හිතන්න යමක්

Hello Friend

යාළුවෝ ??

6

උදව්වක් ගන්න විතරක් ඉන්න

ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි

දිරි ගන්වන්න බැරි

ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන

වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන

නුඹලා කොහොමද යාළුවෝ වෙන්නේ…….?

best-friends

මිතුර

7

අද උඹ හිනා වෙනකොට,

මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ..

දැනට කාලෙකට ඉස්සර,

උඹ ඔලුව නවාගෙන,

මූන ඇඹුල් කරගෙන,

ඇස් රතු කරගෙන,

දුකින් හිටපු හැටි……

ඒ කාලෙ මතක් වෙනකොට,

අද උඹ ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ….

පුංචි දුකක් තියෙන්නෙ,

එදා උඹ දුකින් බව ඉස්සෙල්ලාම කියන මට,

අද උඹ සතුටින් බව කියන්න අමතක උනු එකට….

26581_1424659625090_1490734815_31087480_4523036_n

UCSC පිරිත් පිංකම 2010 | UCSC Pirith Ceremony 2010

7

මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ.

මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න සෑහෙන වෙහෙසක් දරලා ඒ වෙහෙස මහන්සියෙ ප්‍රතිඵල ගැන වගේම චීවරධාරීන් පිළිබඳ යමකුත් කියන්නයි මේ හදන්නෙ.

මාර්තු මාසෙ විතර තමා ඉස්සෙල්ලාම පිරිත් පිංකමට වැඩ පටන් ගත්තෙ. පට්ටම් ගහලා, කැටයම් කපලා, රෙජිෆෝම් ගොන්නක් කපලා, වැඩ රාශියක් කරන්න උනා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක් නෙමෙයි මුළු batch එකම වෙහෙසුනා. කලා කටයුතු වලට විශේෂ දස්කම් තියෙන අය ප්‍රධානත්වය ගත්තා. අනිත් හැමෝම තමන්ට නියම වූ රාජකාරිය පමණක් නොවේ අනිත් හැමදේටම උදව් කළා ( තව පොඩ්ඩෙන් මේකෙ මට ලියන්න වෙන්නෙ මට කරන්න තිබ්බ දේ හැර අනෙක් ඒවට වැඩ කළා කියලා. දන්නෝ දනිති )

කට්ටිය වැඩ

අපේ සමහර යාළුවෝ උදේ පාන්දරම කෙළින්ම එන්නෙ common room එකට. මහ රෑ වෙනකනුත් ඒකෙ වැ‍ඩ.

හැමදාම නැති උනත් සමහර දවස් වල common room More >

Vote

ඡන්ද කථා

9

ඡන්දෙට කලින් මේ ලිපිය දාන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා ඔන්න ඡන්‍ද විමසීම ඉවර උනාමම දැම්මා. කථා කරලා වැඩක් නැති මාතෘකාවක කථා කරන්න හිතුනු දේවල් ටිකක් මේ.

ටියුෂන් හටන් සහ ඡන්දය.

ඉස්සෙල්ලාම කියන්න යන්නෙ කළුආරච්චි සර් ගැන. මතක ඇති කාලෙකට ඉස්සර බර යූඇන්පී කාරයෙක්නෙ. දුෂ්‍යන්ත මහබදුගේ සර් එක සැරයක් කීවා ” රනිල් යූඑන්පී එක දාල ගියත් කළුආරච්චි සර් නම් යූඑන්පී දාල යන‍්නෙ නෑ ” කියල. ඒත් පහුගිය ජනාධිපතිවරණ සමයෙ අපි දැක්කා රූපවාහිනියෙන් ගම්පහ පන්ති කරන තවත් සර්ල කීප දෙනෙක් එක්ක එ.ජ.නි.ස.යට පක්ෂව ‍පෙනී ඉන්නවා. අපි මේගැන කථා කලා ගම්පහ ස්ටිකර් විකුනන්න ගිය වෙලේ. සර් කීවා මෙහෙම. “අපි දේශපාලනයට ආවේ සල්ලි හොයන්න නෙවේ, තියෙන සල්ලි ටික වියදම් කරන්නනෙ. ගම්පහ සමහරුන්ට තැන් 2,2 තියෙනවා සංවිධායක විදියට. ඉතින් මාත් රනිල්ගෙන් ඉල්ලුවා සංවිධායකකමක්, අපිටත් ගිහින් මිනිස්සු හමුවෙලා මිනිස්සු එක්ක කථා කරලා මේක කරන්න. ඇයි ලමයි, දේශපාලනේ කරනවනම් හරියට කරන්න ඕනි. රනිල් අදිමදි කලා. මම එහෙනම් තියාගනින් කියල එන්න ආව. දැන් මේ More >

ඇණය හා පරාලය

19

ලඟින්ම තිබ්බ පරාලයකට ඇණයක් වැදුනා….

එවෙලෙ ඇණේ ගහපු කෙනා ගැන පුදුම තරහක් ඇති වුණේ….

මේ පරාලෙටත් ඇණයත් වැදුනෙ කවදාවත් නොහිතූ විදියට….

තියුණු තුඩේ වේදනාව දරා ගත්තෙ පුදුම අමාරුවකින්

පරාලයක් උනාම කවද හරි ඇණයක් වදිනවනෙ කියල හිතා‍ගෙන….

ඒත් දවස් 10ක් 11ක් වගේ ‍පොඩි කා‍ලෙකින්

බලන් ඉද්දිම

මේ ඇණේ දරුණුවටම මලකඩ කයි කියල කවුද හිතු‍‍වෙ….

ඒ වේදනාව කො‍හොමද දරන්නෙ….

ඇණේ ගහපු කෙනාට ඒවා දැනෙන් නෑනෙ….

ඔන්න ලඟින් තිබ්බ තව ඇණයක් වැදුණු පරාලයකත් මේ වගේ දෙයක් වෙලා….

කවුද මේවට වගකියන්නෙ ?

True Friends සැබෑ යහළුවෝ

6

බලන්න මේ රූප රාමු පෙළ. පුදුම හිතෙන කථාවක් නේද?

අපිට සතුන්ගෙනුත් ගොඩක් ‍දේ ඉගෙන ගන්න ති‍යෙනවා නේද?

See the following video. What a nice story. See, there are so many things for us to learn even from animals.

True Friends සැබෑ යහළුවෝ

I saw this video first in the FB profile of our senior Gayan Malinda Wijewickrama.

මේක ඉස්සෙල්ලාම මම දැක්කෙ අපේ ගයාන් අයියාගේ FB profile එ‍කේ. ඕගොල්ලන්ටත් ‍වැදගත් ‍වෙයි කියලා හිතුනා.

Go to Top