උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්‍රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්‍රශ්නයක් නැහැ Network Connections වල අලුත් Mobile Broadband සබඳතාවක් එකතු කරන්න ගියාම ලස්සනට  Huawei මොඩම් එක අඳුන ගෙන පෙන්නනවා(මොඩම් එක සම්බන්ධ කර ඇති විටකදි). හැබැයි එහෙම සබඳතාවය හදාගත්තත් විවිධ ගැටළු තිබ්බා. කොහොම හරි අන්තර්ජාලයට සම්බන්ධවත් වෙනවනෙ. ඒත් දැන් මොනා කරන්නද. ඉස්සර SLT පාවිච්ච් කරනකොට Ubuntu with no Internet වගේමයි දැනුත් (ඒ කාලෙ තිබ්බ ProLink H9601 මොඩම් එක පාවිච්චි කරලා Ubuntu වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ගොඩක් අමාරුයි. බැරි නැහැ. මම එහෙම සම්බන්ධ වෙලත් තියෙනවා. නමුත් අමාරුයි).

ටිකක් හොයලා බැලුවා ඇයි මේ කියලා. අපි දන්නවනේ ඔය ගොඩක් HSDPA USB මොඩම් windows වලදි පරිගණකයට සම්බන්ධ කළාම Virtual CD ROM එකක් ලෝඩ් වෙනවා. ඒකට කියන්නෙ ZeroCD කියල. windows වලදි නම් drivers නැත්තම් drivers ඉන්ස්ටෝල් වෙනවා. කලින් drivers ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් අන්තර්ජාල සබඳතාවට අදාල වැඩසටහනක් රන් වෙනවා.

මේ කොහොම උනත් Ubuntu වලදි මේ මොඩම් වල drivers මෙහෙයුම් පද්ධතිය සමඟම එනවා. මේ නිසා drivers ඉන්ස්ටෝල් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඔය මොඩම් වල ZeroCD කියක එක අබල (disable) කරන්න ඕනෙ මොඩමයක් විධියට පාවිච්චි කරන්න පෙර.

මේකට ඉස්සෙල්ලාම Ozerocdoff ඉන්ස්ටෝල් කරගන්න ඕනෙ. මෙන්න ඊට උදෙස් . මෙතනින් බාගන්න අවශ්‍ය ගොනු.

වෙන අන්තර්ජාල සබඳතාවක් තිබේ නම්
sudo apt-get install udev-extras
කියලා Terminal එකේ ගහලත් ඔය වැඩේම කරගන්න පුළුවන්.

හරි කොහොමහරි ඉන්ස්ටෝල් කරගෙන ඊගාව පියවර මෙහෙමයි.

udev rule එකක් එකතු කරන්න මෙහෙම

{code} gksu gedit /etc/udev/rules.d/15-huawei-e1550.rules {/code}

අපිට කියන්න ඕනෙ මොඩම් එක පරිගණකයට ඇතුලත් කළාම එහි mode එක මොඩමයක් ලෙස වෙනස් කරන්න කියලනෙ.

ඉහත command එකෙන් එන gedit window එකේ මේ code එක යොදලා ගොනුව සුරකින්න.
{code}
SUBSYSTEM==”usb”,
SYSFS{idProduct}==”1446″,
SYSFS{idVendor}==”12d1″,
RUN+=”/lib/udev/modem-modeswitch –vendor 0x12d1 –product 0x1446 –type option-zerocd”
{/code}

gedit

gedit

දැන් වැඩේ හරි. මොඩමය ගහලා අලුත් සබඳතාවයක් එක් කරන්න යනවිට මොඩමය හඳුනාගෙන තිබෙනු පෙනේවි.

Modem Detected

Modem Detected

අලුත්ම කෙනෙක්ට මෙන්න අලුත් සබඳතාවයක් එක් කරන ආකාරය

System > Preferences > Network Connections > Select Mobile Broadband Tab > Add > Select Modem > Select Country > Select Provider > Select Plan ( Or choose “My Plan is not Listed ” and add the APN in the box below – for Mobitel: mobitel3g ) > Apply

Network Connections

Network Connections

Step 1

Step 1

Step 2

Step 2

Step 3

Step 3

Step 4

Step 4

Step 5

Step 5

දැන් Network Icon එක click කරලා සබඳතාවයේ නම මත click කළාම අන්තර්ජාල සබඳතාව ගොඩනැඟේවි.

