කළු බලකාය කියල කීවට මේ කියන්න යන්නෙ දේශපාලනය‍ට කොහෙත්ම සම්බන්ධ නැති UCSC එකේ, පළමු වසර කණ්‍ඩායමක් ගම්පහ ස්ටිකර් විකුණූ හැටි.

ස්ටිකර් විකුණලා ආධාර එකතු කරන්නේ ඇයි කියලා කලින් බ්ලොග් ස‍ටහනේ කීවානේ. ඉතින් අපි 13 දෙනෙක් තමා එකතු උනේ පහුගිය සෙනසුරාදා ගම්පහට. ඉස්සෙල්ලාම පොලිසියෙන් අවසර ගත්තා. ඊ‍ට පස්සෙ තමා වැඩේට බැස්සෙ. බොහොම විනෝදජනකයි කට්ටිය එක්ක මේ වැඩේ කරන එක. අමිත් පුස්සැල්ල, තිස්ස ජනනායක, ආන්නද කළුආරච්චි, නිලන්ත ජයසූරිය යන ගුරුවරුන්ගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුනා. ඒ ගුරුවරුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි. ඇත්තම කියනවනම් අපේ වැ‍ඩේ හිතුවට වඩා සාර්ථක උනා.

මේ එදා හිටපු අපේ අය,

ජනිත,මාධව, ඉන්දික,අරුණි, චමිල, රුවන්දික, චතුර, නිසල, සඳුන්, ඕෂධ, රුවන්, සු‍මේධ

මේ එදා හිටපු අය‍ගෙන් කීපදෙනෙක්

මේ එදා හිටපු අය‍ගෙන් කීපදෙනෙක්

තවත් ඦායාරූප මෙන්න.