Voteඡන්දෙට කලින් මේ ලිපිය දාන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා ඔන්න ඡන්‍ද විමසීම ඉවර උනාමම දැම්මා. කථා කරලා වැඩක් නැති මාතෘකාවක කථා කරන්න හිතුනු දේවල් ටිකක් මේ.

ටියුෂන් හටන් සහ ඡන්දය.

ඉස්සෙල්ලාම කියන්න යන්නෙ කළුආරච්චි සර් ගැන. මතක ඇති කාලෙකට ඉස්සර බර යූඇන්පී කාරයෙක්නෙ. දුෂ්‍යන්ත මහබදුගේ සර් එක සැරයක් කීවා ” රනිල් යූඑන්පී එක දාල ගියත් කළුආරච්චි සර් නම් යූඑන්පී දාල යන‍්නෙ නෑ ” කියල. ඒත් පහුගිය ජනාධිපතිවරණ සමයෙ අපි දැක්කා රූපවාහිනියෙන් ගම්පහ පන්ති කරන තවත් සර්ල කීප දෙනෙක් එක්ක එ.ජ.නි.ස.යට පක්ෂව ‍පෙනී ඉන්නවා. අපි මේගැන කථා කලා ගම්පහ ස්ටිකර් විකුනන්න ගිය වෙලේ. සර් කීවා මෙහෙම. “අපි දේශපාලනයට ආවේ සල්ලි හොයන්න නෙවේ, තියෙන සල්ලි ටික වියදම් කරන්නනෙ. ගම්පහ සමහරුන්ට තැන් 2,2 තියෙනවා සංවිධායක විදියට. ඉතින් මාත් රනිල්ගෙන් ඉල්ලුවා සංවිධායකකමක්, අපිටත් ගිහින් මිනිස්සු හමුවෙලා මිනිස්සු එක්ක කථා කරලා මේක කරන්න. ඇයි ලමයි, දේශපාලනේ කරනවනම් හරියට කරන්න ඕනි. රනිල් අදිමදි කලා. මම එහෙනම් තියාගනින් කියල එන්න ආව. දැන් මේ අපේ කොල්ලා ඡන්දෙ ඉල්ලන නිසා ටිකක් වැඩ කරනවා….”. ඔන්න ඔහොමයි ඒ කථාව.

ඔතන ඔය “අපේ කොල්ලා” කීවෙ සංයුක්ත ගණිත දේශකයෙක් විදියට අපි දන්න දුෂ්‍යන්ත මහබදුගේ සර් ගැනනෙ.

සර් මේ සැරේ මහ මැතිවරනෙට ගම්පහින් ඡන්දෙ ඉල්ලුවනෙ. පන්ති ගිය අය දන්නව පන්ති වලදි හොඳටම එකිනෙකාට බැන ගන්න දෙන්නෙක්නෙ දුෂ්‍යන්ත සර් සහ කේසිරි සර් (ඇත්තටම තරහක් තියෙනවද කියන එක නම් වෙනම කථාවක්). ඔන්න ‍මේසැ‍රේ කේසිරි සර් පන්තියකදි කීවාලු ” මට නම් වැඩක් නැහැ. හැබැයි ඉගෙන ගත්තු ‍කෙනෙක් ඉස්සරහට යන්න හදන්නෙ. ඒ නිසා එයාට ඡන්දෙ ‍දෙන්න”කියලා. අපිට මතක විදියටනම් ඉස්සර “ඉංජිනේරුවට ගනං බෑ” කියලයි කීවෙ :) .

පුස්සැල්ල සර්ත් අපි දන්න විදියට නම් එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ‍සර් අපේ සමහර යාලුවන්ගෙ ‍ගෙවල් වලට ලියුම් එවල තිබ්බා දුෂ්‍යන්ත සර්ටත් මනාපයක් වෙන් කරන්න කියලා.

දුෂ්‍යන්ත සර්, බද්දෙවිතාන සර්ගෙ පන්තියටත් ඇවිල්ලා කීවලු ඡන්දෙ දෙන්නයි කියලා.

Election

මනාප පොරය

ගම්පහ මනාප පොරය අඩුම දිස්ත්‍රික්කයක් විදියට මාධ්‍ය වලින් ඇ‍හෙන්න ඇතිනෙ. ඒත් මීරිගම පැත්තෙ නම් ඒක වෙනස්. පුදුම හටනක්, පක්ෂ අතර නෙවේ, එකම පක්ෂෙ අය අතර. මීරිගමින් අපේක්ෂකයො දෙන්නෙක් ඉල්ලුවනෙ. කෝකිලා සහ වසන්ත සේනානායක තමා ඒ දෙන්නා. අපේක්ෂිකාව‍ගෙ පාඨය උනේ “ඒක ඇත්තමයි” කියලා. පහුගිය දවසක මේ දෙගොල්ලො පොඩ්ඩක් අතපය රත් කරගෙන. ඒ අතරෙ  වසන්ත මහතාගේ මෝටර් රථයකට අනිත් පිරිසක් පහර දීලා. මේ සිදුවී‍මෙන් පස්සෙ ඒ මෝටර් රථයත් ඇදගෙන පෙළපාලියක් ගිහින් නගරය මැද්දෙන් වසන්ත මහතාගේ කට්ටියක් “මේක ඇත්තමයි” කියාගෙන. එතෙන්දිත් යම් සිද්ධියක් ‍වෙලා තියෙනවා. කොහොමහරි එවෙලෙ නගරයම නොසන්සුන් උනා කියලයි ආරන්චිය.

වියදම

කොළඹ පැත්තෙ අයගෙ රඟ අපි දැක්කා. මීරිගම ලඟදි දවසක වසන්ත මහතාගේ ප්‍රචාරක රථයක කියාගෙන යනවා එතුමා රු ලක්ෂ 700ක් ඡන්දෙට වියදම් කරලයි කියලා. ඕක අහපුවාම “අනේ කෝටි 7ක් වියදම් කරලානෙ ඉතින් ඡන්දයක් දෙන්න ඕනි” කියල හිතෙන අයත් ඉන්නවයි කියල මම නම් හිතන්නෙ නෑ. ඒ මුදලින් කොච්චර සමාජ  සේවයක් කරන්න තිබ්බද. අඩු වශයෙන් පිනක්වක් ඉතිරි වෙයිනෙ. ඔච්චර වියදම් කළ අය ‍‍දිනුවොත් ජනතාවට වන සේවය ‍කොහොමද කියලත් හිතාගන්න පුළුවන්නෙ.

කේසිරි සර්