 2013 at 1:56 pm

ජූම්ලා 3.0 වල වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම හදන්නෙ කොහොමද – ඉකමනින් පිළිතුරක දෙනවා ද ??????????????????

Praneeth · October 1, 2013 at 11:20 pm

Thanks a lot..!!

rohan · October 9, 2013 at 12:37 pm

Machan wadenam Maxxaaa…

Google Site link dana widiha gana post ekek danna..

Priyanga · January 2, 2014 at 9:12 am

Excellent piece of work. Thank you very much.

Hirosh · May 25, 2014 at 4:42 pm

Thank u Sanjaya, This was very useful

shalika · June 18, 2014 at 8:49 am

Fatal error: Call to undefined method Joomla\Registry\Registry::getValue() in C:\wamp\www\tmp\install_53a1b56dba26b\jf-future-master\install.php on line 323

I installed the joomfish in my web design. but i unable to installed successfully. above mentioned error was i met . plz help me

malaka wickremasinghe · November 29, 2014 at 12:30 am

මේක ජූම්ලා 3.3 වලට එහෙම වැඩ කරන්නේ නෑනේ..මොකද එකට කරන්ඩ ඕනේ?

ranga · January 15, 2015 at 9:36 am

joomla 3.2 වලින් භාෂා 3න්ම හදාගන්න විදිහක් දන්නවානම් කියලා දෙන්න. please and thanks

Gaya · October 6, 2016 at 12:34 pm

ජූම්ලා 3. වලට සිංහල පැකේජ් එක ස්ථාපනය කරන්නෙ කොහොමද? පැකේජ් එකක් සොයා ගන්න නැහැනෙ. falang install කලා ඒත් සිංහල ගන්න නැහැ

ජූම්ලා ඉගෙන ගනිමු Let’s learn Joomla | Sanjaya's Open Diary · November 27, 2010 at 8:55 pm

[…] « අතීතය‍ට නොමැකෙන සටහනක් එක් කළ IFO++ ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to … […]

Leave a Reply to Chaminda de Silva Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *