Hello Friend

යාළුවෝ ??

උදව්වක් ගන්න විතරක් ඉන්න ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි දිරි ගන්වන්න බැරි ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන නුඹලා කොහොමද යාළුවෝ වෙන්නේ…….?

මිතුර

අද උඹ හිනා වෙනකොට, මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ.. දැනට කාලෙකට ඉස්සර, උඹ ඔලුව නවාගෙන, මූන ඇඹුල් කරගෙන, ඇස් රතු කරගෙන, දුකින් හිටපු හැටි…… ඒ කාලෙ මතක් වෙනකොට, අද උඹ ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ…. පුංචි දුකක් තියෙන්නෙ, එදා උඹ දුකින් බව ඉස්සෙල්ලාම කියන මට, අද උඹ Read more…

Restoring Lost GRUB

උබුන්ටු දාලා තියෙන පරිගණකයකට පස්සෙ වින්ඩෝස් දැම්මොත් GRUB එක නැති වී ගිහින්, පරිගණකය පණගැන්වූ විට කෙලින්ම වින්ඩෝස් වලට යනවා මිස උබුන්ටු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතින් මේකට අපි සාමාන්‍යයෙන් කරන්නෙ උබුන්ටු ආ‍යෙ දාන එක. නමුත් එහෙම කරන්න අවශ්‍ය නෑ. GRUB එක යළි පිහිටුවාගන්න පුළුවන්. මගේ තිබ්බෙ උබුන්ටු 10.04. පස්සෙ Read more…

Optimize Pinging in your WordPress blog

ඊයෙ උදේ ඉඳල ඉඳල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. ඔන්න හවස් යාමේ සයිට් එක වැඩ කරන්නෙ නෑ. අපේ වෙබ් හොස්ටින් යාලුවට කීවාම එයා මේ ගැන එයා හොස්ටින් අරන් තියෙන ආයතනයෙන් අහල මට මෙහෙම උත්තරයක් දුන්නා. මගේ සයිට් එක සස්පෙන්ඩ් කරලා ඒ හොස්ටින් ආයතනයෙන්, හේතුව SexyBookmarks plugin එක.. මේක අහපු මට හොඳටම Read more…

Set up WordPress multisite

සමහර විට ඔබට එකම ඩොමේනයක් යටතේ වර්ඩප්‍රෙස් අඩවි කිහිපයක් පිහිටුවාගැනීමේ අවශ්‍යතාව ඔබටත එන්න ඇති. සමහරවිට ඒ සඳහා වර්ඩිප්‍රෙස් කීප සැරයක් සැරයක් ස්ථාපිත කරන්න ඇති. වර්ඩ්ප්‍රෙස් 3.0 එන්න කලින් WordPress Mu (WordPress Multi User) (http://mu.wordpress.org/) කියලා වෙනම එකක් තිබ්බා සමහර විට දකින්න ඇති. එය භාවිතා වුනේ එක් ස්ථාපික කිරීමකින් අඩවි කිහිපයක් Read more…

පහුගිය ටිකේ මොකද උනේ?

මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය ටිකේ මුකුත් ලියන්න බැරි උනු එක ගැනත් ආසන්න දවස් කීපයක මේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක නොවීම ගැනත්.. මැයි 18න් පස්සෙ අද තමා ඔන්න ලිපියක් ලියන්‍න ‍හැකියාවක් ලැබුනෙ. ලිපි එකතු කරන්න බැරි‍ වෙන්න ප්‍රධාන හේතුව විභාග. ඒ එක්කම ලේසි පහසු නැති පැවරුම් (assignments). අපේ සහෝදර ‍සිසු සිසුවියන්ගෙ බ්ලොග් සමහරකත් Read more…

How to install Huawei E-1550 modem in Ubuntu 10.04

උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්‍රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්‍රශ්නයක් නැහැ Network Connections වල අලුත් Mobile Broadband සබඳතාවක් එකතු කරන්න ගියාම ලස්සනට  Huawei මොඩම් එක අඳුන ගෙන පෙන්නනවා(මොඩම් Read more…

UCSC පිරිත් පිංකම 2010 | UCSC Pirith Ceremony 2010

මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ. මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න සෑහෙන වෙහෙසක් දරලා ඒ වෙහෙස මහන්සියෙ ප්‍රතිඵල ගැන වගේම චීවරධාරීන් පිළිබඳ යමකුත් කියන්නයි මේ හදන්නෙ. මාර්තු මාසෙ විතර Read more…

දුම්රියේ ගමනාගමනය හා මනුස්සකම Traveling by Train and Humanity

මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්‍රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්. ඉස්සෙල්ලා කියන්නම් ගිය සිකුරාදා උනු ඇබැද්දිය ගැන. අපේ පරණ පාසල් මිතුරෝ කිහිප දෙනෙක් එක්ක එදා නුවර යන්න යොදාගෙන තිබ්බා. කලින් කීප සැරයක්ම Read more…

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම

මීරිගම නගරයේ ප්‍රධාන හිසතෙල් ගෑමේ උත්සවය වෙනද වගේම තිබ්බෙ මීරිගම සාසන වර්ධන ළදරු පාසල් පරිශ්‍රයේ. වෙනදා නම් මුතුහර ළමා සමාජයේ අවුරුදු උත්සවයයි හිසතෙල් ගෑමයි එකම දවසෙ කරන්නෙ. නමුත් මේ සැරේ හිසතෙල් ගෑමේ නැකත වෙනදට වඩා පහුවෙලා යෙදුනු නිසා අවුරුදු උත්සවයට වෙලාව මදි වෙන නිසා අවුරුදු උත්සව‍ය පැවැත්වෙන්නේ හෙට. ඒ නිසා Read more…