සිංහල

Robot

Sign Following Robot අපේ තෙවන වසර ව්‍යාපෘතිය

19

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්‍රේනින් එකකට යනවා සොෆ්ට්වෙයාර් කම්පැනියක මාස 6කට.

කොහොම්න් හරි පහුගිය ටිකේ හරියට වැඩ තිබ්බා. නොනගතෙත් කෝඩින් :P ….. මේ අපි මහන්සි උනේ 3 වෙනි වසර ගෘප් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන්. සෑහෙන මහන්සියක් දරලා අන්තිමට ගොඩක් හොඳ දෙයක් අපිට එළි දක්වන්න පුළුවන් උනා.

 

UCSC එකේ CS කරන අපිට 3 වෙනි වසරෙ පළමු සෙමෙස්ටරේදි ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් මේකට අපි යාළුවෝ 5 දෙනෙක් සෙට් උනා. කණ්ඩායමේ අනිත් අය තමා පසිඳු මලින්, මනුප්‍රිය බානු, යුවකාන්ත් සහ මනෝජ් බුද්ධික. ඉතින් මුලදි මාතෘකාවක් හොයාගන්න ටිකක් අමාරු උනත් අන්තිමට අපිට හොඳ මාතෘකාවක් හොයාගන්න පුළුවන් උනා. අහපු හැමෝම වගේ මේක ගොඩක් අමාරු වෙයි කියලා අපිට කිව්වත් අපි වැඩේ අතෑරියේ නෑ.

 

පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ මොකක්ද මේක කියලා. අපි නම දැම්මේ “Sign Following Robot” ,( ප්‍රොජෙක්ට් එකේ නම දැම්මේ නම් මෙහෙම “Sign Following Path Navigation System” ) කියලා. ප්‍රොජෙක්ට් එකේ නමට Robot කෑල්ල අයින් කරන්න හේතු උනේ අපිට Hardware Part එක හදාගන්න බැරි වේදෝ සැකයක් තිබ්බ නිසා.

 

මේකෙ අදහස මෙහෙමයි. දැන් ඔය ලොකු කොම්පැනි වල, Automobile Company වගේ, ඇතුලත භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නේ ෆෝර්ක් ලිෆ්ට් වගේ මිනිස්සුම ධාවනය කරන ඒවානේ. ලොකු වතු වල වගේත් මේ වගේ දේ පාවිච්චි වෙනවා. කොහොමින් හරි ඔබ දන්නවා ඇති එකම මාර්ගයක තමා මේවා ධාවනය වෙන්නේ හැම වෙලේම. ඉතින් මේකට මිනිසුක් රහිත නැත්නම් “Automated Vehicle” එකක් විසඳුම විදියට දෙන එක තමා අපේ ප්‍රයත්නය උනේ.

 

Getting Ready

 

Getting Ready

 

ඔබ අහලා ඇති “Line Following Robot” ලා ගැන. ඒ කියන්නේ රේඛාවක් අඳුනගෙන ඒ දිගේ යන රොබෝවෙක්. හැබැයි අපේ රොබෝවා Line Following එකෙක් නෙමේ. එයා Sign Following Robot කෙනෙක්. ඒ කියන්නේ පාරෙ තියෙන එක එක සලකුණු තමා අඳුනගන්නේ. නැතුව ඉරක් අඳුන ගෙන ඉර දිගේ යන්නේ නෑ.

අනිත් වැදගත්ම කාරණේ ඔබ අහල ඇත්තේ අනිවාර්යයෙන්ම Sensors භාවිතා කරමින් මාර්ගය අඳුන ගන්න Robot ලා ගැන. අපේ නිර්මාණය විශේෂ වෙන්නේ කිසිම Sensor එකක් පාවිච්චි වෙන්නේ නෑ. Image Processing සහ Computer Vision තමා මේකෙදි සම්පූර්ණෙන් පාවිච්චි වෙන්නේ. මේ වගේ එකක් වෙන කොහෙවත් හදලා තියෙන බවක් නම් අපිට හොයාගන්න ලැබුනේ නෑ. ඉතින් මේක ගොඩක් විශේෂයි ඒ අතින්. නව නිර්මාණයක්.

 

අපේ Mentor උනේ Prof. N.D. Kodikara මහතා. කසුන් සර්ත්  WASN එකේ හිටපු ලක්මාල් සර්ත් අපිට උදව් කලා. WASN ( දැන්  SCORE ) එකෙන් අපිට ලැබුනු සහය අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි. අපිට අවශ්‍ය පහසුකම් කිසිම පැකිලීමකින් තොරව ලක්මාල් සර්ත් අනිත් අයත් සපයලා දුන්නා.

 

කොහොම හරි මුලදි අපිට ගොඩක් අපහසුතාවන්ට මුහුණ දෙන්න උනා. පහුගිය සෙමෙස්ටරේම ලෙක්චර්ස් නැති හැම වෙලේකම වගේ කලේ මේකෙ වැඩ. Research Type project එකක් කියලා අපි නොදැම්මට Research පැත්තෙන් ගොඩක් දේවල් කරන්න උනා. එක එක Technologies මාරු කරන්නත් උනා. මුලින් අපි තීරණය කලේ Lego kit (බිල්ඩින් බ්ලොක්ස් වගේ පොඩි රොබෝලා හදලා බලන්න පාවිච්චි කරන කෑලි සෙට් එකක්) පාවිච්චි කරන්න. ඒත් අපිට තේරුනා කැම්පස් එකේ තිබුණු IR වලින් විතරක් Wireless Communicate කරන්න පුළුවන් Lego Kit එකෙන් වැඩේ හරියන් නැති බව. ඉතින් අපිට කසුන් සර් කීවා “Electronic එක්ක සෙල්ලම් කරන්න කැමති නම් ඕක අතින් හදන්න” කියලා. ඔන්න අන්තිමේදි Risk එකක් තියන් උනත් අපි වැඩේට අතගැහුවා.

කොඩිකාර සර් Image Processing සහ Computer Vision පිළිබඳව අපිට උපදෙස් ලබා දුන්නා.

 

ඔන්න කොහොමින් හරි බොහොම අමාරුවෙන් වැඩේ කරන් ගියා. සමහර Technologies අපි අළුතින්ම මුල ඉඳන්ම ඉගෙන ගත්තා. සර්කිට් බඩු ගන්න පිටකොටුවේ කට්ට කෑවා. පළවෙනි PIC එක වැඩ කරන් නෑ. ඔහොම ඔහොම සෑහෙන ගැටළු වලට මූන දෙන්න උනා. දවස් ගනන් නිදි මැරුවා. අවුරුද්ද දවස් වලත් මේකෙ වැඩ.

 

ඒවා ගැව තවත් විස්තර නොකියා මම මේකේ තියෙන දේ ගැන කියන්නම්කෝ.

අන්තිමේදි අපි වාහනය හැදුවා Lego කෑලි පාවිච්චි කරලා. ඒක wireless විදිහට හසුරුවන්න පුළුවන් විදියට PIC එකක් සහ FM Module එකක් යොදපු Circuit එකක් අපි හැදුවා. මේ තියෙන්නේ අපේ රොබෝවා

 

අපේ රොබෝ

අපේ රොබෝ

 

මේකට අපි පාවිච්චි කළේ 18F4520 කියන PIC එක. ඔය ඇන්ටෙනාවක් එක්ක තියෙන්නෙ FM Module එක. ඒකෙන් තමයි කොම්පියුටරේ ඉඳලා එන Control Signals ලබාගෙන PIC එකට දෙන්නෙ. PIC එකෙන් ඒ අනුව වාහනේ රෝද හසුරුවනවා. ඕකෙ ඔය කහ පාට කොටස ගාවා දකුණු පැත්තේන් තමා කැමරාව තියෙන්නේ. මේකෙදි අපි භාවිතා කළේ Android Mobile Phone එකක්. ඒකේ app එකකින් WIFI වලින් පරිගණකයට එවනවා වාහනේ ඉස්ස්රහින් පේන Image Stream එකක්. WIFI Router එකක් හරහා ඒ Image Stream එක පරිගණකයේ අපි හදපු Software එකට ලබාගන්නවා. වාහනේ Circuit එකටයි මෝටර් වලටයි ජවය සපයන්න 3.7V 3800mAh බැටරි 2ක් පාවිච්චි කළා. අපි කළින් පාවිච්චි කළ WIFI Security Camera එක අතෑරලා දැම්මේ ඒකට ගොඩක් ජවයක් ඕන නිසා සහ අපිට අවශ්‍ය image quality එක නොලැබුණු නිසයි.

 

පරිගණකය පැත්තතෙනුත් අපි Circuit එකක් හැදුවා. අපි Serial Port එකක් භාවිතා කරන්නයි අදහස් කළේ. ඒත් ඒකට Serial Port අපේ ලැප්ටොප් වල නැති නිසා USB to Serial කේබලයක් භාවිතා කළා. MAX 232 IC එකකින් Serial Port එකෙන් එන signal, FM Module එකට දෙන්න සුදුසු විදියට හදාගත්තා. දැන් අපේ සොෆ්ට්වෙයාර් එකෙන් එවන Signal වාහනේට ලබාගන්න පුළුවනි.

MAX232 + FM Module

 

Hardware කොටස් එහෙමයි හදාගත්තේ. Software එක හැදුවේ C++ වලින් QT භාවිතා කරලා. දියුණු GUI එකක් හද හදා ඉන්න වෙලාවක් අපිට තිබ්බේ නෑ. ඒ නැතාට අවශ්‍ය සියලු අනෙක් දේවල් මෙකේ අපි හැදුවා.

කැමරාවෙන් WIFI හරහා ලැබෙන Image Stream එකෙන් Images එකින් එක අරගෙන ඒවා සකසන්න හා විවිධ දේ අඳුනගන්න මේක සකස් කළා. මේකෙදි ඉමේජ් එකක් අරගෙන ඒකෙන් පාර හරහා මොකක් හරි බාධාවක් (Obstacle එකක්) තියෙනවද අඳුනගන්න පුළුවන්. ඊගාවට මාර්ගයට සමාන්තරව තියෙන රේඛා අඳුනගන්න පුලුවන්. සැරින් සැරේ වාහනේ කෙලින් යනවාද බලන්න ඒක යොදාගන්නනේ. අපේ සිතියම බැලුවොත් ඔබ දකීවි හරස් ඉරි තියෙනවා. ඒවත් අඳුනගන්නවා. ඊගාවට වැදගත්ම කොටස. අපි Neural Network එකකින් Train කරපු OCR (Optical Character Recognition) පද්ධතියක් පාවිච්චි කරනවා පාරේ තියෙන සලකුණු අඳුනගන්න (මේකෙ නම් ඉලක්කම්) . ඊගාවට වාහනේට  Signal යවන්න Serial Port එක එක්ක Communicate කරන්න පුළුවන් කොටසක් මේකෙ තියෙනවා. තව කියන්න අමතක උනා. මේකෙ තියෙනවා Optimal Path Recognition System එකක්. ඒ කියන්නේ අපි ඉන්න තැනයි යන්න ඕනි තැනයි දුන්නම හොඳම ලඟම Path එක හොයාගන්න පුළුවන්. ඒ වගේම Obstacle එකකින් පාරක් block උනොත්  ඒ පාරෙ ආයෙ යන්න දෙන්නේ නෑ.

 

Software Running

 

දැන් ඔන්න මම Hardware සහ Software ගැන විස්තර කරලා දුන්නා අපි හදපු. දැන් මම කියන්නම් වැඩේ වෙන්නේ කොහොමද කියලා.

පහත වීඩියෝ එක බැලුවම වැඩේ තවත් තේරෙයි.

වීඩියෝ එකේ තියෙන මැප් එකම අරන් විස්තර කරන්නම්කෝ.

වාහනේ යන මඟ

 

ඉස්සෙල්ලාම වාහනේ යවන්න අපි ඉන්න තැන සහ යවන්න ඕනි තැන දෙනවා. එතකොට වාහනේ ඉස්සරයට යන්න ගන්නවා. මේකේ මුල ඉඳන් 4ට යන්න පාරවල් 2ක් තියෙනවා. ඉස්සේල්ලාම යනකොට වාහනේ යන්න ඕනි 1 >> 4 පාරේ.

එන ඉමේජස් වලින් ඉස්සෙල්ලාම කරන්නේ obstacle අඳුනගන්න එක. හදිසියේවත් තිබ්බොත් එහෙම එකක් වාහනේ එතනම නවතිනවා.

කෙලින් ඉර ගැන සැරින් සැරේ බලනවා වාහනේ කෙලින් යනවාද කියලා. ඊළඟට ඉමේජ් එකේ හරස් ඉරක් තියෙනවද බලනවා. ඔබට පෙනෙයි ඉලක්කම් වලට කලින් හරස් ඉරි තියෙනවා. මෙහෙම හරස් ඉරක් අඳුන ගත්තොත් ඒ ඉර නැති වෙනකම්ම් ඊළඟට එන ඉමේජස් ගැන බලනවා. නැති උනු ගමන් ඊළඟට එන ඉමේජ් එකේ අංකය සඳහන් වෙන එකක්. ඒක අරගෙන අංකය තියෙන පෙදෙස් crop කරලා OCR එකට යවනවා.

 

මේක කලින් කීවා වගේ Neural Network එකක් පාවිච්චි කරලා train කරලා තියෙන්නේ. ඒකෙන් නිවැරදිව අංකය අඳුනගන්නවා. අංක තියලා තියෙන්නේ විශේෂ තැන් වල. ඒ කියන්නේ වාහනේ ගමන් මඟ පිළිබඳ තීරණ ගන්න ඕනි වංගු, හන්දි වගේ තැන් වල. දැන් හිතන්නකෝ 1 හඳුනගත්තයි කියලා.

මේකෙ තියෙනවා Rule Engine එකක් අපි හදපු. ඒකෙන් තමා යන්න ඕනි විදිය ගැන තීරණ ගන්නනේ. දැන් පළවෙනි සැරේ 4ට යනකොට 1 දි හැරෙන් නැතුව කෙලින් යන එකනේ හොඳම මාර්ගය.  Rule Engine එක optimal path එක ගැන බලලා වාහනේට දෙනවා ඉදිරියටම යන්න කියලා Signal එකක්. Signal එක යන හැටි මම කීවනේ. FM Module 2 පාවිච්චි කරලා තමා වාහනේට මේ Signal යවන්නේ. PIC එකෙන් ඒ අනුව මෝටර් හසුරුවනවා.

 

දැන් ඔන්න වාහනේ 1 පහු කරන් යනකොට ඕගොල්ලො දකීවි map එකේ තියෙනවා පොඩි Obstacle එකක් තියලා. වාහනේ ඒක අඳුන ගත්තු ගමන් නවතිනවා (video එකේ මේ කොටස නෑ).

දැන් අපි ආයෙ මුල ඉඳන් වාහනේ ගෙනිච්චොත් 1 >> 4 පාරේ යන්නේ නෑ. 1 >> 2 >> 3 >> 4 පාරේ යන්නේ. වීඩියෝ එකේ තියෙන්නේ ඒක.

අංකයක් අඳුන ගත්තම ටිකක් ඉස්සරහට ගිහින් වාහනේ අදාල විදියට හැරෙනවා. හැරෙන්න ඕනි විදිය System එකේ දාලා තියෙන්නේ. ඉතින් ඔහොම 4 වෙනකම් ගිහින් වාහනේ නවතිනවා.

 

Sign Following Robot – A Computer Science 3rd Year project done by UCSC Students

 

ඉතින් ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. කට්ටියට දැන් නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා ඔක්කොම දේවල්……

 

මේ ඉන්නේ හැමවෙලේම ජෝක් එකක් කරලා පැලෙන්න හිනා වෙන අපේ කණ්ඩායම :)

 

Our Group - From left Me, Banu, Pasindu, Yuwakanth, in the back Manoj

 

මම හිතන්නේ දැන් කට්ටියට තේරෙනවා ඇති මේකෙ වෙන්නේ මොකක්ද කියන එක වගේම අපි මේකට උනු මහන්සිය ගැන. මාස 6ක දි කැම්පස් එකේ අනිත් වැඩත් කරන ගමන් මේක කරන්න ලොකු වෙහෙසක් ගත්තා. හැබැයි ඒකෙ අන්තිම ප්‍රතිඵලය ගොඩක් හොඳයි. කට්ටියටම ගොඩක් සතුටුයි අන්තිමට.

 

After the Demonstration - me, Mr. Brian, Mr. Lakmal and Manoj

 

අපිට අවශ්‍ය උනු දේ අපි කළා. අපිට ඕනි උනේ වෙනසක් කරන්න. ඒකට පුළුවන් උපරිමය අපි කළා.

මේකට වචනෙකින් හරි උදවු කරපු හැමෝටම බොහොම ස්තුතියි. UCSC එකෙන් ලැබුනු සහය අති මහත්. FM Module 2 සපයලා දුන්නු ලසන්තටත් තව උදවු කරපු ආරුණ්‍යටත් ගොඩක් ස්තුතියි.

නම් නොකළට ඔබ සැම දුන්නු සහයෝගයට බොහොම ස්තුතියි!!!

 

මේ ඔක්කොම සාර්ථක කරගන්න හැමවෙලේම එකට හිටපු මගේ ලඟම මිත්‍රයෝ ටික පසිඳු, බානු, යුවා, මනෝජ්.. අපි හැමෝගෙම මහන්සියෙ ප්‍රතිඵලය ගැන මට ගොඩක් සතුටුයි…..

 

 ඒ වගේම මතක් කරන්න ඕනි මේ පෝස්ට් එක පම්පෝරියක් නෙවේ. වීඩියෝ එක බලපු සමහර අයට තේරෙන්නේ නෑ කීවා. සමහරු මේක Line Following Robot එකක් කියල හිතල තිබ්බා. ඒ නිසයි මේක ලියන්න අදහස් කළේ. ඒ වගේම UCSC එකේ ගොඩක් නිර්මාණ බිහි උනාට සාමාන්‍ය කෙනෙක්ට දැනගන්න ලැබෙන අවස්ථාව ටිකක් අඩුයි. ඉතින් මේක ඒකටත් අවස්ථාවක් කරගන්නවා….

 

මේ ගැන ඔබේ අදහස පහළ Comment එකක දාලා යන්න අමතක කරන්නෙපා.

 

 

Media Competition

Media Editing Workshop Ends Successfully | Behind the scene….

8

මීට පෙර ලිපියෙන් මම කීවා මතක ඇති මාධ්‍ය සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් ගැන. කියන්න බොහොම සතුටුයි ඉතාම සාර්ථකව වැඩමුළුව පවත්වන්න හැකි උනා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඒ ලිපිය බලලම ආපු අයත් හිටියා. පුදුම සතුටක් දැනුනා කට්ටිය එක්ක කථා කරද්දී. දවස් දෙකම සලකද්දි 350ක් 400ක් වගේ පිරිසක් සයභාගී වෙලා තිබ්බා වැඩමුළු වලට.

මුල ඉඳන් කථාව කියන්නම්කෝ. මේක ඉස්සෙල්ලාම සංවිධානය වුනේ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟයට උදව්වක් වශයෙන්. වැඩමුළුව ගැන විස්තර කියලා ආසන වෙන් කරගන්න කියලා මම ඉන්ටර්නෙට් සම්පත් භාවිතය රේඩියෝ වැඩසටහනේ කියපු වෙලේ ඉඳන්ම මටයි මාධවටයි දුරකථන ඇමතුම් එන්න ගත්තා. මම එවේලේ SLBC එකේ මැදිරියේ සිටි නිසා ආපු එක දුරකථන ඇමතුමකටවත් උත්තර දෙන්න බැරි වුනා. වැඩසටහන මෙහෙයවන ජයසිංහටත් මම පෙන්නුවා එන ඇමතුම් ප්‍රමාණය. එවෙලේ නම් මාධවට සෑහෙන්ට ඇමතුම් එන්න ඇති මොකද මම එකක්වත් ගන්නේ නැති හින්දා.

මුලදී මේ වැඩමුළුව සංවිධානය කරන්න හිටියේ අපි 5 දෙනෙක් විතරයි. මම, මාධව, අනිල්, Shazan, හා ප්‍රනීත් මල්ලි. පෝස්ටර් සකස් කරන තැනේ ඉඳලා අන්තිම මොහොත වෙනකම්ම මේ ටික දෙනා මැරීගෙන වැඩ කළා. අන්තිම දවස් වෙද්දි ගොඩක් අය තව උදව් කරන්න ඉදිරිපත් වුනා. ගොඩක් දවස් වලදී අපි නිදියනකොට පාන්දර 1,2 වෙලා. අවසානයේදී තමන්ගේ කථාවේදි හර්ෂ මල්ලි කීවා වගේ, කොම්ප්සොක් වැඩක් විදියට පටන් ගත්තු මෙය අන්තිමේදී UCSC එකේම වැඩක් වුනා. වැඩ කරන්න ආව හැමෝම ආවෙ තමන්ගෙ කැමැත්තෙන්.

මතක් කරන්න ඕනි මීට කාලෙකට කළින් මේ තරඟය සංවිධානය කළ සංවිධාන කමිටුවේ හිටි අයත්.

එදා ඉඳන් අවසන් දවස වෙනකම්ම සෑහෙන ඇමතුම් ප්‍රමාණයක් ආවා. මාධවත් මාත් ඒ අයට උත්තර දෙන්නත් ආසන වෙන් කරන්නත් මහන්සි වුනා. ඈත පාසල් වලින් අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. සෑහෙන පිරිසක් කීවේ ඒ අයට තව වැඩිපුර ආසන සංඛ්‍යාවක් දෙන්න කියලා. පුළුවන් විදියට ඒ අයගේ ඉල්ලීම් අපි ඉටු කළා. ඒ අතර කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා පාසලකින් ලැබුණු ප්‍රතිචාරය නම් ඉතාම නරකයි. කවුරුන් නමුත් තේරුම් ගත යුතුයි මෙච්චර මහන්සි වෙලා අපි මේවා සංවිධානය කිරීමෙන් අපිට ලැබෙව එකම දේ මානසික තෘප්තිය පමණක් බව.

මෙහෙම අපේ නිවාඩු කාලය කැප කරගෙන සංවිධාන කටයුතු සිදුවෙද්දී දවසක් දවල් කෑම ගන්න වෙලාවේ මට කෝල් එකක් ආවා. “හෙලෝ සංජය. මේ UCSC එකෙන් කථා කරන්නේ. CompSoc එකේ Workshop එක දාලා තියෙන්නේ 4,5 නේද? ඒ දවස් වල හෝල් බුක් කළාද ? Overlap එකක් ගිහින් තියෙනවනේ” මේක අහපු මම සෑහෙන කලබල වුනා. ඔක්කොටෝම එන්නයි කියලා හෝල් නැති උනොත් ….? කොහොමින් හරි මාත් මාධවත් ගිහින් අනිල්ගෙත් මැදිහත් වීම ඇතුව ප්‍රශ්නය නිරාකරණය කරගත්තා. 3rd year lab, 4th year lab, IRQUE lab, w002 හා Auditorium යන සියල්ල වෙන් කර ගත්තා මේ දවස් දෙකට. UCSC Academic Branch එකේ අය කළ උදව් ස්තුති පූර්වකව මතක් කරන්න ඕනි.

අපිට Video Editing workshop එක කරන්න UCSC ADMTC එකෙන් සහයෝගය ගන්න හැකි උනා. Image Editing Workshop එක අපේ සහෝදර සහෝදරියන් විසින් කරන්න තීරණය කෙරුණා. ඒත් Audio Editing පිළිබඳ ගැටළුවක් පැන නැඟුනා. ඒ වෙලාවේදී බ්‍රයන් අයියගේ මැදිහත් වීමත් එක්ක අපේ UCSC එකේම අධ්‍යාපනය ලැබූ උදිත ජයසිංහ අයියගේ උදව් ගන්න හැකි උනා. උදිත අයියත් දහසක් රාජකාරි මැද්දේ උනත් ගොඩක් කැමැත්තෙන් සහයෝගය දෙන්න ඉදිරිපත් උනා.

