ඊයෙ උදේ ඉඳල ඉඳල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. ඔන්න හවස් යාමේ සයිට් එක වැඩ කරන්නෙ නෑ. අපේ වෙබ් හොස්ටින් යාලුවට කීවාම එයා මේ ගැන එයා හොස්ටින් අරන් තියෙන ආයතනයෙන් අහල මට මෙහෙම උත්තරයක් දුන්නා. මගේ සයිට් එක සස්පෙන්ඩ් කරලා ඒ හොස්ටින් ආයතනයෙන්, හේතුව SexyBookmarks plugin එක..
මේක අහපු මට හොඳටම අප්සෙට්. ඇයි අනේ සෑහෙන කාලයක් පාවිච්චි කරපු මෙච්චර ලෝකප්‍රසිද්ධ plugin එකක් ගැන මෙහෙම කියනකොට.. හේතුව කියලා තියෙන්නෙ මෙහෙමයි
“this file is generating pings on server ” ඉතින් හරි වැඩක්නෙ ඒක…..කොහොම හරි අපේ යාලුවාම මේකට විසඳුමක් හොයලා දුන්නා.

cbnet Ping Optimizer plugin එක.

දැන් තමා වැඩේ තේරුනේ. Plugin එකේ description එකේම කියලා තියෙනවා විස්තරේ අගේට. මේ කියන හැටියට wordpress වලදී අපි අලුතින් blog post එකක් දැම්මම,  ping වෙනවා අදාල පින්ග් සර්විසස් වලට. ඒකෙන් සර්ච් එන්ජින්ස් දැනගන්න‍වා අපේ බ්ලොග් පෝස්ට් එක ගැන ලේසියෙන්ම. නමුත් wordpress වලදි අපි post එකක් edit කරන හැම වෙලේකමත් මේ ping වීම සිදු වෙනවා. ඒක එක අතකට අනවශ්‍ය වැඩක් වෙන්න පුළුවනි.

සර්වර් එකකින් මෙහෙම වෙන ping service එකකට අනවශ්‍ය ලෙස ping කරද්දි ඒ සර්වර් එකේ ip එක spam ip එකක් ලෙස ping service විසින් හඳුනගත්තොත් ලෙඩ ගොඩයි. ඉතින් web hoster කෙනෙක් ඒකට කැමති නෑනෙ.

හරි කොහොම හරි මේ කියන plugin එකෙන් එහෙම අනවශ්‍ය ping කිරීම් නවත්වනවා. Blog post එකක් දාපු වෙලේට පමණයි ping කිරීම සිදුවන්නේ. ඒ වගේම ping කිරීම සීමා කිරීමත් මේකෙන් කරන්න පුළුවනි ( උදා: විනාඩි 15කට උපරිම වශයෙන් ping කිරීම් 1ක් ආදී ලෙස).

කෝකටත් කියලා මේක දාගන්න එක හොඳයි මම හිතන්නෙ.

මේ ගැන පැහැදිලි කරලා plugin එකත් හොයලා දීපු අපේ යාළුවට මගේ ස්තුතිය

cbnet Ping Optimizer


2 Comments

Mr.Ekenma · August 15, 2010 at 12:32 am

ඔහොම එකක් මට කීවෙ නැහැ නෙව.. ස්තූතී දැනුවත් කිරීමට.. මමත් දා ගන්න ඕන ඔය ප්ලගින් එක 🙂

Sanjaya · August 15, 2010 at 12:40 am

මේකෙ තියෙනවා pinging ගැන හොඳ විස්තරයක්
http://www.solidblogger.com/what-is-pinging-get-updated-list-of-60-ping-services/

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *