සිංහල

Robot

Sign Following Robot අපේ තෙවන වසර ව්‍යාපෘතිය

19

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්‍රේනින් එකකට යනවා සොෆ්ට්වෙයාර් කම්පැනියක මාස 6කට.

කොහොම්න් හරි පහුගිය ටිකේ හරියට වැඩ තිබ්බා. නොනගතෙත් කෝඩින් ….. මේ අපි මහන්සි උනේ 3 වෙනි වසර ගෘප් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන්. සෑහෙන මහන්සියක් දරලා අන්තිමට ගොඩක් හොඳ දෙයක් අපිට එළි දක්වන්න පුළුවන් උනා.

 

UCSC එකේ CS කරන අපිට 3 වෙනි වසරෙ පළමු සෙමෙස්ටරේදි ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් මේකට අපි යාළුවෝ 5 දෙනෙක් සෙට් උනා. කණ්ඩායමේ අනිත් අය තමා පසිඳු මලින්, මනුප්‍රිය බානු, යුවකාන්ත් සහ මනෝජ් බුද්ධික. ඉතින් මුලදි මාතෘකාවක් හොයාගන්න ටිකක් අමාරු උනත් අන්තිමට අපිට හොඳ මාතෘකාවක් හොයාගන්න පුළුවන් උනා. අහපු හැමෝම වගේ මේක ගොඩක් අමාරු වෙයි කියලා අපිට කිව්වත් අපි වැඩේ අතෑරියේ නෑ.

 

පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ මොකක්ද මේක කියලා. අපි නම දැම්මේ “Sign Following More >

Media Competition

Media Editing Workshop Ends Successfully | Behind the scene….

8

මීට පෙර ලිපියෙන් මම කීවා මතක ඇති මාධ්‍ය සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් ගැන. කියන්න බොහොම සතුටුයි ඉතාම සාර්ථකව වැඩමුළුව පවත්වන්න හැකි උනා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඒ ලිපිය බලලම ආපු අයත් හිටියා. පුදුම සතුටක් දැනුනා කට්ටිය එක්ක කථා කරද්දී. දවස් දෙකම සලකද්දි 350ක් 400ක් වගේ පිරිසක් සයභාගී වෙලා තිබ්බා වැඩමුළු වලට.

මුල ඉඳන් කථාව කියන්නම්කෝ. මේක ඉස්සෙල්ලාම සංවිධානය වුනේ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟයට උදව්වක් වශයෙන්. වැඩමුළුව ගැන විස්තර කියලා ආසන වෙන් කරගන්න කියලා මම ඉන්ටර්නෙට් සම්පත් භාවිතය රේඩියෝ වැඩසටහනේ කියපු වෙලේ ඉඳන්ම මටයි මාධවටයි දුරකථන ඇමතුම් එන්න ගත්තා. මම එවේලේ SLBC එකේ මැදිරියේ සිටි නිසා ආපු එක දුරකථන ඇමතුමකටවත් උත්තර දෙන්න බැරි වුනා. වැඩසටහන මෙහෙයවන ජයසිංහටත් මම පෙන්නුවා එන ඇමතුම් ප්‍රමාණය. එවෙලේ නම් මාධවට සෑහෙන්ට ඇමතුම් එන්න ඇති මොකද මම එකක්වත් ගන්නේ නැති හින්දා.

මුලදී මේ වැඩමුළුව සංවිධානය කරන්න හිටියේ අපි 5 දෙනෙක් විතරයි. මම, මාධව, අනිල්, Shazan, හා ප්‍රනීත් මල්ලි. පෝස්ටර් සකස් කරන තැනේ ඉඳලා More >

compsoc_media_editing_workshop_and_competition

Audio/Video/Image Editing පිළිබඳ නොමිලේ වැඩමුළුවක්

3

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය විසින් ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව සංවිධානය කළ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟාවලියට උදව්වක් වශයෙන්. ඒ ගැන පස්සෙ දවසක ආයෙ කියන්නම්කෝ….

 

කැමති ඕනෙම කෙනෙක්ට මේකට සහභාගි වෙන්න පුළුවන්, වයස් භේදයක් නෑ. හැබැයි ඉඩකඩ ටිකක් සීමිත නිසා කලින් ආසනයක් වෙන් කරගන්න වෙනවා.

 

ඔක්තෝබර් 4 හා 5 දවස් දෙකේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතන (UCSC) පරිශ්‍රයේදී උදේ 9 ඉඳන් 5 වෙනකන් මේ වැඩමුළු පැවැත්වෙනවා. ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳව වෙන වෙනම වැඩමුළු 3ක් පළමු දවස පුරාම පැවැත්වෙනවා. ප්‍රායෝගිකව අත්හදා බලමින් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒ වැඩමුළු 3මයි 5 වෙනිදත් පැවැත්වෙන්නේ. ඒ හින්දා කැමති නම් 4 වෙනිදට එක වැඩමුළුවකට ඉඳලා පස්සෙ දවසේ වෙන එකකට ඉන්න පුළුවන්. එක් කෙනෙක්ට උපරිම වශයෙන් අංශ 2කට තමා මේ විදියට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ..

 

පාසැල් වලට දැනටමත් ලිපි මඟින් දැනුම් දීලා තියෙනවා. මේ වෙනකොටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කලින් අපි More >

Gift_Voucher

Gift Voucher!

2

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ ඉඩක් තිබ්බේ නෑ මොනවත් ලියන්න.

මේ කියන්න යන්නේ ගිෆ්ට් වවුචර් එකක් දිනාගන්න විදියක් ගැන එහෙම නෙමේ ඔන්න.

 

මමයි තරංග අයියයි ලඟදි දවසක ගියා Cargills එකට බඩු වගයක් ගන්න. ඉතින් ඔන්න ගන්න ඕන දේවල් ගැන බලන අතරේ තරංග අයියා මගෙන් ඇහුවා “මේගොල්ලෝ ගාවත් ගිෆ්ට් වවුචර් ඇති නේද” කියලා.

පස්සේ ලඟ පාත වෙන කවුරුවත් වෙන අහන්න කෙනෙක් නැති නිසා එතන හිටපු සෙකියුරිටි ලේඩි කෙනෙක්ගෙන් තරංග අයියා ඇහුවා “ඕගොල්ලො ගාව ගිෆ්ට් වවුචර් තියෙනව ද? ” කියලා.

මේ ගෑණු එක්කෙනා අපි හිටපු තැන තිබ්බ රාක්ක වලට අත දික් කරලා කියනව, “තියෙනවානම් මේ හරියේ තමා තියෙන්නේ සර් බලන්නකෝ ”

තරංග අයියත් “හා හා..” කියල අහක බලාගත්තේ කටට ආපු හිනාව අමාරුවෙන් නවත්තගෙන.

මෙයා ඉතින් කාර්ගිල්ස් එකට පිටින් ගත්තු සෙකියුරිටි ලේඩි කෙනෙක් වෙන්න ඇතිනේ.. මොනව කරන්න ද? එයාගේ වරදක් නෙමේ

aurudu

සැමට සිරි සුභ නව වසරක් වේවා!

0

කිරියෙන් පැණියෙන් ඉතිරුණු… බත බුලතින් සපිරුණු.. හිත තුටිනු පිරුණු.. ජයෙන් ජයම වන..

සිරි සුභ නව වසරක් වේවා!

CMS info wheel

Content Management Systems (CMS)

1

Note: You can view this also in CompSoc.lk web site.

You may have heard the word “CMS” several times. Do you wonder what a CMS is …? Well it Content Management System is presented in the abbreviation CMS. Whatever it is, what does it do really?

Also have you ever think of how large sites manage their content? News sites like adaderana.lk, dailymirror.lk needs to be updated so often. If you are a person who only knows about web designing with HTML you may have wondered how these people manage their sites. Because editing html files and updating them in the server is not a much easy task. You need to edit the page locally and then update the remote server. Managing huge amount of content is not an easy task in this way.

Just imagine More >

Joomla Logo

Joomla: Want more facilities to edit articles?

6

Joomla වල Artilces edit කරන්න පහසුකම් මදි කියලා හිතුනාද? Joomla වල එන්නේ Tiny MCE කියන WYSIWYG (What You See Is What You Get) editor එක.

Article එකක් add කරන්න ගියාම පේ‍න්නේ මේ විදියටනේ. ‍

Tiny MCE

මේකෙ ඇත්තටම ටිකක් පහසුකම් මදි තමා.

අපි අලුත් Editor එකක් එකතු කරගම්මු.

JCE editor එක හොඳ විසඳුමක්. ඉස්සෙල්ලා http://www.joomlacontenteditor.net/downloads/editor මෙතනින් බාගන්කෝ Component එක. ඕකෙ තියෙන JCE Installation Package ගත්තම හරි. දැන් මේක Extensions>> Install/Uninstall හරහා ස්ථාපිත කරගන්න.

ඒත් ස්ථාපිත කරගත් පමණින් Editor එකේ වෙනසක් පේන්න ලැබෙන එකක් නැහැ. අපි Default Editor එක වෙනස් කරන්න ඕනි.

Site>> Global Configuration වල Site Settings යටතේ තියෙන එකෙන් Editor-JCE කියන එක තෝරලා save කරගන්න. දැන් Article එකක් add කරන්න ගිහින් බලන්න.

JCE Editor

දැන් හරි නේද?

