Posts tagged UCSC

Robot

Sign Following Robot අපේ තෙවන වසර ව්‍යාපෘතිය

19

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්‍රේනින් එකකට යනවා සොෆ්ට්වෙයාර් කම්පැනියක මාස 6කට.

කොහොම්න් හරි පහුගිය ටිකේ හරියට වැඩ තිබ්බා. නොනගතෙත් කෝඩින් ….. මේ අපි මහන්සි උනේ 3 වෙනි වසර ගෘප් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන්. සෑහෙන මහන්සියක් දරලා අන්තිමට ගොඩක් හොඳ දෙයක් අපිට එළි දක්වන්න පුළුවන් උනා.

 

UCSC එකේ CS කරන අපිට 3 වෙනි වසරෙ පළමු සෙමෙස්ටරේදි ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් මේකට අපි යාළුවෝ 5 දෙනෙක් සෙට් උනා. කණ්ඩායමේ අනිත් අය තමා පසිඳු මලින්, මනුප්‍රිය බානු, යුවකාන්ත් සහ මනෝජ් බුද්ධික. ඉතින් මුලදි මාතෘකාවක් හොයාගන්න ටිකක් අමාරු උනත් අන්තිමට අපිට හොඳ මාතෘකාවක් හොයාගන්න පුළුවන් උනා. අහපු හැමෝම වගේ මේක ගොඩක් අමාරු වෙයි කියලා අපිට කිව්වත් අපි වැඩේ අතෑරියේ නෑ.

 

පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ මොකක්ද මේක කියලා. අපි නම දැම්මේ “Sign Following More >

Media Competition

Media Editing Workshop Ends Successfully | Behind the scene….

8

මීට පෙර ලිපියෙන් මම කීවා මතක ඇති මාධ්‍ය සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් ගැන. කියන්න බොහොම සතුටුයි ඉතාම සාර්ථකව වැඩමුළුව පවත්වන්න හැකි උනා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඒ ලිපිය බලලම ආපු අයත් හිටියා. පුදුම සතුටක් දැනුනා කට්ටිය එක්ක කථා කරද්දී. දවස් දෙකම සලකද්දි 350ක් 400ක් වගේ පිරිසක් සයභාගී වෙලා තිබ්බා වැඩමුළු වලට.

මුල ඉඳන් කථාව කියන්නම්කෝ. මේක ඉස්සෙල්ලාම සංවිධානය වුනේ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟයට උදව්වක් වශයෙන්. වැඩමුළුව ගැන විස්තර කියලා ආසන වෙන් කරගන්න කියලා මම ඉන්ටර්නෙට් සම්පත් භාවිතය රේඩියෝ වැඩසටහනේ කියපු වෙලේ ඉඳන්ම මටයි මාධවටයි දුරකථන ඇමතුම් එන්න ගත්තා. මම එවේලේ SLBC එකේ මැදිරියේ සිටි නිසා ආපු එක දුරකථන ඇමතුමකටවත් උත්තර දෙන්න බැරි වුනා. වැඩසටහන මෙහෙයවන ජයසිංහටත් මම පෙන්නුවා එන ඇමතුම් ප්‍රමාණය. එවෙලේ නම් මාධවට සෑහෙන්ට ඇමතුම් එන්න ඇති මොකද මම එකක්වත් ගන්නේ නැති හින්දා.

මුලදී මේ වැඩමුළුව සංවිධානය කරන්න හිටියේ අපි 5 දෙනෙක් විතරයි. මම, මාධව, අනිල්, Shazan, හා ප්‍රනීත් මල්ලි. පෝස්ටර් සකස් කරන තැනේ ඉඳලා More >

compsoc_media_editing_workshop_and_competition

Audio/Video/Image Editing පිළිබඳ නොමිලේ වැඩමුළුවක්

3

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය විසින් ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව සංවිධානය කළ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟාවලියට උදව්වක් වශයෙන්. ඒ ගැන පස්සෙ දවසක ආයෙ කියන්නම්කෝ….

 

කැමති ඕනෙම කෙනෙක්ට මේකට සහභාගි වෙන්න පුළුවන්, වයස් භේදයක් නෑ. හැබැයි ඉඩකඩ ටිකක් සීමිත නිසා කලින් ආසනයක් වෙන් කරගන්න වෙනවා.

 

ඔක්තෝබර් 4 හා 5 දවස් දෙකේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතන (UCSC) පරිශ්‍රයේදී උදේ 9 ඉඳන් 5 වෙනකන් මේ වැඩමුළු පැවැත්වෙනවා. ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳව වෙන වෙනම වැඩමුළු 3ක් පළමු දවස පුරාම පැවැත්වෙනවා. ප්‍රායෝගිකව අත්හදා බලමින් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒ වැඩමුළු 3මයි 5 වෙනිදත් පැවැත්වෙන්නේ. ඒ හින්දා කැමති නම් 4 වෙනිදට එක වැඩමුළුවකට ඉඳලා පස්සෙ දවසේ වෙන එකකට ඉන්න පුළුවන්. එක් කෙනෙක්ට උපරිම වශයෙන් අංශ 2කට තමා මේ විදියට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ..

 

පාසැල් වලට දැනටමත් ලිපි මඟින් දැනුම් දීලා තියෙනවා. මේ වෙනකොටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කලින් අපි More >

මේ එදා හිටපු අය‍ගෙන් කීපදෙනෙක්

කළු බලකාය @ ගම්පහ Kalu Balakaaya @ Gampaha

6

කළු බලකාය කියල කීවට මේ කියන්න යන්නෙ දේශපාලනය‍ට කොහෙත්ම සම්බන්ධ නැති UCSC එකේ, පළමු වසර කණ්‍ඩායමක් ගම්පහ ස්ටිකර් විකුණූ හැටි.

ස්ටිකර් විකුණලා ආධාර එකතු කරන්නේ ඇයි කියලා කලින් බ්ලොග් ස‍ටහනේ කීවානේ. ඉතින් අපි 13 දෙනෙක් තමා එකතු උනේ පහුගිය සෙනසුරාදා ගම්පහට. ඉස්සෙල්ලාම පොලිසියෙන් අවසර ගත්තා. ඊ‍ට පස්සෙ තමා වැඩේට බැස්සෙ. බොහොම විනෝදජනකයි කට්ටිය එක්ක මේ වැඩේ කරන එක. අමිත් පුස්සැල්ල, තිස්ස ජනනායක, ආන්නද කළුආරච්චි, නිලන්ත ජයසූරිය යන ගුරුවරුන්ගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුනා. ඒ ගුරුවරුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි. ඇත්තම කියනවනම් අපේ වැ‍ඩේ හිතුවට වඩා සාර්ථක උනා.

මේ එදා හිටපු අපේ අය,

ජනිත,මාධව, ඉන්දික,අරුණි, චමිල, රුවන්දික, චතුර, නිසල, සඳුන්, ඕෂධ, රුවන්, සු‍මේධ

මේ එදා හිටපු අය‍ගෙන් කීපදෙනෙක්

තවත් ඦායාරූප මෙන්න.

දුටු තැන මිල දී ගනු ! Buy at first sight !

9

බය වෙන්නෙපා මාතෘකාව දැක්කම. කාරුණික ඉල්ලීමක් කරන්නයි හදන්නෙ.

Don’t be amazed seeing the title. Going to do a kind request.

Sticker1

Sticker2

Sticker3

Above are just samples.

UCSC 1st Year අපි, 2010 මාර්තු 28 ‍වෙනිදා පිරිත් පිංකමක් කරන්නයි සූදානම. ඉතින් ඒක‍ට ආධාර එකතු කරගන්න අපි ස්ටිකර් කිහිපයක් ගහල තියෙනවා. හෙ‍‍‍ට හා අනිද්දා ( 06, 07) ලංකාවෙ නගර කිහිපයකදිම මේවා අලෙවි කරන්න සුදානම් කරලා තියෙනවා. අපි හෙට ගම්පහ පැත්තෙත් එනවා. මේ සද් කාර්යයට ඔබ සියලු ‍දෙනා දායක වෙන්න.

තවත් තොරතුරු ලඟදිම කියන්නම්.

We, as UCSC 1st Year students, are organizing a Pirith Ceremony.This is an annual function in UCSC. This time it is planned to hold on 28th March. So we have decided to sell stickers to collect funds for this. Stickers will be sold in major towns in Sri Lanka on 7th and More >

Go to Top