සිංහල

Hello Friend

යාළුවෝ ??

6

උදව්වක් ගන්න විතරක් ඉන්න

ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි

දිරි ගන්වන්න බැරි

ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන

වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන

නුඹලා කොහොමද යාළුවෝ වෙන්නේ…….?

best-friends

මිතුර

7

අද උඹ හිනා වෙනකොට,

මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ..

දැනට කාලෙකට ඉස්සර,

උඹ ඔලුව නවාගෙන,

මූන ඇඹුල් කරගෙන,

ඇස් රතු කරගෙන,

දුකින් හිටපු හැටි……

ඒ කාලෙ මතක් වෙනකොට,

අද උඹ ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ….

පුංචි දුකක් තියෙන්නෙ,

එදා උඹ දුකින් බව ඉස්සෙල්ලාම කියන මට,

අද උඹ සතුටින් බව කියන්න අමතක උනු එකට….

ubuntu

Restoring Lost GRUB

19

උබුන්ටු දාලා තියෙන පරිගණකයකට පස්සෙ වින්ඩෝස් දැම්මොත් GRUB එක නැති වී ගිහින්, පරිගණකය පණගැන්වූ විට කෙලින්ම වින්ඩෝස් වලට යනවා මිස උබුන්ටු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතින් මේකට අපි සාමාන්‍යයෙන් කරන්නෙ උබුන්ටු ආ‍යෙ දාන එක.

නමුත් එහෙම කරන්න අවශ්‍ය නෑ. GRUB එක යළි පිහිටුවාගන්න පුළුවන්.

මගේ තිබ්බෙ උබුන්ටු 10.04. පස්සෙ වින්ඩෝස් 7 දාලා GRUB එක නැති උනා.

මේ දැක්වෙන්නෙ මම කරලා බලපු එක ක්‍රමයක්. (දැන් පහත ක්‍රමයට වඩා ලේසියෙන් මේක විසඳගන්න පුළුවන් Boot-Repair දාලා. ඒ ගැන විස්තර මෙතනින් බලන්නකෝ) පියවර 1:

ඉස්සෙල්ලාම උබුන්ටු 9.10 හෝ ඊට පසු සංස්කරණයක Live CD එකකින් පරිගණකය බූට් කරගන්න.

පියවර 2:

ටර්මිනලයක් ඕපන් කරගන්න (Applications >> Accessories >>Terminal)

පියවර 3:

උබුන්ටු ස්ථාපිත කරන ලද පාර්ටිෂන් එක හඳුනාගන්න.

ටර්මිනලයේ පහත විධානයෙන් පහසුවෙන් පාර්ටිෂන් වල තොරතුරු ලබා ගත හැකියි.

sudo fdisk -l

මගේ උබුන්ටු දාලා තිබ්බෙ sda5 කියන පාර්ටිෂන් එකේ.

පියවර 4:

දැන් පහත විධානයෙන් ඒ පාර්ටිෂන් එක mount More >

Ping

Optimize Pinging in your WordPress blog

2

ඊයෙ උදේ ඉඳල ඉඳල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. ඔන්න හවස් යාමේ සයිට් එක වැඩ කරන්නෙ නෑ. අපේ වෙබ් හොස්ටින් යාලුවට කීවාම එයා මේ ගැන එයා හොස්ටින් අරන් තියෙන ආයතනයෙන් අහල මට මෙහෙම උත්තරයක් දුන්නා. මගේ සයිට් එක සස්පෙන්ඩ් කරලා ඒ හොස්ටින් ආයතනයෙන්, හේතුව SexyBookmarks plugin එක.. මේක අහපු මට හොඳටම අප්සෙට්. ඇයි අනේ සෑහෙන කාලයක් පාවිච්චි කරපු මෙච්චර ලෝකප්‍රසිද්ධ plugin එකක් ගැන මෙහෙම කියනකොට.. හේතුව කියලා තියෙන්නෙ මෙහෙමයි “this file is generating pings on server ” ඉතින් හරි වැඩක්නෙ ඒක…..කොහොම හරි අපේ යාලුවාම මේකට විසඳුමක් හොයලා දුන්නා.

cbnet Ping Optimizer plugin එක.

