ඡන්දෙට කලින් මේ ලිපිය දාන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා ඔන්න ඡන්‍ද විමසීම ඉවර උනාමම දැම්මා. කථා කරලා වැඩක් නැති මාතෘකාවක කථා කරන්න හිතුනු දේවල් ටිකක් මේ.

ටියුෂන් හටන් සහ ඡන්දය.

ඉස්සෙල්ලාම කියන්න යන්නෙ කළුආරච්චි සර් ගැන. මතක ඇති කාලෙකට ඉස්සර බර යූඇන්පී කාරයෙක්නෙ. දුෂ්‍යන්ත මහබදුගේ සර් එක සැරයක් කීවා ” රනිල් යූඑන්පී එක දාල ගියත් කළුආරච්චි සර් නම් යූඑන්පී දාල යන‍්නෙ නෑ ” කියල. ඒත් පහුගිය ජනාධිපතිවරණ සමයෙ අපි දැක්කා රූපවාහිනියෙන් ගම්පහ පන්ති කරන තවත් සර්ල කීප දෙනෙක් එක්ක එ.ජ.නි.ස.යට පක්ෂව ‍පෙනී ඉන්නවා. අපි මේගැන කථා කලා ගම්පහ ස්ටිකර් විකුනන්න ගිය වෙලේ. සර් කීවා මෙහෙම. “අපි දේශපාලනයට ආවේ සල්ලි හොයන්න නෙවේ, තියෙන සල්ලි ටික වියදම් කරන්නනෙ. ගම්පහ සමහරුන්ට තැන් 2,2 තියෙනවා සංවිධායක විදියට. ඉතින් මාත් රනිල්ගෙන් ඉල්ලුවා සංවිධායකකමක්, අපිටත් ගිහින් මිනිස්සු හමුවෙලා මිනිස්සු එක්ක කථා කරලා මේක කරන්න. ඇයි ලමයි, දේශපාලනේ කරනවනම් හරියට කරන්න ඕනි. රනිල් අදිමදි කලා. මම එහෙනම් තියාගනින් කියල එන්න ආව. දැන් මේ More >