ම‍ට උනු සිද්ධි

Gift_Voucher

Gift Voucher!

2

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ ඉඩක් තිබ්බේ නෑ මොනවත් ලියන්න.

මේ කියන්න යන්නේ ගිෆ්ට් වවුචර් එකක් දිනාගන්න විදියක් ගැන එහෙම නෙමේ ඔන්න.

 

මමයි තරංග අයියයි ලඟදි දවසක ගියා Cargills එකට බඩු වගයක් ගන්න. ඉතින් ඔන්න ගන්න ඕන දේවල් ගැන බලන අතරේ තරංග අයියා මගෙන් ඇහුවා “මේගොල්ලෝ ගාවත් ගිෆ්ට් වවුචර් ඇති නේද” කියලා.

පස්සේ ලඟ පාත වෙන කවුරුවත් වෙන අහන්න කෙනෙක් නැති නිසා එතන හිටපු සෙකියුරිටි ලේඩි කෙනෙක්ගෙන් තරංග අයියා ඇහුවා “ඕගොල්ලො ගාව ගිෆ්ට් වවුචර් තියෙනව ද? ” කියලා.

මේ ගෑණු එක්කෙනා අපි හිටපු තැන තිබ්බ රාක්ක වලට අත දික් කරලා කියනව, “තියෙනවානම් මේ හරියේ තමා තියෙන්නේ සර් බලන්නකෝ ”

තරංග අයියත් “හා හා..” කියල අහක බලාගත්තේ කටට ආපු හිනාව අමාරුවෙන් නවත්තගෙන.

මෙයා ඉතින් කාර්ගිල්ස් එකට පිටින් ගත්තු සෙකියුරිටි ලේඩි කෙනෙක් වෙන්න ඇතිනේ.. මොනව කරන්න ද? එයාගේ වරදක් නෙමේ

What

පහුගිය ටිකේ මොකද උනේ?

6

මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය ටිකේ මුකුත් ලියන්න බැරි උනු එක ගැනත් ආසන්න දවස් කීපයක මේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක නොවීම ගැනත්..

මැයි 18න් පස්සෙ අද තමා ඔන්න ලිපියක් ලියන්‍න ‍හැකියාවක් ලැබුනෙ. ලිපි එකතු කරන්න බැරි‍ වෙන්න ප්‍රධාන හේතුව විභාග. ඒ එක්කම ලේසි පහසු නැති පැවරුම් (assignments). අපේ සහෝදර ‍සිසු සිසුවියන්ගෙ බ්ලොග් සමහරකත් තත්ත්වය මේකම තමා.

විභාග ඉවර උනයි කියලා හිතට නිදහසතක් ලැබුනේ නැහැ. අපේ CSRU (CompSoc Research Unit) එකෙන් අත ගහපු අලුත් වැඩකටත් සෑහෙන්න වැඩ කරන්න උනා. ඒ ගැන විස්තර පස්සේ වෙලාවක කියන්නම්.

මේ අඩවිය ඇතුලු අඩවි කීපයකටම පොඩි ඇබැද්දියකට මූන දෙන්න උනා පහුගිය ටිකේ. දැන් ඒ ගැටළුවෙන් ටිකක් මිදිලා ඔන්න. කොහොම්න් කොහොම හරි අද සෑ‍හෙන කාලෙකට පස්සෙ අඩවිය දැක්කම පුදුම සතුටක් ඇති උනේ, මොකද පහුගිය දවසක සයිට් එකත් නෑ හරිහමන් බැකප් එකකුත් නෑ වගේ ගැටළුවකට මූන පාන්නත් උනු නිසා.

මේ අතරේ අපේ ප්‍රථම වසර ඉවර උනු එකත් ටිකක් හිතට දැනෙන කාරණයක්. අලුත් නංගිලා මල්ලිලා පිරිසක් ආවත් එක්කම අපිත් ‍ජ්‍යේෂ්ඨයන් පිරිසක් බවට පත් More >

දුම්රියේ ගමනාගමනය හා මනුස්සකම Traveling by Train and Humanity

17

මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්‍රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්.

ඉස්සෙල්ලා කියන්නම් ගිය සිකුරාදා උනු ඇබැද්දිය ගැන. අපේ පරණ පාසල් මිතුරෝ කිහිප දෙනෙක් එක්ක එදා නුවර යන්න යොදාගෙන තිබ්බා. කලින් කීප සැරයක්ම ගිහින් තියෙන දුම්රියක් නිසා උදේ පොඩි මැණිකේ දුම්රියේ තමා යන්න ‍කථා උනේ.

එදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයට එනකොට සෙනඟ වෙනදට වඩා ඉන්න බව තේරුනා. දුම්රිය නවත්තනකොට තමා ඇඟ හිරිවැටුනේ. දුම්රිය ඇතුලෙත් සෙනඟ පිරිලා. ඇතුලට රිංගන්න බැහැ. මොනා කරන්නද. පාපුවරුවෙත් ඉඩක් හොයාගත්තෙ අමාරුවෙන්. දැන් තමා හොඳම සිද්ධිය.