දැන් තමා වැඩේ තේරුනේ. Plugin එකේ description එකේම කියලා තියෙනවා විස්තරේ අගේට. මේ කියන හැටියට wordpress වලදී අපි අලුතින් blog post එකක් දැම්මම,  ping වෙනවා අදාල පින්ග් සර්විසස් වලට. ඒකෙන් සර්ච් එන්ජින්ස් දැනගන්න‍වා අපේ බ්ලොග් පෝස්ට් එක ගැන ලේසියෙන්ම. නමුත් wordpress වලදි අපි post එකක් edit කරන හැම වෙලේකමත් මේ ping වීම සිදු වෙනවා. ඒක එක More >

wp

Set up WordPress multisite

13

සමහර විට ඔබට එකම ඩොමේනයක් යටතේ වර්ඩප්‍රෙස් අඩවි කිහිපයක් පිහිටුවාගැනීමේ අවශ්‍යතාව ඔබටත එන්න ඇති. සමහරවිට ඒ සඳහා වර්ඩිප්‍රෙස් කීප සැරයක් සැරයක් ස්ථාපිත කරන්න ඇති.

වර්ඩ්ප්‍රෙස් 3.0 එන්න කලින් WordPress Mu (WordPress Multi User) (http://mu.wordpress.org/) කියලා වෙනම එකක් තිබ්බා සමහර විට දකින්න ඇති. එය භාවිතා වුනේ එක් ස්ථාපික කිරීමකින් අඩවි කිහිපයක් සාදාගෙන වෙන වෙනම පහසුවෙන් භාවිතා කිරීමට. දැන් WordPress Mu කියලා වෙනම එකක් නැහැ. ඒ වෙනුවට වර්ඩ්ප්‍රෙස් 3.0 ඉඳන් සාමාන්‍ය වර්ඩ්ප්‍රෙස් පැකේජය සමඟම multisite අංගයත් එනවා. නමුත් මෙය පිහිටුවාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා.

වර්ඩ්ප්‍රෙස් 3.0ට පසු සංස්කරණයක් පිහිටුවාගැනීමෙන් අනතුරුව පහත පරිදි මෙය සිදු කරගත හැකියි.( වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කිරීම පිළිබඳව ලියන්න ඕනේ නෑ නේද? )

(http://demo.sanjaya.me යටතේ වර්ඩ්ප්‍රෙස් 3.1 ඉන්ස්ටෝල් කර එහි multisite ස්ථාපිත කළ ආකාරය පහත දැක්වෙනවා. localhost වල මෙය සිදු කිරීමට ගත් උත්සාහය නම් හරිගියේ නෑ)

ඉස්සෙල්ලාම wordpress root එකේ wp-config.php කියන ෆයිල් එකේ අගටම පහත පේලිය එක් කරගන්න.

<code lang=”php”> define(‘WP_ALLOW_MULTISITE’, true); </code>

More >

What

පහුගිය ටිකේ මොකද උනේ?

6

මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය ටිකේ මුකුත් ලියන්න බැරි උනු එක ගැනත් ආසන්න දවස් කීපයක මේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක නොවීම ගැනත්..

මැයි 18න් පස්සෙ අද තමා ඔන්න ලිපියක් ලියන්‍න ‍හැකියාවක් ලැබුනෙ. ලිපි එකතු කරන්න බැරි‍ වෙන්න ප්‍රධාන හේතුව විභාග. ඒ එක්කම ලේසි පහසු නැති පැවරුම් (assignments). අපේ සහෝදර ‍සිසු සිසුවියන්ගෙ බ්ලොග් සමහරකත් තත්ත්වය මේකම තමා.

විභාග ඉවර උනයි කියලා හිතට නිදහසතක් ලැබුනේ නැහැ. අපේ CSRU (CompSoc Research Unit) එකෙන් අත ගහපු අලුත් වැඩකටත් සෑහෙන්න වැඩ කරන්න උනා. ඒ ගැන විස්තර පස්සේ වෙලාවක කියන්නම්.

මේ අඩවිය ඇතුලු අඩවි කීපයකටම පොඩි ඇබැද්දියකට මූන දෙන්න උනා පහුගිය ටිකේ. දැන් ඒ ගැටළුවෙන් ටිකක් මිදිලා ඔන්න. කොහොම්න් කොහොම හරි අද සෑ‍හෙන කාලෙකට පස්සෙ අඩවිය දැක්කම පුදුම සතුටක් ඇති උනේ, මොකද පහුගිය දවසක සයිට් එකත් නෑ හරිහමන් බැකප් එකකුත් නෑ වගේ ගැටළුවකට මූන පාන්නත් උනු නිසා.