Network Icon

(ඔන්න මේක තමා Ubuntu වල ඉඳන් ලියපු පළමු බ්ලොග් ලිපිය. Ubuntu වල සිංහල හරිගස්සගන්නත් ටික වෙලාවක් ගියා. දැන්නම් Ubuntu වලදි Windows වලදීටත් වඩා ලස්සනට සිංහල යුනිකෝඩ් පේනවා වගේ.

In Windows

In Windows

In Ubuntu

In Ubuntu

)


22 Comments

මාධව · May 5, 2010 at 7:01 pm

අනේ වෙලාවට අපේ සංජයට Ubuntu වලට අන්තර්ජාල පහසුකම් හදා ගන්න පුළුවන් වුනේ….. අනේ අප්පේ ඉතින් net නැහැ කියන්නේ සංජයට කෑම වේලක් නැහැ වගේනේ…..

    Sanjaya · May 5, 2010 at 7:12 pm

    ඒක ඇත්ත 🙂 .. ඉස්සර Ubuntu පාවිච්චියට නොපෙළඹෙන්න ප්‍රධාන හේතුව ඕක. තව හේතුවක් Dreamweaver වලට alternative එකක් Ubuntu වලට හොයාගනන්න බැරි වීම.

කණිෂ්ක · May 5, 2010 at 7:20 pm

හොර ගෙඩියා.. පොටෝ සොප් වලිං වින්ඩෝස් පොටෝ එකට කෙලවලා උබුන්‍ටු පොටෝ එක ලස්සන කොරා නේද.. අහු වෙයංකො 😀 වින්ඩෝස් හතේ නං ඉතිං ඕකට ක්ලික් දෙකයි 😛

    Sanjaya · May 5, 2010 at 7:23 pm

    අනේ නෑ……
    හැබැයි ඔක්කොම ෆොටෝ ටික crop කොලේ නම් PhotoShop වල තමා. වින්ඩෝස් වල Screenshot එකේ පොඩ්ඩක් blur කළා BookMarks ටික ඊට වඩා මුකුත් edit කොලේ නෑ ඔන්න.

kaveesha · May 5, 2010 at 9:24 pm

h9601 yana hatith me wagema dannako

රවින්ද · May 6, 2010 at 7:37 pm

එළ ලිපියක් මල්ලි. ඔය වගේ දෙයක් උනාම ගොඩක් අය අතඇරලා දානවා. ඒ උනාට ටිකක් මහන්සි වෙලා වැඩේ ගොඩ දාගත්තාම තියන ආතල් එක මාරයි. මම ලිනක්සි වලට බැහැලා මුල් කාලෙ(8.04) වල. මගේ Bandluxe C120 එක වැඩකරවගන්න පුදුම ගේමක් දුන්නා. අඩුපාඩු තිබුනට Programming වලට නම් ඉතින් Linux තමයි.

    Sanjaya · May 18, 2010 at 9:55 pm

    බොහොම ස්තුතියි අයියෙ කමෙන්ට් එකට. ඒ වගේම සමාවෙන්න ඕනි මේක approve කරන්න මෙච්චර පරක්කු උනාට. බ්ලොග් එක පැත්තෙ ආවෙ සෑහෙන කාලෙකින්

හසිත ජයසූරිය · May 7, 2010 at 12:40 am

බොහොම ස්තූතියි අයියෙ. මටත් උබුන්ටු දාගත්තට පස්සෙ ඔය අවුල ආව.දැන් වැඩේ ගොඩ.
අයියෙ මේක කුබුන්ටු වලත් මේ විදිහමද?

