සමහර විට ඔබට එකම ඩොමේනයක් යටතේ වර්ඩප්‍රෙස් අඩවි කිහිපයක් පිහිටුවාගැනීමේ අවශ්‍යතාව ඔබටත එන්න ඇති. සමහරවිට ඒ සඳහා වර්ඩිප්‍රෙස් කීප සැරයක් සැරයක් ස්ථාපිත කරන්න ඇති.

වර්ඩ්ප්‍රෙස් 3.0 එන්න කලින් WordPress Mu (WordPress Multi User) (http://mu.wordpress.org/) කියලා වෙනම එකක් තිබ්බා සමහර විට දකින්න ඇති. එය භාවිතා වුනේ එක් ස්ථාපික කිරීමකින් අඩවි කිහිපයක් සාදාගෙන වෙන වෙනම පහසුවෙන් භාවිතා කිරීමට. දැන් WordPress Mu කියලා වෙනම එකක් නැහැ. ඒ වෙනුවට වර්ඩ්ප්‍රෙස් 3.0 ඉඳන් සාමාන්‍ය වර්ඩ්ප්‍රෙස් පැකේජය සමඟම multisite අංගයත් එනවා. නමුත් මෙය පිහිටුවාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා.

වර්ඩ්ප්‍රෙස් 3.0ට පසු සංස්කරණයක් පිහිටුවාගැනීමෙන් අනතුරුව පහත පරිදි මෙය සිදු කරගත හැකියි.( වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කිරීම පිළිබඳව ලියන්න ඕනේ නෑ නේද? )

(http://demo.sanjaya.me යටතේ වර්ඩ්ප්‍රෙස් 3.1 ඉන්ස්ටෝල් කර එහි multisite ස්ථාපිත කළ ආකාරය පහත දැක්වෙනවා. localhost වල මෙය සිදු කිරීමට ගත් උත්සාහය නම් හරිගියේ නෑ)

ඉස්සෙල්ලාම wordpress root එකේ wp-config.php කියන ෆයිල් එකේ අගටම පහත පේලිය එක් කරගන්න.

<code lang=”php”> define(‘WP_ALLOW_MULTISITE’, true); </code>

More >