මේ අතරේ අපේ ප්‍රථම වසර ඉවර උනු එකත් ටිකක් හිතට දැනෙන කාරණයක්. අලුත් නංගිලා මල්ලිලා පිරිසක් ආවත් එක්කම අපිත් ‍ජ්‍යේෂ්ඨයන් පිරිසක් බවට පත් More >

e1550

How to install Huawei E-1550 modem in Ubuntu 10.04

22

උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්‍රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්‍රශ්නයක් නැහැ Network Connections වල අලුත් Mobile Broadband සබඳතාවක් එකතු කරන්න ගියාම ලස්සනට  Huawei මොඩම් එක අඳුන ගෙන පෙන්නනවා(මොඩම් එක සම්බන්ධ කර ඇති විටකදි). හැබැයි එහෙම සබඳතාවය හදාගත්තත් විවිධ ගැටළු තිබ්බා. කොහොම හරි අන්තර්ජාලයට සම්බන්ධවත් වෙනවනෙ. ඒත් දැන් මොනා කරන්නද. ඉස්සර SLT පාවිච්ච් කරනකොට Ubuntu with no Internet වගේමයි දැනුත් (ඒ කාලෙ තිබ්බ ProLink H9601 මොඩම් එක පාවිච්චි කරලා Ubuntu වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ගොඩක් අමාරුයි. බැරි නැහැ. මම එහෙම සම්බන්ධ වෙලත් තියෙනවා. නමුත් අමාරුයි).

ටිකක් හොයලා බැලුවා ඇයි මේ කියලා. අපි දන්නවනේ ඔය ගොඩක් HSDPA USB මොඩම් windows වලදි පරිගණකයට සම්බන්ධ කළාම Virtual CD ROM එකක් ලෝඩ් වෙනවා. ඒකට කියන්නෙ ZeroCD කියල. windows වලදි නම් drivers නැත්තම් drivers ඉන්ස්ටෝල් වෙනවා. කලින් drivers ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් අන්තර්ජාල සබඳතාවට අදාල More >

26581_1424659625090_1490734815_31087480_4523036_n

UCSC පිරිත් පිංකම 2010 | UCSC Pirith Ceremony 2010

7

මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හි‍ටියට පහුගිය දවස් කීපයේම වැඩ ගොඩක් තිබුණු නිසා වෙලාවක් ආවෙ නැහැ.

මතකනෙ පිරිත් පිංකමට මුදල් එකතු කරන්න ගම්පහ ස්ටිකර් වික්ක විදිය ගැන ලියල තිබ්බා. ඉතින් ඔන්න සෑහෙන වෙහෙසක් දරලා ඒ වෙහෙස මහන්සියෙ ප්‍රතිඵල ගැන වගේම චීවරධාරීන් පිළිබඳ යමකුත් කියන්නයි මේ හදන්නෙ.

මාර්තු මාසෙ විතර තමා ඉස්සෙල්ලාම පිරිත් පිංකමට වැඩ පටන් ගත්තෙ. පට්ටම් ගහලා, කැටයම් කපලා, රෙජිෆෝම් ගොන්නක් කපලා, වැඩ රාශියක් කරන්න උනා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක් නෙමෙයි මුළු batch එකම වෙහෙසුනා. කලා කටයුතු වලට විශේෂ දස්කම් තියෙන අය ප්‍රධානත්වය ගත්තා. අනිත් හැමෝම තමන්ට නියම වූ රාජකාරිය පමණක් නොවේ අනිත් හැමදේටම උදව් කළා ( තව පොඩ්ඩෙන් මේකෙ මට ලියන්න වෙන්නෙ මට කරන්න තිබ්බ දේ හැර අනෙක් ඒවට වැඩ කළා කියලා. දන්නෝ දනිති )

කට්ටිය වැඩ

අපේ සමහර යාළුවෝ උදේ පාන්දරම කෙළින්ම එන්නෙ common room එකට. මහ රෑ වෙනකනුත් ඒකෙ වැ‍ඩ.

හැමදාම නැති උනත් සමහර දවස් වල common room More >

දුම්රියේ ගමනාගමනය හා මනුස්සකම Traveling by Train and Humanity

17

මේ ලිපිය ලියන්න හේතු උනේ අදත් පහුගිය දවස් කීපයකත් උනු සිද්ධි කිහිපයක්. දුම්රිය ප්‍රමාදය යන්න කවුරුත් දන්න ඉතාම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ කියන්න යන්නෙ ඉන් එහාට ගිය යමක්.