    Sanjaya · May 18, 2010 at 10:10 pm

    ඔව් ඔවි. දාලා බලන්නකෝ

kaveesha · May 7, 2010 at 10:04 pm

page not found kiyala enawa…….

mangalika · July 18, 2010 at 10:02 pm

ubuntu wala 10.4 sinhala install karanne kohomada?post ekak danna

Roshan · August 21, 2010 at 5:16 pm

Internet යාම සදහා මගේ Huwaei E1550 Hsdpa මොඩම් එක Network Conection වලින් Add කරෙගන අැති අතර එයින් internet Conect වන අතර Firefox Browser එක මගින් Internet යාමට උත්සාහ කල ද Web Page එක Display ෙනාෙව්.එවිට ,
Terminal එකේ මෙම විධානය ඇතුලත් කර
gksu gedit /etc/udev/rules.d/15-huawei-e1550.rules

2. Copy and paste below rule & save it.

SUBSYSTEM==”usb”,
SYSFS{idProduct}==”1446″,
SYSFS{idVendor}==”12d1″,
RUN+=”/lib/udev/modem-modeswitch –vendor 0x12d1 –product 0x1446–type option-zerocd”

3. After Reboot It will detect as a modem.

ෙලස කර modem එක ගලවා නැවත සවිකර conect කර විට Firefox Browser එක මගින්
Internet හැකි අතර Computer එක Shut Down කර නැවත Internet යාමට උත්සාහ
කල විට ෙපර පරිදිම Internet connect වන අතර Firefox Browser එක මගින්
Internet යෑමට ෙනාහැක.යලිත් ෙපර පරිදි Terminal එෙක්
gksu gedit /etc/udev/rules.d/15-huawei-e1550.rules ලෙස දී එන Window
එකේ ඉහත Command දී Save කර මොඩමය නැවත conect කලවිට Internet යෑමට
හැක.ෙමය දිගටම සිදුකිරීමට සිදුව තිබෙන්නේ අැයි?එෙස් ෙනාකර දිගටම පවතින
ෙලස setting සකස් කල හැකි ක්‍රමයක් තිෙබ් ද? පුලුවන්නම් මේ ගැටලුව මගහරවා
ගැනීමට මට උදවු කරන්න.බොහොම ස්තූතියි.

    Sanjaya · August 22, 2010 at 8:17 am

    මට තේරුණු හැටියට ඔබේ ගැටලුව අදාල මෘදුකාංගය Auto Load නොවීම. ඉස්සෙල්ලාම ආයෙ පාරක් හරි පිළිවෙලටම මේක ඉන්ස්ටෝල් කරලා බලන්න. මට ඔහොම ගැටලුවක් මතු උනේ නැහැ. කොහොමත් Startup Applications (System>>Preferences>>Startup Applications) වල නම් විශේෂ දෙයක් ඇති බවක් පේන්නට නැහැ මේ සම්බන්ධයෙන් (Network Manager කොහොමත් එතන තියෙනවානෙ).

    Sanjaya · August 27, 2010 at 9:33 am

    මොඩම් එක ගහල තියලම පරිගණකය ස්ටාර්ට් කළාම ගැටළුවක් නෑ නේද?

Name (required) · August 28, 2010 at 11:17 pm

කොහොම හරි සිංහල දමාගත්ත එ කොහොමද කියල කියන්න මම වතව් දන්නෙ නැහ..ඔපන් ඔපිස්වලටත් අකුරැ දමා ගත්ත. ස්තුතියි උදව් කලා

Roshan · September 9, 2010 at 9:58 pm

වෙන අන්තර්ජාල සබඳතාවක් තිබේ නම්
sudo apt-get install udev-extras

කියල ගැහුවම පහත error එක එනව හේතුව මොකක්ද?
ubuntu@roshan-desktop:~$ sudo apt-get install udev-extras
[sudo] password for ubuntu:
Reading package lists… Done
Building dependency tree
Reading state information… Done
Package udev-extras is not available, but is referred to by another package.
This may mean that the package is missing, has been obsoleted, or
is only available from another source
However the following packages replace it:
udev
E: Package udev-extras has no installation candidate

isuru · October 9, 2010 at 10:22 am

mata bandluxe c120 HSDPA modem ekak ganna oni. thiyena thenek kiyanna puluwanda? (apita 3G signle adui. meka hodai kiyala kenek kiwwa)

Leave a Reply to Sanjaya Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *