මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ.

මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න සෑහෙන වෙහෙසක් දරලා ඒ වෙහෙස මහන්සියෙ ප්‍රතිඵල ගැන වගේම චීවරධාරීන් පිළිබඳ යමකුත් කියන්නයි මේ හදන්නෙ.

මාර්තු මාසෙ විතර තමා ඉස්සෙල්ලාම පිරිත් පිංකමට වැඩ පටන් ගත්තෙ. පට්ටම් ගහලා, කැටයම් කපලා, රෙජිෆෝම් ගොන්නක් කපලා, වැඩ රාශියක් කරන්න උනා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක් නෙමෙයි මුළු batch එකම වෙහෙසුනා. කලා කටයුතු වලට විශේෂ දස්කම් තියෙන අය ප්‍රධානත්වය ගත්තා. අනිත් හැමෝම තමන්ට නියම වූ රාජකාරිය පමණක් නොවේ අනිත් හැමදේටම උදව් කළා ( තව පොඩ්ඩෙන් මේකෙ මට ලියන්න වෙන්නෙ මට කරන්න තිබ්බ දේ හැර අනෙක් ඒවට වැඩ කළා කියලා. දන්නෝ දනිති :) )

කට්ටිය වැඩ

අපේ සමහර යාළුවෝ උදේ පාන්දරම කෙළින්ම එන්නෙ common room එකට. මහ රෑ වෙනකනුත් ඒකෙ වැ‍ඩ.

හැමදාම නැති උනත් සමහර දවස් වල common room එකේ හැරෙන්නවත් ඉඩක් නැහැ :) .

මකර තොරණ

සමහරු නැවතිලා ඉන්න තැන් වලත් ‍පිරිතට වැඩ. හොස්ටල් එක ගැනත් ආයෙ කියන්න දෙයක් නෑනෙ.

ඉතින් ඔන්න ඔහොම වැඩ කරලත් අන්තිම තත්පරය වනතුරුත් කරන්න දේ තිබ්බා.

පිරිත් කොටුව හදමින්

කොහොම හරි හාමුදුරුවො වඩින වෙලාව වෙනකොට අපි සියල්ල අහවර කරලා.

හාමුදුරුවො පෙරහැරකින් වඩම්මාගෙන ආවෙ.

‍පෙරහැර

මකර තොරණ අවසන් නිර්මාණය

කැටයම් විශාල ගණනකින් සැරසුණු මඟ

ශ්‍රවණාගාරය ඉදිරිපස

ආරාධිතයන් පිළිගැනීම

චෛත්‍යයක් ලෙසින් නිමවුණු පිරිත් මණ්ඩපය

අපේ අයගෙ චිත්‍ර නිර්මාණ

තවත් ඡායාරූප :

අපේ වැඩේ අතිසාර්ථක උනා. අපි හැමෝටම දරාගන්න බැරි තරම් සන්තෝෂයක් තිබුනේ. ආචාර්යය මණ්ඩලයෙන් මෙන්ම විශේෂයෙන්ම අපේ අයියලා අක්කලා කියපු දේවල් නිසා පුදුම සතුටක් දැනුනා. අ‍පිට ආදර්ශයක් උනු අපේ අයියලගෙ අක්ක‍ලගෙ මූනු වලින් කථා බහෙන් අපි දැක්ක සතුට කියල නිම කරන්න බෑ. වැඩේ ඉවරවෙලා නිර්මාණ දිහා බලපුවාම අපිටම පුදුමයි. ‍ලඟින් යන අය තොරණේ ඡායාරූප ගනිද්දි, කවදාවත් කථා කරලා නැති අඳුරන්නැති අය සතුට ප්‍රකාශ කරද්දි ඇතිවෙන හැඟීම පුදුමාකාරයි.

ඒ වගේම පිරිත ඉවරවෙලා නිර්මාණ ක්‍රම ක්‍රමයෙන් ඉවත් කරද්දි පුදුම දුකක් දැනුනෙ.

අපේ උත්සාහය අති සාර්ථක වීම අපේ සිතේ නොමැකෙන මතක සටහනක් වේවි.

මේ පිළිබඳ ලියවුණු තවත් ලිපි :


    චීවරධාරීන්…….

    මේ කොටස අප සහෝදර සිසුවෙකුගේ ඉල්ලීම පරිදි ඉවත් කරන ලදී.


    අපි එකතු වෙලා අපේ වැඩේ හොඳට කළා. ඒ ගැන අපිට සතුටුයි.