28 වෙනිදයින් පස්සේ කලින් රික්වෙස්ට් දාපු අයට දවස් හා කණ්ඩායම් වෙන් කිරීම සිදු වුනා. ඒ පිළිබඳ වැඩි බරක් අරන් වැඩ කලේ මාධව.

කට්ටිය ලහි ලහියේ වැඩ

ඔන්න ඔක්තෝබර් 3 වෙනිදා, ඒ කියන්නේ වැඩමුළුවේ ප්‍රථම දිනයට කලින් දවස, උදේ මට කෝල් එකක් ආවා බණ්ඩාරවෙල විද්‍යාලයක ගුරුතුමියකගෙන්. මම අන්තිමට කීවා 8ට වගේ එන්න ඕනි පුළුවන් ද ඒ වෙලාවට එන්න කියලා. පස්සේ මට දැනගන්න ලැබුනේ ඒ වෙනකොටත් ඔවුන් කොළඹ ඇවිත් නවාතැන් අරගෙන. මට පුදුම සතුටක් ඇති වුනා ඔවුන්ගේ උනන්දුව ගැන.

ඉතින් එදා කැම්පස් එකට ගොඩක් අය ඇවිත් හිටියා වැඩ කරන්න. කොම්පියුටර් වලට සොෆ්ට්වෙයා දාන එක තිබ්බ එක වැඩක්. හිතුවට වඩා වැඩේ බරපතල උනා. ගැටළු ගොඩක් ආවා. ඒ හැම එකක්ම වගේ මැඩගෙන කටටිය වැඩ කළා.

අන්තිමේදි පස්සේ දවසටත් වැඩ ටිකක් ඉතුරු වුනා.

කොහොමින් හරි පස්සේ දවසේ උදේම මමයි මාධවයි යනකොට කවදාවත් නැතිව අනිල් අපිටත් කලින් ඇවිත් CompSoc Room එකේ :P  

එදා ඔන්න ඉතින් උදේ හරිම කලබලකාරී. වැඩ ගොඩයි. ලැබ් ගැන බලන්න ඕනි, රෙජිස්ට්‍රේෂන් ගැන, ප්‍රොජෙක්ටර්ස් අරවා මේවා හැම එකක් ගැනම බලන්න කට්ටිය යොදවන්න ඕනි…. මාවත් හොයාගෙන කීප දෙනෙක් ආවලු උදේ, උදේ නම් හමුවෙන්න ලැබුනේ නෑ වැඩ අධික නිසා. කොටින්ම කීවොත් උදේ උත්සවේ මැද්දේ ඇතුලට ගියාම අනිල් මගෙන් අහනවා ” මචන් උඹ පහන පත්තු කරන්න ගියේ නැද්ද. උඹේ නමත් කීවානේ ” කියලා. මොනා කරන්නද ඉතින් :)  

කොහොමින් හරි වැඩමුළු සාර්ථකව පැවැත්වුනා. පළමු දවසේ Audio Editing Workshop එකට උදිත අයියාත් අපේ සුරංග සොයුරාත් සම්පත් දායකත්වය දුන්නා. උදිත අයියා ගොඩක් හොඳින් වැඩමුළුව මෙහෙයවූවා.  දෙවන දවසේදී සුරංග හා චත්‍ර සොයුරන් වැඩමුළුව මෙහෙයවූවා. විශේෂයෙන් කියන්න ඕනි අපි හැමෝගෙම සිත් ගත්තු බ්‍රයන් අයියගේ ලෙක්චර් එක ගැනත්. Video Editing Workshop එක ADMTC එකේ සඳරුවන් සර් හා ප්‍රභාත් සර් විසින් මෙහෙයවූවා. තව අපේ රුවන් සෙනෙවිරත්න සොයුරාත් Junior Batch එකේ නංගි කෙනෙකුත් ඊට එක් උනා. Image Editing Workshop එකට අපේ හා Junior Batch එකේ බොහෝ පිරිසකගේ සයයෝගය ඇතුව ඉතා සාර්ථකව කෙරුනා. ඔවුන්ගෙ නම් කියන්න යන්නේ නැත්තේ එක් කෙනෙක්ගෙවත් නමක් මඟ ඇරුනොත් හරි නෑනේ. මහේෂ්‍යා Expression Blend Design ගැන කියල දුන්න.

Adobe Premiere, Movie Maker, Cubase, Wavelab, Reason, Musix, Audacity, Adobe Audition, Adobe Photoshop, Adobe Illustrator, Microsoft Expression Blend Design වැනි මෘදුකාංග ගැන පුහුනුවක් ලබා දුන්නා ආපු අයට.

ඉතින් ඔන්න දවස් දෙක ඉවර උනාම අපේ කට්ටියට පුදුම සතුටුයි. එකක් ඉතාම සාර්ථකව වැඩ ටික නිම වුනා. අනිත් කාරණේ කට්ටියගේ Feedback.

හමු වෙලා කථා කරපු අයගේ තිබ්බේ පුදුම සතුටුදායක හැඟීමක්. ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා.

අඩුපාඩුවක් විදියට කියලා තිබ්බේ වෙලාව මදි කියලයි, වේගෙන් කළා කියන එකයි. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. තියෙන සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට අරන් උපරිම දෙයක් අපි දෙන්න උත්සාහ කළා. සුළු අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා.

කියන්න ඕනි විශේෂ දේවල් කීපයක් තියෙනවා. වැඩමුළුවට ආපු අය තමන් කැම්පස් කොල්ලෙක් කියලා හිතේ මවන් හිටියේ නාහෙට අහන් නැති කොල්ලේක් නම්, ඉවරවෙලා එළියට යද්දි ඊට හාත් පසින්ම වෙනස් දෙයක් ඔවුන්ගේ සිතේ මැවුනා නොඅනුමානයි. පහත මම දාන්නම් විවිධ ආකාරයෙන් ලැබුනු ප්‍රතිචාර කිහිපයක්.

FaceBook Page

Facebook Album Comments

FB Message

FB Message

FB Wall Post

FB page wall

හපුතන්ත්‍රි මහත්තයා කෝල් එකක් දීලා තිබුනා. මට ඒක ගන්න බැරි උනු නිසා ආයෙ ගත්තම එතුමා කීවේ මෙහෙම කථාවක්.

ඉතින් ඔන්න ඔහොමයි වැඩේ උනේ. මේකට සහයෝගය දීපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. උදිත අයියත්, අපේ Senior බැච් වල බ්‍රයන් අයියත් ඔෂාන් අයියත්, අපේ බැච් එකේ අනිල්,මාධව, Shazan, යුවකාන්ත් හා අනෙක් සහයෝගය දීපු හැමෝමත් Junior batch එකේ ප්‍රනීත්, සුවින්,හර්ෂ හා මිලාන් ඇතුළු සපෝර්ට් එකට ආපු හැමෝමත් කළ මෙහෙය ඉතාමත් අගය කරනවා :)

මේ ගැන මාධව ලියපු ලිපිය මෙතනින් බලන්න.

ඡායාරූප පහත ලින්ක් වලින් බලන්න පුළුවනි.

Getting Ready

Media Editing Workshop by CompSoc 4th and 5th October 2011

…:::: CompSoc Media Editing Workshop [4th & 5th Oct]::::….

ප.ලි.:
කියන්න අමතක උනා Feedback වල, සාර්ථකත්වය දරාගන්න බැරුව ඊර්ෂ්‍යාව ප්‍රකාශ කළ අයත් හිටියා. ඵල ඇති රුකටලුනේ ගල් පොලු වදින්නේ. IFO කාලෙත් ඕවා තිබ්බා.

පහතින් තියෙන්නේ Workshop ඉවරවෙලා අස්පස් කරල, සිංදු කියලා එහෙමත් ඉවර වෙලා කට්ටිය එක්ක පින්තූරයක්. කීප දෙනෙක් ඇරෙන්න සහයෝගය දුන්නු හැමෝම ඉන්නවා මෙතන.

දෙවෙනි දවස අවසානයේ සිනා පිරි මුහුණු :)

Thanks Praneeth for providing me the photo

compsoc_media_editing_workshop_and_competition

Audio/Video/Image Editing පිළිබඳ නොමිලේ වැඩමුළුවක්

3

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය විසින් ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව සංවිධානය කළ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟාවලියට උදව්වක් වශයෙන්. ඒ ගැන පස්සෙ දවසක ආයෙ කියන්නම්කෝ….

 

කැමති ඕනෙම කෙනෙක්ට මේකට සහභාගි වෙන්න පුළුවන්, වයස් භේදයක් නෑ. හැබැයි ඉඩකඩ ටිකක් සීමිත නිසා කලින් ආසනයක් වෙන් කරගන්න වෙනවා.

 

ඔක්තෝබර් 4 හා 5 දවස් දෙකේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතන (UCSC) පරිශ්‍රයේදී උදේ 9 ඉඳන් 5 වෙනකන් මේ වැඩමුළු පැවැත්වෙනවා. ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳව වෙන වෙනම වැඩමුළු 3ක් පළමු දවස පුරාම පැවැත්වෙනවා. ප්‍රායෝගිකව අත්හදා බලමින් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒ වැඩමුළු 3මයි 5 වෙනිදත් පැවැත්වෙන්නේ. ඒ හින්දා කැමති නම් 4 වෙනිදට එක වැඩමුළුවකට ඉඳලා පස්සෙ දවසේ වෙන එකකට ඉන්න පුළුවන්. එක් කෙනෙක්ට උපරිම වශයෙන් අංශ 2කට තමා මේ විදියට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ..

 

පාසැල් වලට දැනටමත් ලිපි මඟින් දැනුම් දීලා තියෙනවා. මේ වෙනකොටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කලින් අපි සීමාවක් දාලා තිබ්බා එක් පාසැලකින් සිසුන් 2දෙනෙක් හා එක් ගුරුවරයෙක්/ගුරුවරියක් සඳහා පමණයි කියලා. නමුත් ඉල්ලීම් අනුව ඒ සීමාවත් ලිහිල් කරන්න තීරණය කළා. කොහොම හරි වැඩි පිරිසකට හොඳ දැනුමක් දෙන වැඩසටසටහනක් කරන්නයි අපේ අදහස.

 

පුවත්පත් වලත් දකින්න ඇති මේ ගැන. නැත්නම් අන්තර්ජාලයෙන්ම හරි “ඉන්ටර්නෙට් සම්පත් භාවිතය” රේඩියෝ වැඩසටහන හරහා හරි දැනටමත් විස්තර දන්නවත් ඇති.

 

වැඩමුළු මෙහෙයවන්නේ කවුද කියලත් දැනගන්න කැමැත්තෙන් ඇතිනේ. Audio Editing වැඩමුළුව “ගාමනි” චිත්‍රපටයට සංගීතය සැපයූ උදිත ජයසිංහ මහතාත් UCSC සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුත් විසින් මෙහෙයවයි. Video Editing වැඩමුළුව UCSC හි ADMTC (Advance Digital Media Technology Center) මඟින් ද Image Editing වැඩමුළුව UCSC සහෝදර සහෝදරියන් විසින් ද මෙහෙයවනු ලබයි.

 

එන්න කැමති නම් 30 වෙනිදට කලින් පුළුවන් ඉක්මනින් ඉල්ලීමක් කරන්න.

 

මෙතනින් ඔන්ලයින් රික්වෙස්ට් එකක් දාන්න පුළුවන් : http://compsoc.lk/en/media-workshop-registration.html

එහෙමත් නැත්නම් පහත අංක වලට කෝල් එකක් දීලා වැඩිදුර තොරතුරුත් දැනගෙනම තමන්ගේ පැමිණීම ගැන කියන්නකෝ

සඳුන් – 071 8405321 සංජය – 071 9417343

 

  Workshop and Competition

 

Facebook Page : http://www.facebook.com/MediaCompetition

Facebook Event : http://www.facebook.com/event.php?eid=263877420311001

Details on the Workshop : http://compsoc.lk/en/workshop-on-multimedia-technologies.html

Online Request form : http://compsoc.lk/en/media-workshop-registration.html

Gift_Voucher

Gift Voucher!

2

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ ඉඩක් තිබ්බේ නෑ මොනවත් ලියන්න.

මේ කියන්න යන්නේ ගිෆ්ට් වවුචර් එකක් දිනාගන්න විදියක් ගැන එහෙම නෙමේ ඔන්න.

 

මමයි තරංග අයියයි ලඟදි දවසක ගියා Cargills එකට බඩු වගයක් ගන්න. ඉතින් ඔන්න ගන්න ඕන දේවල් ගැන බලන අතරේ තරංග අයියා මගෙන් ඇහුවා “මේගොල්ලෝ ගාවත් ගිෆ්ට් වවුචර් ඇති නේද” කියලා.

පස්සේ ලඟ පාත වෙන කවුරුවත් වෙන අහන්න කෙනෙක් නැති නිසා එතන හිටපු සෙකියුරිටි ලේඩි කෙනෙක්ගෙන් තරංග අයියා ඇහුවා “ඕගොල්ලො ගාව ගිෆ්ට් වවුචර් තියෙනව ද? ” කියලා.

මේ ගෑණු එක්කෙනා අපි හිටපු තැන තිබ්බ රාක්ක වලට අත දික් කරලා කියනව, “තියෙනවානම් මේ හරියේ තමා තියෙන්නේ සර් බලන්නකෝ ”

තරංග අයියත් “හා හා..” කියල අහක බලාගත්තේ කටට ආපු හිනාව අමාරුවෙන් නවත්තගෙන.

මෙයා ඉතින් කාර්ගිල්ස් එකට පිටින් ගත්තු සෙකියුරිටි ලේඩි කෙනෙක් වෙන්න ඇතිනේ.. මොනව කරන්න ද? එයාගේ වරදක් නෙමේ :P

aurudu

සැමට සිරි සුභ නව වසරක් වේවා!

0

කිරියෙන් පැණියෙන් ඉතිරුණු…
බත බුලතින් සපිරුණු..
හිත තුටිනු පිරුණු..
ජයෙන් ජයම වන..

සිරි සුභ නව වසරක් වේවා!

CMS info wheel

Content Management Systems (CMS)

1

Note: You can view this also in CompSoc.lk web site.


You may have heard the word “CMS” several times. Do you wonder what a CMS is …? Well it Content Management System is presented in the abbreviation CMS. Whatever it is, what does it do really?

Also have you ever think of how large sites manage their content? News sites like adaderana.lk, dailymirror.lk needs to be updated so often. If you are a person who only knows about web designing with HTML you may have wondered how these people manage their sites. Because editing html files and updating them in the server is not a much easy task. You need to edit the page locally and then update the remote server. Managing huge amount of content is not an easy task in this way.


Just imagine about a business. Most probably the business owner or managing director is a non-tech guy. Even though they have a web site it is difficult to update the site as needed. Think the manager needs to update the site with an immediate notice. What does he have to do? He contacts the web designing company and says his requirement. Then he may email the required content and after some time the site will be updated by the designing company. This takes much time and even cost much too. What if this non-tech guy have the chance of updating the site quickly?

Also we may add several types of content to the web site. We may add photos, audio, video and so on. Also we may need to provide a facility of user registraion, logging in and displaying user specific content. How about coding from the scratch ?

For all these problems the solution is Content Management Systems which we call CMSs in short. So what is a CMS? What do they do ?


In simple terms : CMS is  a system that manages content. Telling it in a descriptive manner,

“A CMS is a tool that enables a variety of technical and non technical staff to create, edit, manage and finally publish a variety of content (such as text, graphics, video, documents etc), whilst being constrained by a centralized set of rules, process and workflows that ensure coherent, validated electronic content….”

Watch this video so you’ll understand well……


So now you know what a CMS is. There are several types of CMSs.

  • Enterprise content management systems
  • Web content management systems
  • Web group content management systems
  • Component content management system
  • Here we are going to discuss about the web content management systems. For others as well just look for this wikipedia article.

So what are the available CMSs ?

There are so many CMSs for different tasks. Joomla, Drupal, WordPress, DotNetNuke, phpNuke are some of the popular CMSs. You can see a huge list here.


We wil start discussing about Web Designing with Joomla in the next articles.


Still confused?

How do they really work?


These CMSs are web applications. Written in a server programming language like php. So we’ll install them in the server and they will work like a software where we can continue developing the site.

Installing a software in the server? Oops

No no .. no need to fear. It’s not in the type u think of. Not much difficult. We’ll continue learning about Joomla in the next articles. So you would get a good knowledge and will be able to create a working web 2.0 site in minutes.

Comments are welcome!

Joomla Logo

Joomla: Want more facilities to edit articles?

6

Joomla වල Artilces edit කරන්න පහසුකම් මදි කියලා හිතුනාද? Joomla වල එන්නේ Tiny MCE කියන WYSIWYG (What You See Is What You Get) editor එක.

Article එකක් add කරන්න ගියාම පේ‍න්නේ මේ විදියටනේ. ‍

Tiny MCE

මේකෙ ඇත්තටම ටිකක් පහසුකම් මදි තමා.

අපි අලුත් Editor එකක් එකතු කරගම්මු.

JCE editor එක හොඳ විසඳුමක්. ඉස්සෙල්ලා http://www.joomlacontenteditor.net/downloads/editor මෙතනින් බාගන්කෝ Component එක. ඕකෙ තියෙන JCE Installation Package ගත්තම හරි. දැන් මේක Extensions>> Install/Uninstall හරහා ස්ථාපිත කරගන්න.

ඒත් ස්ථාපිත කරගත් පමණින් Editor එකේ වෙනසක් පේන්න ලැබෙන එකක් නැහැ. අපි Default Editor එක වෙනස් කරන්න ඕනි.

Site>> Global Configuration වල Site Settings යටතේ තියෙන එකෙන් Editor-JCE කියන එක තෝරලා save කරගන්න. දැන් Article එකක් add කරන්න ගිහින් බලන්න.

JCE Editor

දැන් හරි නේද?

Joomla Logo

ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site

29

English Translation of this post available here: http://blog.sanjaya.me/joomla-localization-post-in-english/

ඔබ ඕනෑ තරම් දැක ඇති භාෂා කිහිපයකින් නැරඹිය හැකි වෙබ් අඩවි. මෙසේ වෙබ් අඩවියක් සැකසීම බෙහෙවින් අමාරු යැයි ඔබට සිතෙන්නට ඇති. ‍එවන් අඩවියක් සැකසීම එහෙමකටම අමාරු වැඩක් නොවේ.
ඔබේ ජූම්ලා වෙබ් අඩවිය භාෂා 3න්ම ඉදිරිපත් කිරීම මහා අමාරු දෙයන් නොවේ. ජූම්ලා සමඟ භාෂා රාශියක් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. මාතෘකාවේ ත්‍රෛභාෂාවෙන්ම කියලා දැම්මේ ලංකාවේ අපි භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන් භාෂා 3ක් නිසා.
හරි. මේකට අපි පාවිචිචි කරන්නේ, ගොඩක් ප්‍රසිද්ධ JoomFish කියන Component එක. මේක localization සඳහා ඉතා පහසුවෙන් පාවිච්චි කරන්න් පුළුවන් Component එකක්.
(මම මේ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරන්නේ localhost හි jom නමින් ස්ථාපනය කරන ලද ජුම්ලා අඩවියක්.)
ඉස්සෙල්ලාම අපි මේ Component එක අපේ ජූම්ලා අඩවියට එක් කරගනිමු.

JoomFish

http://www.joomfish.net/downloads

මෙතැනින් JoomFish හි නවතම stable සංස්කරණය බාගත කරගන්න.

දැන් Joomla backend එකේ (http://localhost/jomdemo/administrator/) Extensions>> Install/Uninstall වෙතට පිවිසෙන්න.

Extensions >> Install/Uninstall

දැන් Browse බොත්තම භාවිතා කර බාගත කර File එක තෝරන්න. පසුව upload file & install බොත්තම ඔබන්න. දැන් JoomFish Component එක ස්ථාපනය වනු ඇති.

Install

දැන් මෙනුවේ Component යටතේ JoomFish යන්න දිස් වනු ඇති.

Front End එකේ (http://localhost/jom/) Search කවුළුව අසල එංගලන්ත කොඩිය දිස්වනු ඇති

Flag

දැන් අපි භාෂා පැකේජ ඇතුලත් කරගත යුතු වෙනවා. භාෂා පැකේජ මෙතැනින් ලබා ගන්න : http://community.joomla.org/translations.html

සිංහල:

http://joomlacode.org/gf/project/jtranslation/frs/?action=FrsReleaseBrowse&frs_package_id=3494

මෙහි ඇති si-LK.installation.zip, si-LK_joomla_lang_admin.1.5.15v1.zip, si-LK_joomla_lang_site.1.5.15v1.zip යන ගොනු 3ම ඉහත පරිදිම ස්ථාපනය කරගන්න.

දෙමළ:

http://joomlacode.org/gf/project/jtranslation/frs/?action=FrsReleaseBrowse&frs_package_id=3455

මෙහි ඇති ta-LK_joomla_lang_site.1.5.15.zip, ta-LK_joomla_lang_admin.1.5.15.zip යන ගොනු 2 පෙර පරිදි ස්ථාපනය කරගන්න.

දැන් භාෂා ඇතුලත් කරලා ඉවරයි.

Components >> JoomFish >> Language Configuration ( http://localhost/jom/administrator/index.php?option=com_joomfish&task=languages.show ) හි active යටතේ සිංහල හා දෙමල භාෂාවන් සඳහා Check Box තුළ හරි ලකුණ සඳහන් කර Save බොත්තම ඔබන්න.

දැන් Front End එකේ එංගලන්ත කොඩියට අමතරව “Sinhala (Sri Lanka)Tamil” ලෙස සටහන් වී ‍තිබෙනු ඇති. මේවා භාෂාවන් මාරු කිරීමට භාවිතා වනවා.

සිංහලෙන්

Sinhala (Sri Lanka)Tamil ලෙසින් අකුරින් දිස් වනු වෙනුවට අනන්‍ය රූපයක් පෙන්වීමට අවශ්‍ය නම් si.gif හා ta.gif ලෙස ඉමේජ 2ක්  ජූම්ලා ඉන්ස්‍‍ටෝල් කළ Folder එක ඇතුලේ ඇති components/com_joomfish/images/flags/ යන Folder එකට දමන්න.

මෙම ලින්ක් භාවිතා කිරීමේදී ඇති වන වෙනස නිරීක්ෂණය කරන්න. Articles, Menu items යනාදියේ කිසි වෙනසක් ඔබට දකින්නට නොලැබේවි. ඒවා අප අතින් Translate කළ යුතුය.

Translation

මේ සඳහා Components >>JomFish >> Translation වෙත යන්න. එහි වම් පස Language සඳහා Translate කළ යුතු භාෂාව ලබා දෙන්න. අපි Sinhala තෝරමු.

ඊට එහායින් ඇති ListBox එකේ අපිට Translate කළ හැකි දේවල් දිස්වනු ඇත. දැනට අපි Menus තෝරමු.

Translation Selection

දැනට තියෙන menu items list වේවි. ඒකෙන් Home කියන නම උඩ click කළාම translate කරන්න පිටුවක් ඒවි. ඒකේ Name යටතේ තියෙන Translation කියන box එකේ අපි මුල් පිටුව කියලා යොදලා දකුණු පස ඇති Pusblished කියන checkbox එකත් Check කරලා Save කරන්න. දැන් Front End එකේදි භාෂාව සිංහල කියලා මාරු කළාම වම්පස Main Menu එක බලන්න. වැඩේ හරි ගිහින් ඇති..

Menu after translation

දැන් ඔය උඩ රූපෙ ‍‍පේනවා ඇතිනෙ වෙලා තියෙන දේ. මම “Joomla! Community Portal” කියන artilce එකත් Translate කරනවා ඊගාවට. ඉස්සෙල්ලා විදියටම Content elements: ListBox එකෙන් Contents තෝරලා ඒකෙන් එන පිටුවෙන් Joomla! Community Portal article එක තෝරලා ඉස්සෙල්ලා වගේම Translate කරන්නම්. දැන් බලන්නකෝ:

After Translating the article

වැඩේ ගොඩ ‍නේද? :)

අනිත් ඒවත් translate කරන්න උත්සාහ කරන්න මේ විදියටම.

(Google Translate භාවිතයෙන් භාෂා ගණනාවකට ස්වයංක්‍රීයව පරිවර්තනය කරගැනීමට අවශ්‍ය Extension මෙතැනින් ලබාගන්න http://extensions.joomla.org/extensions/languages/automatic-translations )

තව ඉක්මනින් ලිය‍වෙන්න ඕනි මොනාද කියලා කියන්න ඉක්මනට

Sinhala (Sri Lanka)Tamil,Sinhala (Sri Lanka)Tamil,
Joomla Logo

ජූම්ලා ඉගෙන ගනිමු Let’s learn Joomla

9

ජූම්ලා කියන්නේ CMS (Content Management System) එකක්. ඒ කියන්නෙ අපිට පහසුවෙන් අන්තර්ගතය කළමණාකරණය කරගන්න පුළුවන් Web Application එකක්. ඒ කියන්නෙ සර්වර් එකකදි මේක configure කරගත්තාම (Install කියන වචනෙ මෙතෙන්ට හරියටම ගැළපෙන්නේ නෑ මම හිතන්නේ) ලේසියෙන් ඉතා අනර්ඝ වෙබ් අඩවි නිර්මාණය කරගත හැකියි. විශේෂයෙන් ඉතා ඉක්මනින් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා මේවා යොදා ගැනෙනවා. (Rapid Application Development)

අන්තර්ජාලයේ වෙබ් අඩවි නිර්මාණය සඳහා යොදා ගැනෙන CMS අතරින් ජූම්ලා ගොඩක් ප්‍රසිද්ධයි. මේක Free and Open Source web application එකක්.මේ මඟින් සැකසුණු වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය පිරික්සීමේදී ඔබට සොයාගන්න පුළුවන්.

මුල සිට ජූම්ලා පිළිවෙලකට ඉදිරිපත් කරන්න ‍මේ අවස්ථාවේ අමාරුයි. මේ බොහොම කාර්යය බහුල කාලයක්. නමුත් අනිවාර්යයෙන්ම මුල සිට සියල්ල ඉදිරිපත් කරන බවට මම පොරොන්දු වෙන්නම්. පහළින් මම ලියන ලියන ලිපි‍ වල පටුනක් ඉදිරිපත් කරන්නම්. ( ජූම්ලා බාගන්න පුළුවන් මෙතනින්)

මේ හදිස්සියෙ ලියන්න ගත්තෙ අපේ බොහොම දෙනෙක්ට උදවු කරන්න හිතාගෙන. ඉක්මනින් ලියවෙන්න අවශ්‍ය දේවල් මට කියන්න.
ජූම්ලා මුල සිට


ජූම්ලා Tips and Tricks

  1. ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site (Sinhala Post / English Post )
  2. Joomla: Want more facilities to edit articles?
  3. Joomla:How to move your site to a different server?
ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site
logo

අතීතය‍ට නොමැකෙන සටහනක් එක් කළ IFO++

5

IFO++ : Ideas Free and Open Incrementally, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා පරිගණක විද්‍යාව වෙනුවෙන්ම සංවිධානය වූ ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය පසුගිය 28,29, හා 30 යන දින වල අති සාර්ථකව පැවැත්වුනා. ලංකාවේ පරිගණක අධ්‍යාපනයට 25 වසරක් සැමරීම වස් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය (UCSC) විසින් මෙය සංවිධානය කරනු ලැබුවා.

මේ දැවැන්ත ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳව එය බැලීමට පැමිණි අති විශාල පිරිස සහ ඔවුන්ගේ ප්‍රතිචාර සාක්ෂි දරයි. කිහිප දෙනෙකුගේ අධෛර්යමත් කිරීමට ගත් උත්සාහයන් සුණු විසුණු කරමින් ඔවුන් කිසිවෙක් නොසිතූ ලෙස ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වුණා.

මේ ප්‍රදර්ශනයට අපගේ සියලුම වසර වල සහෝදර සහෝදරියන් මෙන්ම ආචාර්යය මණ්ලයද බෙහෙවින් වෙහෙසුනා. ඒ දුෂ්කර කාර්යයේ ප්‍රතිඵල දකින විට අපි හැමෝටම ඇත්තේ වචන‍යෙන් කියා නිම කළ ‍නොහැකි සතුටක්.

තොරණ

UCSC ගේටිටුව දෙසින් වූ තොරණ

ඔය තියෙන්නෙ UCSC ගේටිටුව පැත්තෙන් ඉදි කරලා තිබ්බ තොරණ. දෙවන වසර හා පළමු වසර කට්ටිය මේකට ගොඩක් මහන්සි උනා. තෙවන වසරෙ අයියලාගෙනුත් උපදෙස් ලැබුනා. ඔය කණු වල වීදුරු කෑලි අලවලා ලස්සනට හදලා තිබ්බා.

නරඹන්නන්

නරඹන්නන්

Education Zone

දෙවන වසරෙ අපිට ප්‍රධාන වශයෙන් භාර දීපු දෙයක් තමයි Education Zone එක. හැමෝටම පුදුම හිතෙන අත්දැකීමක් එක් කෙරුණු මෙය අති විශාල මවු පුවරුවක් ලෙසින් ඉදි උනේ මංජු සර්ගෙත් උපදෙස් ඇතිව. Education Zone එකේ කුටි තිබ්බෙ මේ මවුපුවරුවෙ කොටස් ඇතුලේ. ඇතුල් වෙන්න ඕනි Network Port එකෙන්, මවුපුවරුවෙ රවුමක් ගිහින් ප්‍රොසෙසරේට 2පාරක්ම ගිහින් එහෙම එළියට එන්න ඕනි VGA Port එකෙන්. මේ අතරේ මවුපුවරුවේ ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගන්නවත් එක්ක Networking, VR (Virtual Reality),AR (Augmented Reality), Image Processing, Cyber Crimes, General Purpose, FOSS යනාදී දේ ගැන ඉතා හොඳ දැනුමක් දෙන්න කුටි සකස් කර තිබ්බා.

වත්මන් අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා, හිටපු අධ්‍යක්ෂක ආචාර්ය රුවන් වීරසිංහ මහතා, මංජුශ්‍රී වික්‍රමසිංහ මහතා ඇතුළු ඇදුරු මඩුල්ලේ කිහිප දෙනෙක් Education Zone එක නරඔමින්....

වත්මන් අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා, හිටපු අධ්‍යක්ෂක ආචාර්ය රුවන් වීරසිංහ මහතා, මංජුශ්‍රී වික්‍රමසිංහ මහතා ඇතුළු ඇදුරු මඩුල්ලේ කිහිප දෙනෙක් Education Zone එක නරඔමින්....

මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා එක්ක මේ ඉන්නෙ කවුද කියලා දන්නව ඇතිනෙ :)

(ඉහත ඡායාරූප 3 මංජුශ්‍රී වික්‍රමසිංහ මහතාගේ ඇල්බමයකින් ලබාගන්නා ලදී)

පේනවා ඇතිනෙ කොහොමද මවු පුවරුව කියලා. (මේක ඇතුලේ ටිකක් රස්නෙයි කට්ටිය පිරුනාම, මේකෙ A/C නැති නිසා. කවුදෝ මන්දා කීවා “මදර් බෝඩ් එකක් උනාම රත් වෙනවානෙ” කියලා. :) )

‍නරඹන්නන් ගොඩක් දෙනෙක්ගේ ප්‍රශංසාවට පත් වුනා මේ Education Zone එක. මේක හදලා තිබ්බේ කොහොමත් සාමාන්‍ය ජනතාව සඳහාම තමයි. මේ සියල්ල හැදුවේ දවස් 10ක් ඇතුලත. නිදි මරාගෙන බොහොම වෙහෙස මහන්සියෙන් තමා ඕක ඔය මට්ටමට ගෙනාවේ. දෙවන වසර මෙන්ම ප්‍රථම වසර සිසුන්ගෙනුත් ලොකු දායකත්වයක් මේ සඳහා ලැබුනු බව කිව යුතුමයි.