ඉස්සෙල්ලා කියන්නම් ගිය සිකුරාදා උනු ඇබැද්දිය ගැන. අපේ පරණ පාසල් මිතුරෝ කිහිප දෙනෙක් එක්ක එදා නුවර යන්න යොදාගෙන තිබ්බා. කලින් කීප සැරයක්ම ගිහින් තියෙන දුම්රියක් නිසා උදේ පොඩි මැණිකේ දුම්රියේ තමා යන්න ‍කථා උනේ.

එදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයට එනකොට සෙනඟ වෙනදට වඩා ඉන්න බව තේරුනා. දුම්රිය නවත්තනකොට තමා ඇඟ හිරිවැටුනේ. දුම්රිය ඇතුලෙත් සෙනඟ පිරිලා. ඇතුලට රිංගන්න බැහැ. මොනා කරන්නද. පාපුවරුවෙත් ඉඩක් හොයාගත්තෙ අමාරුවෙන්. දැන් තමා හොඳම සිද්ධිය.

මම බෑගයක් එල්ලන් හිටියා. පාපුවරුවෙ යන්න පුළුවනෑ ඒකත් එල්ලන්. ඉතින් ජනේලෙකින් ඇතුලෙ කෙනෙක්ට කීවා බෑග් එක තියා ගන්න කියලා. මේ මනුස්සයෝ කීවනෙ බැහැයි කියලා. මට මාර තරහක් ආවෙ එවෙලෙ.

මේකද මනුස්සකම? අපිට නම් කොහොමටවත් ඔහොම ඉල්ලීමකදි බෑ කියන්න හිතෙනවද? අපි ඉඳගෙන ඉන්න වෙලාවක නම් පුළුවන්නම් හිටගෙන ඉන්න කෙනෙක්ගෙ බෑග් එකක් ඉල්ල ගන්නවා මිස ඉල්ලීමක් කළාමත් බෑ More >

හිසතෙල් ගෑම

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම

3

මීරිගම නගරයේ ප්‍රධාන හිසතෙල් ගෑමේ උත්සවය වෙනද වගේම තිබ්බෙ මීරිගම සාසන වර්ධන ළදරු පාසල් පරිශ්‍රයේ. වෙනදා නම් මුතුහර ළමා සමාජයේ අවුරුදු උත්සවයයි හිසතෙල් ගෑමයි එකම දවසෙ කරන්නෙ. නමුත් මේ සැරේ හිසතෙල් ගෑමේ නැකත වෙනදට වඩා පහුවෙලා යෙදුනු නිසා අවුරුදු උත්සවයට වෙලාව මදි වෙන නිසා අවුරුදු උත්සව‍ය පැවැත්වෙන්නේ හෙට. ඒ නිසා වෙනද තරම් කට්ටිය නැද්ද මන්දා.

හිසතෙල් ගෑම

මරදන්කල්ලේ සුසීම හාමුදුරුවන්ගෙ ප්‍රධානත්වයෙන් තමා පැවැත්වුනේ. පන්සලේ ලොකු හාමුදුරුවෝ, ඒ කියන්නෙ රාමඤ්ඤ නිකායෙ මහානායක හාමුදුරුවෝ වන වේවැල්දෙණියේ මේධාලංකාර හාමුදුරුවෝ නම් අද මෙතනට වැඩියේ නැහැ.

හිසතෙල් ගෑම

සාමාන්‍යයෙන් එක්කෝ පන්සලේ හාමුදුරුනමකට කියලා නැත්නම් ගමේ වැඩිහිටි පුද්ගලයෙක්ගෙන් තමා හිසතෙල් ගාව ගන්නෙ. ඒක ඉස්සර ඉඳන් තිබ්බ සිරිත. ඒත් ඉතින් දැන් සමහරු ලේසියට තමන්ට ඕනෙ හැටියට තෙල් ගාගන්නව. එක්කෝ නැකත් වෙලාවට තමන්ම පොල් තෙල් ටිකක් හිස ගාගන්නවා තමන්ම. නැත්තන් සමහරවිට ඒකත් නැහැ.

මොනා උනත් පැරණි සිරිත් විරිත් ඒ විදියටම අනාගතයට දායක කිරීම අපි හැමෝගෙම වගකීම. ඒ ගැන More >

Go to Top