මම බෑගයක් එල්ලන් හිටියා. පාපුවරුවෙ යන්න පුළුවනෑ ඒකත් එල්ලන්. ඉතින් ජනේලෙකින් ඇතුලෙ කෙනෙක්ට කීවා බෑග් එක තියා ගන්න කියලා. මේ මනුස්සයෝ කීවනෙ බැහැයි කියලා. මට මාර තරහක් ආවෙ එවෙලෙ.

මේකද මනුස්සකම? අපිට නම් කොහොමටවත් ඔහොම ඉල්ලීමකදි බෑ කියන්න හිතෙනවද? අපි ඉඳගෙන ඉන්න වෙලාවක නම් පුළුවන්නම් හිටගෙන ඉන්න කෙනෙක්ගෙ බෑග් එකක් ඉල්ල ගන්නවා මිස ඉල්ලීමක් කළාමත් බෑ More >

Toshiba Satellite A505-S6960

ලංකාවෙ HP වගකීම මෙහෙමයි | HP warranty in Sri Lanka

16

කලින් ලිපියට සති 2කට පස්සෙ මේ ලිපිය එකතු වෙන්නෙ. කලින් ලිපියෙ ඉතිරි ටික ඊලඟට ලියවෙන්න ඕන නිසාත් ඒක ‍ටිකක් දිග කථාවක් නිසාත් තමා මේ ලිපිය ලියන්න පටන් ගන්න ටිකක් පරක්කු උනේ මොකද මේකෙ දිග මතක් වෙනකොට කම්මැලි හි‍තෙනවා පටන් ගන්න.

හරි මම කීවානෙ “ලැප ගත්තු ‍කඩේ එක්කත් කොක්කක් වැටුනා” කියලා ඒක තමා මේ කියන්න යන්නෙ.

ලැප අරන් ටික දවසකින් පොඩි ගැටලුවක් මතු උනා. මේකෙ තියෙන‍වා ටච් බට්න් වගයක් සද්දෙ අඩු වැඩි කරන්න, මීඩියා ප්ලේයරය පාලනය කරන්න ‍එහෙම. අරන් ටික දවසකින් සද්දෙ එකපාරට වැ‍ඩි වෙන්න උනා වෙලාවක. මාර කේස් එක දැන් මොකෝ කරන්නෙ. ටච් බට්න් තියෙන හරිය පිහල එහෙමත් බැලුවා. ගෙනාපු දවස් වලම වින්ඩෝස් 7 දැම්මා ඒක එක්ක ආපු විස්ටා මට හරියන්නැති නිසා. මේ ගැටඵවට මෙහෙයුම් පද්ධතියෙනුත් බලපෑමක් නැහැ උබුන්ටු වලදිත් ‍මෙ‍හෙමම උනා.

HP DV6-1030US - මෙන්න ඒ ලැප

ගැටළුව ගැන තවත් කියනවානම් මේ ප්‍රරශ්නෙ එන්නෙ ටිකක් රත් උනාම. අපරාදෙ කියන්න බෑ රත් වෙන එක More >

DV6

අහෝ මගේ ලැප ! | Oh my laptop!

18

මේ කථාව කියන්න ඕනෙකමක් තිබුනත් ‍පොඩි පෙළඹීමක් ඇති උනු නිසා දැම්මම ලියලා දාන්න හිතුනා. ලැපක් ගන්න ඉන්න කෙනෙක්ට වි‍ශේෂයෙන් ප්‍රයෝජනවත්  වේවි. නමුත් Laptop Buying Guide එකක් නම් නෙමේ මේක.

කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා ලැපක් ගන්න. සෑහෙන කාලයක් හරියන එකක් ‍හොය හොය ඉඳලා ඔන්න හිත‍‍ට හරියන එකක් හමු උනා කියමුකෝ. Unity Plaza එකේ පඩිපෙළක් ගාවම තියෙන එක ක‍ඩයකින් (නම කෙලින්ම කියන එක හරි නෑනේ) අනිත් ඒවට ‍සාපේක්ෂව ගොඩක් අඩු ගානකට දෙන්නම් කීවා. ලස්සන කථාවකුත් කීවා, ‍”අනිත් ‍කඩවල් ‍වලින් කියන BEST PRICE එක‍ කියන්න, ඊට ව‍ඩා අඩුවෙන් දෙන්නම්” කියලා.

කොහොම හරි ගන්නමයි කියලා සල්ලිත් අරන් ගියා කියමුකෝ. තරංග අයියයි නදීශ අයියයි එක්ක තමා ගියේ (වෙලාවට).  ඉතින් ගානත් කථා කරන් ගන්නම හදනකොට එතන වැඩ කරන තව එ‍ක්කෙ‍නෙක් අහනවා “ඕක ඔය ගානට දෙන්න පුළුවන්ද ” කියලා. දැන් තමා ඕන් සීන් එක පටන් ගන්නෙ. මට ගාන කියපු මෑනුත් දැන් නිකන් අන්දුන්කුන්දුන් වෙලා වගේ.. මෑනුත් අනිත් එකත් එක්ක කථා කරලා එහෙම මට කියනව “‍ලොකු More >

Go to Top