පරිගණක කෞතුකාගාරය

කෙනෙක්ට දැකගන්න ලැබෙන දුර්ලභම දේවල් රාශියක් සමඟ පරිගණක කෞතුකාගාරය ප්‍රදර්ශනය වූයේ විද්‍යාජ්‍යෝති ම‍හාචාර්ය වී.කේ සමරනායක ශ්‍රවණාගාරයේදී. ලංකාවේ ප්‍රථම පරිගණක රාශියක් මෙහි ප්‍රදර්ශනය වුණා. එමෙන්ම අප ආයතනයේ ඉතිහාසය ගැනත් ලංකාවේ තොරතුරු තාක්ෂණයේ විකාශනය ගැනත් නරඔන්නෙකුට හොඳ අවබෝධයක් ලැබෙන පරිදි බැනර් ආදිය ප්‍රදර්ශනය කෙරුනා.

පැරණි පරිගණකයක්

ටේප් ධාවකයක්

මෙම ශාලාවට ඇතුළු වන තැන සකස් කර තිබූ යාන්ත්‍රිකව ක්‍රියා කරන පහන හා නාම පුවරුව සැමගේ පැසසුමට ලක් වුණා. බොහෝ දෙනෙක් එතැන ඡායාරූප ගැනීමටත් පෙළඹුනා.

ශ්‍රවණාගාරය තුළ විද්‍යාජ්‍යෝති ම‍හාචාර්ය වී.කේ සමරනායක මහතාගේ ඡායාරූපයට මල් මාලාවක් දමා තිබූ අයුරු හා අසල වූ පහන

(ඉහත ඡායාරූපය මංජුශ්‍රී වික්‍රමසිංහ මහතාගේ ඇල්බමයකින් ලබාගන්නා ලදී)

තවත් ඡායාරූප මෙතැනින් බලන්න.

Seminars

පාසැල් සිසුන්ට හා උපාධි අපේක්ෂකයන්ට විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුනා. එමෙන්ම IFO++ වෙනුවෙන් සැකසූ මෙහෙයුම් පද්ධතියක් හා video tutorials රැසක් අංගු DVD එකක් නොමිලේ බෙදා හැරුනා.

Projects and other Exhibits

UCSC සිසුන් විසින් නිර්මාණය වූ අගනා නිර්මාණ බොහොමයක් මෙ‍හිදී ප්‍රදර්ශනය වුනා. මට නම් බලන්න උනේ අත‍ලොස්සක් විතරයි. මොකද මම අපේ Project එක ගාව තමා බොහෝ වෙලාවට හිටියේ. මේ අතරින් මට මතක ඒවා කිහිපයක් සඳහන් කරන්නම්. පිළිගන්න හිටිය IBO රොබෝවා, තරිඳු අයියලාගේ මාර්ග සංඥා හඳුනාගනිමින් ඉබේ හසුරුවන්න හැකි වාහනය, සිම් නැතිව WIFI වලින් call ගන්නට හැකි මෘදුකාංගය, උදය හා එරංග අයියලගේ IFloor එක, කේෂාන් අයියගේ ටච් ස්ක්රීන් එක, අපේ ජනිත, දවුපදී හා අසේල හදලා තිබ්බ විදුලි මීටරය, බ්‍රයන් අයියලාගේ Traffic Control System එක, මෙහෙයුම් පද්ධතියක් නැතිව වැඩ කරන Word Processor එක, රවින්ද අයියලගේ Virtual Black Board එක, කුප්පි දාන්න හදලා තිබ්බ මෘදුකාංගය, File Recovery මෘදුකාංගය, අපේ චතුර, ලක්ඛණ හා සුමේධලාගේ විප්ලවීය Thaprobana game එක සිත් ගත් දේවල් වලින් කිහිපයක්.

IBO the robot who welcomed the visitors

Road Sign Identifier

Traffic Control System

IFloor

Second UCSC: The virtual environment for learning purposes

Mr. Gihan Fernando (creator of Colombo3D mobile game) visiting zone 7 where my project and Thaprobana game was exhibited.

තවත්‍ බොහෝ අංග ගණනාවක් ප්‍රදර්ශනය වුනා. ඔය මම සඳහන් කරලා තියෙන නම් ඒවලට තිබ්බ ඇත්ත නම්ම නෙවෙයි. කියවනකොට ඒවා තරමක් සාමාන්‍ය දේවල් ලෙස නොබලපු කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් බලපු අය දන්න‍වා කොච්චර දියුණු තාක්ෂණයක් යොදාගෙන තිබ්බද කියලා. Science Faculty එකෙන් අපිට ඉලෙක්ට්‍රෝනික් උගන්නන්න එන සර්ගේ ප්‍රතිචාරයෙන් යමක් සඳහන් කරන්න හිතුනා. ඔහු කීවා ‍අපේ අයගේ Researches ගොඩක් පුළුල් ක්ෂේත්‍රයකට ගිහින් තියෙනවා කියලා.

Our Project : AverPhiz

මමත් උපේෂලත් එකතු වෙලා හැදුවා Face Recognition System එකක් මඟින් වාහනයක් පනගන්වන්න හා පාලනය කරන්න හැකි පද්ධතියක්. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුනා. 2න්නෙක් Contact Details අරන් ගියා එයාලට මේක හදලා දෙන්න කියලා. තව ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වපු අය ඉන්නවා. සමහරු කියනවා Patent ගන්නලු concept එකට.

කොහාම හරි ගොඩක් සතුටු හි‍තුනා කට්ටිය‍ගෙ ප්‍රතිචාර දැක්කම.

AverPhiz : Project Poster

AverPhiz

Me

Chathuranga Upeshala

Milan malli and other 1st year boy who helped us a lot for demostrate the project

Demostration by a 1st year girl who helped us in demostrating the project in Tamil

අපේ Project එකට උදවු කළ අමිල අයියා, ඉන්ද්රජිත් අයියා, තරිඳු අයියා හා Project එකක් කරන්න උනන්දු කරපු අපේ ජ්‍යේෂ්ඨ අයියලාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම Demonstration වලට උදවු කළ Junior batch එකේ අයටත් ස්තුතියි.

ප්‍රදර්ශනයේදි හැම කුටියකම පාහේ භාෂා 3න්ම ඉදිරිපත් කිරීම් කෙරුනා. ඒ නිසා දමිල සිසුන්ට වගේම විදේශිකයන්ටත් ප්‍රදර්ශනය නැරඹීම ගැටළුවක් වුනේ නෑ.

කාර්යය මණ්ඩලයෙන් ලැබුනු සහයෝගයත් මතක් කරන්න ඕනි. නිර්මාණ කටයුතු වලට වලට 1වන හා 2වන වසර සිසුන්ගේ බෙහෙවින් වෙහෙසී කටයුතු කළා. 3වන වසර සිසුන් ප්‍රධාන සංවිධාන කටයුතු නියමාකාරයෙන් ඉටු කළා. 4 වන ඩසර අයියලා අක්කලත් ගොඩක් දායක වුනා. අපි හැමෝගෙම එකමුතුවෙන් තමා ඔබට මේ වගේ සාර්ථක යමක් ඉදිරිපත් කරන්න හැකි වුනේ. UCSC වෙනස ඒකයි කීවොත් මා නිවැරයි.

විද්‍යාජ්‍යෝති ම‍හාචාර්ය වී.කේ සමරනායක මහතාගේ එදා වූ අනාගත දැක්ම හා එතුමා ඉටු කළ මහා සේවය මනාව මල් ඵල දරා ඇති බැවි පසක් වන එක් අවස්ථාවකි මේ.

2nd Years

අත්දැකීම් ගොඩක් එක්ක IFO++ ඉවර උනත් ඒ මතකයන් කවදාවත් අමතක වෙන එකක් නෑ අපි කාටවත්.

තවත් ඡායාරූප :

http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209#!/photos.php?id=145280818828209

General purpose General purpose
Go to Top