Joomla Logo

ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site

29

English Translation of this post available here: http://blog.sanjaya.me/joomla-localization-post-in-english/

ඔබ ඕනෑ තරම් දැක ඇති භාෂා කිහිපයකින් නැරඹිය හැකි වෙබ් අඩවි. මෙසේ වෙබ් අඩවියක් සැකසීම බෙහෙවින් අමාරු යැයි ඔබට සිතෙන්නට ඇති. ‍එවන් අඩවියක් සැකසීම එහෙමකටම අමාරු වැඩක් නොවේ. ඔබේ ජූම්ලා වෙබ් අඩවිය භාෂා 3න්ම ඉදිරිපත් කිරීම මහා අමාරු දෙයන් නොවේ. ජූම්ලා සමඟ භාෂා රාශියක් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. මාතෘකාවේ ත්‍රෛභාෂාවෙන්ම කියලා දැම්මේ ලංකාවේ අපි භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන් භාෂා 3ක් නිසා. හරි. මේකට අපි පාවිචිචි කරන්නේ, ගොඩක් ප්‍රසිද්ධ JoomFish කියන Component එක. මේක localization සඳහා ඉතා පහසුවෙන් පාවිච්චි කරන්න් පුළුවන් Component එකක්. (මම මේ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරන්නේ localhost හි jom නමින් ස්ථාපනය කරන ලද ජුම්ලා අඩවියක්.) ඉස්සෙල්ලාම අපි මේ Component එක අපේ ජූම්ලා අඩවියට එක් කරගනිමු.

JoomFish

http://www.joomfish.net/downloads

මෙතැනින් JoomFish හි නවතම stable සංස්කරණය බාගත කරගන්න.

දැන් Joomla backend එකේ (http://localhost/jomdemo/administrator/) Extensions>> Install/Uninstall වෙතට පිවිසෙන්න.

Extensions >> Install/Uninstall

දැන් More >

Joomla Logo

ජූම්ලා ඉගෙන ගනිමු Let’s learn Joomla

9

ජූම්ලා කියන්නේ CMS (Content Management System) එකක්. ඒ කියන්නෙ අපිට පහසුවෙන් අන්තර්ගතය කළමණාකරණය කරගන්න පුළුවන් Web Application එකක්. ඒ කියන්නෙ සර්වර් එකකදි මේක configure කරගත්තාම (Install කියන වචනෙ මෙතෙන්ට හරියටම ගැළපෙන්නේ නෑ මම හිතන්නේ) ලේසියෙන් ඉතා අනර්ඝ වෙබ් අඩවි නිර්මාණය කරගත හැකියි. විශේෂයෙන් ඉතා ඉක්මනින් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා මේවා යොදා ගැනෙනවා. (Rapid Application Development)

අන්තර්ජාලයේ වෙබ් අඩවි නිර්මාණය සඳහා යොදා ගැනෙන CMS අතරින් ජූම්ලා ගොඩක් ප්‍රසිද්ධයි. මේක Free and Open Source web application එකක්.මේ මඟින් සැකසුණු වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය පිරික්සීමේදී ඔබට සොයාගන්න පුළුවන්.

මුල සිට ජූම්ලා පිළිවෙලකට ඉදිරිපත් කරන්න ‍මේ අවස්ථාවේ අමාරුයි. මේ බොහොම කාර්යය බහුල කාලයක්. නමුත් අනිවාර්යයෙන්ම මුල සිට සියල්ල ඉදිරිපත් කරන බවට මම පොරොන්දු වෙන්නම්. පහළින් මම ලියන ලියන ලිපි‍ වල පටුනක් ඉදිරිපත් කරන්නම්. ( ජූම්ලා බාගන්න පුළුවන් මෙතනින්)

මේ හදිස්සියෙ ලියන්න ගත්තෙ අපේ බොහොම දෙනෙක්ට උදවු කරන්න හිතාගෙන. ඉක්මනින් ලියවෙන්න අවශ්‍ය දේවල් මට කියන්න. ජූම්ලා මුල සිට

More >

logo

අතීතය‍ට නොමැකෙන සටහනක් එක් කළ IFO++

5

IFO++ : Ideas Free and Open Incrementally, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා පරිගණක විද්‍යාව වෙනුවෙන්ම සංවිධානය වූ ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය පසුගිය 28,29, හා 30 යන දින වල අති සාර්ථකව පැවැත්වුනා. ලංකාවේ පරිගණක අධ්‍යාපනයට 25 වසරක් සැමරීම වස් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය (UCSC) විසින් මෙය සංවිධානය කරනු ලැබුවා.

මේ දැවැන්ත ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳව එය බැලීමට පැමිණි අති විශාල පිරිස සහ ඔවුන්ගේ ප්‍රතිචාර සාක්ෂි දරයි. කිහිප දෙනෙකුගේ අධෛර්යමත් කිරීමට ගත් උත්සාහයන් සුණු විසුණු කරමින් ඔවුන් කිසිවෙක් නොසිතූ ලෙස ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වුණා.

මේ ප්‍රදර්ශනයට අපගේ සියලුම වසර වල සහෝදර සහෝදරියන් මෙන්ම ආචාර්යය මණ්ලයද බෙහෙවින් වෙහෙසුනා. ඒ දුෂ්කර කාර්යයේ ප්‍රතිඵල දකින විට අපි හැමෝටම ඇත්තේ වචන‍යෙන් කියා නිම කළ ‍නොහැකි සතුටක්.

තොරණ

UCSC ගේටිටුව දෙසින් වූ තොරණ

ඔය තියෙන්නෙ UCSC ගේටිටුව පැත්තෙන් ඉදි කරලා තිබ්බ තොරණ. දෙවන වසර හා පළමු වසර කට්ටිය මේකට ගොඩක් මහන්සි උනා. තෙවන More >

Go to Top