Posts tagged මිතුදම

යාළුවෝ ??
6ජයග්රහණයකදි සතුට ප්රකාශ කරන්න බැරි
දිරි ගන්වන්න බැරි
ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන
වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන
නුඹලා කොහොමද යාළුවෝ වෙන්නේ…….?
Google+
මිතුර
7අද උඹ හිනා වෙනකොට,
මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ..
දැනට කාලෙකට ඉස්සර,
උඹ ඔලුව නවාගෙන,
මූන ඇඹුල් කරගෙන,
ඇස් රතු කරගෙන,
දුකින් හිටපු හැටි……
ඒ කාලෙ මතක් වෙනකොට,
අද උඹ ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ….
පුංචි දුකක් තියෙන්නෙ,
එදා උඹ දුකින් බව ඉස්සෙල්ලාම කියන මට,
අද උඹ සතුටින් බව කියන්න අමතක උනු එකට….
Google+ඇණය හා පරාලය
19
ලඟින්ම තිබ්බ පරාලයකට ඇණයක් වැදුනා….
එවෙලෙ ඇණේ ගහපු කෙනා ගැන පුදුම තරහක් ඇති වුණේ….
මේ පරාලෙටත් ඇණයත් වැදුනෙ කවදාවත් නොහිතූ විදියට….
තියුණු තුඩේ වේදනාව දරා ගත්තෙ පුදුම අමාරුවකින්
පරාලයක් උනාම කවද හරි ඇණයක් වදිනවනෙ කියල හිතාගෙන….
ඒත් දවස් 10ක් 11ක් වගේ පොඩි කාලෙකින්
බලන් ඉද්දිම
මේ ඇණේ දරුණුවටම මලකඩ කයි කියල කවුද හිතුවෙ….
ඒ වේදනාව කොහොමද දරන්නෙ….
ඇණේ ගහපු කෙනාට ඒවා දැනෙන් නෑනෙ….
ඔන්න ලඟින් තිබ්බ තව ඇණයක් වැදුණු පරාලයකත් මේ වගේ දෙයක් වෙලා….
කවුද මේවට වගකියන්නෙ ?