උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්‍රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්‍රශ්නයක් නැහැ Network Connections වල අලුත් Mobile Broadband සබඳතාවක් එකතු කරන්න ගියාම ලස්සනට  Huawei මොඩම් එක අඳුන ගෙන පෙන්නනවා(මොඩම් එක සම්බන්ධ කර ඇති විටකදි). හැබැයි එහෙම සබඳතාවය හදාගත්තත් විවිධ ගැටළු තිබ්බා. කොහොම හරි අන්තර්ජාලයට සම්බන්ධවත් වෙනවනෙ. ඒත් දැන් මොනා කරන්නද. ඉස්සර SLT පාවිච්ච් කරනකොට Ubuntu with no Internet වගේමයි දැනුත් (ඒ කාලෙ තිබ්බ ProLink H9601 මොඩම් එක පාවිච්චි කරලා Ubuntu වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ගොඩක් අමාරුයි. බැරි නැහැ. මම එහෙම සම්බන්ධ වෙලත් තියෙනවා. නමුත් අමාරුයි).

ටිකක් හොයලා බැලුවා ඇයි මේ කියලා. අපි දන්නවනේ ඔය ගොඩක් HSDPA USB මොඩම් windows වලදි පරිගණකයට සම්බන්ධ කළාම Virtual CD ROM එකක් ලෝඩ් වෙනවා. ඒකට කියන්නෙ ZeroCD කියල. windows වලදි නම් drivers නැත්තම් drivers ඉන්ස්ටෝල් වෙනවා. කලින් drivers ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් අන්තර්ජාල සබඳතාවට අදාල More >