කලින් ලිපියට සති 2කට පස්සෙ මේ ලිපිය එකතු වෙන්නෙ. කලින් ලිපියෙ ඉතිරි ටික ඊලඟට ලියවෙන්න ඕන නිසාත් ඒක ‍ටිකක් දිග කථාවක් නිසාත් තමා මේ ලිපිය ලියන්න පටන් ගන්න ටිකක් පරක්කු උනේ මොකද මේකෙ දිග මතක් වෙනකොට කම්මැලි හි‍තෙනවා පටන් ගන්න.

හරි මම කීවානෙ “ලැප ගත්තු ‍කඩේ එක්කත් කොක්කක් වැටුනා” කියලා ඒක තමා මේ කියන්න යන්නෙ.

ලැප අරන් ටික දවසකින් පොඩි ගැටලුවක් මතු උනා. මේකෙ තියෙන‍වා ටච් බට්න් වගයක් සද්දෙ අඩු වැඩි කරන්න, මීඩියා ප්ලේයරය පාලනය කරන්න ‍එහෙම. අරන් ටික දවසකින් සද්දෙ එකපාරට වැ‍ඩි වෙන්න උනා වෙලාවක. මාර කේස් එක දැන් මොකෝ කරන්නෙ. ටච් බට්න් තියෙන හරිය පිහල එහෙමත් බැලුවා. ගෙනාපු දවස් වලම වින්ඩෝස් 7 දැම්මා ඒක එක්ක ආපු විස්ටා මට හරියන්නැති නිසා. මේ ගැටඵවට මෙහෙයුම් පද්ධතියෙනුත් බලපෑමක් නැහැ උබුන්ටු වලදිත් ‍මෙ‍හෙමම උනා.

HP DV6-1030US - මෙන්න ඒ ලැප

ගැටළුව ගැන තවත් කියනවානම් මේ ප්‍රරශ්නෙ එන්නෙ ටිකක් රත් උනාම. අපරාදෙ කියන්න බෑ රත් වෙන එක More >