කලින් ලිපියට සති 2කට පස්සෙ මේ ලිපිය එකතු වෙන්නෙ. කලින් ලිපියෙ ඉතිරි ටික ඊලඟට ලියවෙන්න ඕන නිසාත් ඒක ‍ටිකක් දිග කථාවක් නිසාත් තමා මේ ලිපිය ලියන්න පටන් ගන්න ටිකක් පරක්කු උනේ මොකද මේකෙ දිග මතක් වෙනකොට කම්මැලි හි‍තෙනවා පටන් ගන්න.

හරි මම කීවානෙ “ලැප ගත්තු ‍කඩේ එක්කත් කොක්කක් වැටුනා” කියලා ඒක තමා මේ කියන්න යන්නෙ.

ලැප අරන් ටික දවසකින් පොඩි ගැටලුවක් මතු උනා. මේකෙ තියෙන‍වා ටච් බට්න් වගයක් සද්දෙ අඩු වැඩි කරන්න, මීඩියා ප්ලේයරය පාලනය කරන්න ‍එහෙම. අරන් ටික දවසකින් සද්දෙ එකපාරට වැ‍ඩි වෙන්න උනා වෙලාවක. මාර කේස් එක දැන් මොකෝ කරන්නෙ. ටච් බට්න් තියෙන හරිය පිහල එහෙමත් බැලුවා. ගෙනාපු දවස් වලම වින්ඩෝස් 7 දැම්මා ඒක එක්ක ආපු විස්ටා මට හරියන්නැති නිසා. මේ ගැටඵවට මෙහෙයුම් පද්ධතියෙනුත් බලපෑමක් නැහැ උබුන්ටු වලදිත් ‍මෙ‍හෙමම උනා.

HP DV6-1030US - මෙන්න ඒ ලැප

HP DV6-1030US - මෙන්න ඒ ලැප

ගැටළුව ගැන තවත් කියනවානම් මේ ප්‍රරශ්නෙ එන්නෙ ටිකක් රත් උනාම. අපරාදෙ කියන්න බෑ රත් වෙන එක නම් හොඳට වෙන‍ව‍ කීබෝඩ් එකට අතවත් තියන්න බැරි වෙන තරමට. ඉතින් ඔන්න එක පාරට සද්දෙ වැඩිවෙන්න ගන්නවා, ‍ස්ක්‍රීන් එකේ වැටෙවා ටච් බට්න් වලින් සද්දෙ වැඩි කරනකොට එන‍ව වගේ එකක්. සද්දෙ විතරක් නම් බැරියැ Wi-Fiත් එහෙමයි. හිටි ගමන් කනෙක්ට් වෙන‍වා ආයේ ඩිස්කනෙක්ට් වෙන‍‍වා. blue screen එනවත් එක්ක. (ඒක නම් windows 7 beta version නිසා කියල හිතමුකෝ).

Blue Screen

Blue Screen

ඩ්‍රයිවර්ස් මාරු කලා, ඔහොම කරන්න පුළුවන් හැම ‍ප්‍රතිකර්මයක්ම කරලා බැලුවා.

අන්තිමට අරගෙන ගියා ගත්තු තැනට. ඒකෙදි මම ලැප දිග ඇරියාම කිසි අවුලක් නැහැ අගේට වැ‍ඩ. මම පැහැදිලිව කීවා OS එකේ බලපෑමක් නැහැ කියලා. ඉතින් ඔන්න බලලා ‍දවස් 2කින් ද කොහෙද දෙන්නම් කියලා ගත්තා.

‍ආයෙ ගිහින් බලනකොට ම‍ගේ ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ‍ෆොර්මැට් කරලා විස්ටා දාලා. ගියාම කියනවා “ආ ඔයා නේද සර් අර 7 දාල blue screen එනවයි කියලා ලැපක් දීලා තිබ්බෙ” කියලා. ඔන්න ඉතින් එතන බලනකොට අගේට වැඩ. මාත් හරි සතුටින් අරන් ගියා ගෙදර.

ඔන්න රෑ ආයෙ ගැටළුව එනවා. මට මල ඉතින්. මොනා කරන්නද. එලකිරි එකේ කට්ටියගෙනුයි, අපේ සීනියර් සුපුන් අයියාගෙනුයි, තරංග අයියාගෙනුයි හැමෝගෙන්ම අහල ඔන්න තීරනය කලා ලැප ගෙනියන්න බොරැල්ලෙ දේවි බාලිකා එක ගාවා VCS එකට, HP සර්විස් ඒජන්ට් කෙනෙක්.

පසිඳුත් එක්ක ගියා ඔන්න. තැන හොයාගන්න අමාරු උනේ නැහැ. ගෙයක් තමා එයාල අරගෙන තියෙන්නෙ. A/C කරලත් නැති නිසා ලැප දිගඇරිය ගමන්ම ප්‍රශ්නෙ ආවා. මට සතුටුයි මොකද ප්‍රශ්නෙ පෙන්නන්න පුළුවන්නෙ. එයාල හරස් ප්‍රශ්න නැතිව බලලා ප්‍රශ්නෙ තේරුම් ගත්තා.

ඊගාවට ලැ‍පේ සීරියල් නම්බර් එක එයාලගෙ පරිගණ‍කෙට ඇතුලත් කරලා (ඉන්වොයිස් එකවත් ඉල්ලුවෙ නෑ කලින්) කියනවා “ආ සර් මේකට වොරන්ටි තියෙනවා” කියලා. ආයෙ ටිකකින් කියනවා, “මේකෙ පාර්ට් එක ඉම්පෝට් කරලා ආපුවහම තමා දාන්න වෙන්නෙ. ඒත් සර් මේක US product එකක්. අපිට එන්නෙ Asia Region එකේ ඒවල පාර්ට්ස් විතරයි. HP එකෙන් රිජෙක්ට් උනොත් කරන්න දෙයක් නෑ”

මට හොඳටම තරහ ගියා එවෙලෙ. “ඒක හරි කථාවක්නෙ රු xxxxxxක් HP එකට දීලා මේක පිස්සු නටන හැටි ගෙදරට වෙලා බලන් ඉන්න ඕනෙද මම? අරගෙන දවස් 20ක් නෑ ” කියලා මම කීවා.

“හරි සර් අපි කොහොමහරි කරලා දෙන්න බලන්නම්. අපි නුදුන්නත් ගත්තු තැනින් ‍වොරන්ටි ‍දෙන්න ඕනෙ”කීවා.

මම එවෙලෙම ලැප ගත්තු කඩේට කෝල් එකක් දීලා ටිකක් තදින් කථා කලා. එයාලත් VCS එකේ හි‍ටපු කෙනෙක්ටත් කථා කරල එහෙම වැඩේ කොහොම හරි කරල දෙන්නම් කීවා.

දවස් 2කට පස්සෙ ඕන් එයාල කෝල් කරන්නම් කීවට කථා කලෙත් නැති නිසා මමම කථා කලාම කීවා “ඇතුලෙ ‍ශෝර්ට් එකක් තිබිල තියෙන්නෙ. ඒක හදල තියෙන්නෙ” කියලා. ඔන්න ඉතින් ගිහින් බැලුවාම වැඩේ හරි. ගෙදර ගෙනාවාම ආයෙ එනවා මෙන්න. මට මාර තරහයි දැන්. ප්‍රශ්නෙ එන හැටි වී‍ඩියෝ එහෙම කරගෙන ආයෙ පස්සෙ දවසෙ අරන් ගියා කඩේට. එදත් වෙනද වගේම එකෙක් කට ගහගෙන ආව එක එක ඒවා කියාගෙන. ‍මාත් ඉතින් හොඳට කථා කලා වෙන ද ව‍ගේ නැතිව 🙂 . මොකද ‍මේක දැන් හොඳින් ‍බේරගන්න පුළුවන් එකක් නොවන බව තේරුණු නිසා.

“මොකටද මේක VCS ගෙනිච්චෙ. අපි හරහා නොගියම ඒගොල්ලො ගණන් ගන්නෑ” කියල බොරුවක් ඇද බෑව එකෙක්.

ඉතින් ඔන්න ආයෙ කවදද මන්දා දෙන්නම් කියලා කීවා. ඉතින් දවසක් මම කෝල් කලාම රිසෙප්ෂනිස්ට් කෙල්ල කීවා “සර් ඒක ‍රෙඩි වෙලා තියෙන්නෙ, ඇවිත් අරන් යන්න” කියලා. මම ආයෙත් පසිඳුවවත් අඬගහ‍ගෙන කඩේට ගියා. ඔන්න දැන් මෙයාල කරුකුරු ගානව. මට හොඳටම තේරුනා මේක ‍DMS ගෙනිහින් නැති විත්තිය.

දැන් ඔන්න කියනව තව ඒක බලන්න ඕන අරක මේක කියලා. මොන එ‍හෙකටද එහෙනම් එන්න කීවෙ?මේ අතරෙම ගාල්ලෙ ඉඳන් ආපු කෙනෙක්ටත් ‍මේ ව‍ගේම වැඩක් වෙලා. මෑනුත් පලු යන්න බයින‍වා. මාත් ඉතින් ඒකටම අල්ලල බැන්නා.

මගෙන් ඇහුවා මම කොහෙද කියලා. මම කීව ඉතින් මීරිගම කියලා හරියට මේකටම ‍කොලඹ ආව ව‍ගේ. (කැම්පස් එකේ ඉඳන් රු.6යි කියන්න ඕ‍න නෑනෙ).

ඔන්න එදා හිස් අතින්ම ගෙදර ආවා. පස්සෙ ලැප ‍DMS යවලා ෆොර්මැට් කරලා විස්ටා එහෙම දාලා අගේට තියනව. වෙන කියන්න මුකුත් නැති නිසා ඒක අරගෙන ආව. ආයෙ ඉතින් ප්‍රශ්නෙ එහෙමමයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

Windows has recovered from an unexpected shutdown

Windows has recovered from an unexpected shutdown

ආයෙ ගෙනිහින් මම මදින්ම කීවා “එක්කො මට වෙන ලැපක් දෙන්න. නැත්නම් සල්ලි ආපහු දෙන්න ” කියලා. වෙන එකක් දෙන්න බැරි හේතුවට කියන්නෙ දැන් ඒ ‍මොඩ්ල් එක එන් නෑලු. එතන වැදගත් යැයි පේන කෙනෙක් ලැපක් ගන්න ඇවිත්. මම කෑගහනව මෑනුත් පොඩ්ඩක් බැලුවා. ‍ටක් ගාල ඒකෙ කෙනෙක් “හරි සර් අපි මේක හදනකම් බැකප් එකක් දෙන්නම් කියලා AMD processor එකක් තියෙන පට්ට ගහපු Toshiba ලැපක් දුන්නා. ඒකට මොන‍වා හරි උනොත් ඒකටත් මම වගකියන්න ඕනිනෙ කියල ගන්න අදිමදි කලා. කොහොම හරි ඉතින් ඒක අරන් ඇවිත් උබුන්ටු එ‍හෙමත් දාලා පාවිච්චි කලා.

ගිය අවුරුද්දෙ ‍දෙසැම්බර් 4,5 ටෙක්නොමැක්ස් ප්‍රදර්ශනේ. ඉතින් මම කලින්ම ඔය ‍කඩේ මෑන් කෙනෙක්ට කියලා තිබ්බා මට එදාට කලින් ඕනෙ කියලා. මෑන් පොරොන්දු උනා දෙන්නම් කියලා. කෝල් කලාම මෑන් මරු කථා කියන්නෙ “මචං බඩු එන පරක්කුව තමා තියෙන්නෙ. සිංගප්පූරුවෙ ඉඳලා කුරියර් කරලා එවන්නෙ” කීවා දවසක්.

ප්‍රදර්ශනේ සිකුරාදා. බදාදා දෙන්නම්  කියලයි ‍පොරොන්දු උනේ. ඉතින් ප්‍රදර්ශනේට බඩු වගයක් ගන්නත් එක්කලා සුරේන් අයියත් එක්ක තරංග අයියගෙ කාර් එකේ ‍කොළඹ ආවා. එනකොට 1ට විතර ඇති. සුරෙන් අයිය ඇඟපත ති‍යෙන කොල්ලනෙ 🙂 ඉතින් මට කථා කරන්න පැකිලෙන්න ඕනිත් නැහැ.

රිසෙප්ශනිස්ට්ට මාව දැකලම මතකයි. මම ගියාම අහනව “ඇයි ආයෙ ප්‍රශ්නයක් ද ?”මම කීවා “නෑ මම ලැප අරන් යන්නයි ආවෙ කියලා.”

දැන් ඔන්න ආයෙ කරුකුරුව. මම කීව ” ඒව හරියන්නෑ. එක්කො මට වෙන ලැපක් දෙන්න. නැත්නම් සල්ලි ආපහු දෙන්න” ආ‍යෙත් එක එක ඒව කියෝනව. මම කීව ” අද දෙන්නම් කියලා Mr.Sxxxxx ‍පොරොන්දු උනානෙ. අද මට ලැප ඕනෙ” කියලා. සුරේන් අයියා ශේප් එකේ කථාව “අනේ මල්ලි ඕක කරල දෙන්න දැන් දවස් ගානක් මේ මල්ලි ආවනෙ”.

බඩුගන්නත් ඕන නිසා අපි ගියා ටිකකින් එන්නම් කියලා. 5‍ට විතර ගියාමත් එහෙමමයි. හැබැයි Mr.Sxxxxx ඇවිත් හිටියා. ‍කෙනෙක් කීවා “පොඩ්ඩක් ඉන්න අපි සර්ට ‍වෙන එකක් දෙන්නම්” කියලා. රිසෙප්ශනිස්ට් කියනව ” same configuration තියෙන white එකක් ‍තමා දෙන්නෙ” කියලා. මම කීවා “white හරියන්නෑ black ගත්තෙ black ඕනි නිසා blackමයි ඕනි” කියලා.

ටිකකින් තව කෙනෙක් ආව. මාත් එක්ක කථා කරලා ‍බේරෙන්නම බැරි තැන showroom එකට එක්කන් ගියා කැමති එකක් තෝරගන්න කියලා. මෑන් හොඳින් කථා කලාට එතෙන්දි ගණන් ගැන බොරුවක් කළ බව මම ඔප්පු කරලම පෙන්නුවා. price list එ‍කේ තියෙන ගාන‍ටත් වැඩි ගානක් මෑන් කී‍වෙ එක ලැපකට. මෑන්ට හොරෙන් වෙන් කෙනෙක්ගෙන් price list එකක් අරන් බලල මම මෑන්ට ඒක ‍පෙන්නුවා. කට උත්තර නෑ.

කොහොමහරි ලැප ගන්න කලිනුත් මම බලපු Toshiba එකක් තිබ්බා. මෑන් ඒකට සාධාරණ ගානක් කීවා. ඉතින් මම ඒක ගන්න එකග උනා. තව රු.6000ක් දීලා ඒක ගත්තා. Toshiba බෑග් නෑ එයාල ලඟ. ඉතින් ‍ඔරිජිනල් ‍ලෙදර් HP බෑග් එකක් දෙන්නම් කීවා.ඉතින් මම තාමත් back pack එකේ දාගෙන යන්නැති දවසට HP බෑග් එකේ Toshiba ලැප දාගෙන යනවා.

ඔන්න ඔහොමයි වොරන්ටි “ගත්තෙ”.

Toshiba Satellite A505-S6960

Toshiba Satellite A505-S6960

අලුත් ලැපේ බරයි, කැමරාවයි හැර අනෙක් ඔක්කොම ‍හොඳ මට්ටමක තියෙනවා.

මරුම වැඩේ කියන්නෙ පෙබරවාරි අග, මාර්තු මුල වගේ දවස් 2ක කොල් 2ක් දීල එකම කථාව කියනව.

“සර් ලැප් එකක් දුන්න නේද ‍‍ටච් බට්න් වල අප්සෙට් එකක් කියලා. ඒක රෙඩි වෙලා ති‍යෙන්නෙ ඇවිත් අරන් යන්න”


16 Comments

sanjboy · March 28, 2010 at 8:47 pm

එදා කොළඹින් එන‍කොට 8ට විතර. මීරිගම තරංග අයියගෙ ‍‍ක‍ඩේ කටිටිය හෝ ගාල වැඩ ප්‍රදර්ශනේට. මාත් ලැපේ recovery disk ටික ගහල එහෙමම වැ‍ඩ පටන් ගත්තා. රෑ වැ‍ඩ කරනවයි කියපු අය ටික ටික නින්දට යන‍වා. එදා පුදුමයි උදේ 6 වෙනකම් එක දිගට මම වැ‍ඩ කළා.

Max · March 29, 2010 at 7:18 am

onna okai una kiyanne.. mulinma Tharanga aiy kiyna eka ahuwanam ohma wennane.. hu hu..

    sanjboy · March 29, 2010 at 9:07 am

    ආ….. මෙයත් එක්ක ගිහින් ‍නෙව කලින් එක ගත්තෙ. අලුත් එක ගත්තෙත් කෝල් කරල කියලනෙ…….

දර්ශන · March 29, 2010 at 3:24 am

හා හා…ඔන්න ඔහොමයි සිද්ධ උනෙ නෙද? සුරේන් අයියගේ ඇගයි කොල්ලගෙ කටයි දාලා අලුත් ලැප ගත්තා. එදා ගෙනාවෙ එකනෙ.
හම්….
අසුස් වල නම් හැබැයි වොරන්ටි ගැටළුවක් නැතිවම දුන්නා. හදල දෙන්න හරියටම සතියක් ගත්තා. ගැටළුවක් උනෙ නෑ.
උනානම් ඉතින් අපිටත් සුරෙන් අයියම එක්කන් යන්න වෙයි නෙ. 😉

    sanjboy · March 29, 2010 at 9:11 am

    සතිය ඉතින් නොගිනිය හැකි තරම් කුඩා කියමුකෝ.. ඒ අතින් නම් ගොඩක් පහසුයි කස්ටමර් කෙනෙක්ට නේද?

කණිෂ්ක · March 29, 2010 at 3:40 am

බලන් යනකොට කොලුව ලොකු අමාරුවකනෙ වැටිල තියෙන්නෙ. ඔන්න ඕකයි කියන්නෙ ගන්නකොට හොයල බලල ගන්න කියල 😀

    sanjboy · March 29, 2010 at 11:48 am

    කොච්චර හොයල බලලද ඕක ගත්තෙ. Reviewම කියවන්නැති සෑහෙන්ට….

මාධව · March 29, 2010 at 12:08 pm

මචන් …. දැන් ඉතින් කට්ටියට ඔය කඩේ නම කිව්වොත් මොකෝ …….
අපේ තව එකෙක් හරි ඔය අමාරුවෙ වැටුනොත් එහෙම පව්නේ …

    sanjboy · March 29, 2010 at 12:20 pm

    කණිෂ්ක ඒකෙ නම කියල තියෙනවා කලින් එකේ….. මෙහෙම එකකුත් තියෙනවා, Unity Plaza එකේ නම් වෙන ‍මෙයාල තරම්වත් ‍හොඳ කඩයක් නැති තරම්. අනිත් සමහර ඒවල Technical Section එක හොඳටම අවුල්.

lakmal · March 29, 2010 at 1:28 pm

hodin katha kalame munta therenne ban… uba ewasuwa wedi ban…

    sanjboy · March 29, 2010 at 1:31 pm

    ඒක ඇත්ත. ‍වොරන්ටි ‍දෙන්නෙ නෑ, ගන්න ඕනෙ මිසක්

chirantha · March 29, 2010 at 1:41 pm

අම්මෝ මාර කට්ටක් නෙ කාල තියෙන්නෙ…. 🙁

Nehara Nishadi · April 10, 2010 at 10:34 am

kiuwanan dawasen aran denawane ane…..hm……….

මධූ වීරකෝන් · May 17, 2010 at 5:17 pm

පුදුම ඉවසීමේ ශක්තියක්නෙ තියෙන්නෙ… මම වගේ නං පොලීසියෙ ගිහින් ඇන්ට්‍රියක් දාලා නඩුත් කියනවා… ඇත්තමයි hp නං ගන්නම නරකයි… මගේ පවුත්ගලික අත්දැකීමක් මත කියන්නෙ… ඒ වගේම මගේ යාලුවෙක්ගෙ ලැපකටත් උන දෙයක් නිසා…. ලංකාවෙ විතරක් නෙමෙයි යාලුවෙ… ඉතාලියෙත් hp සවීස් අන්තිමයි… මම දවස් දෙකක් කෝල් කරල බැන්නා…

    Sanjaya · May 18, 2010 at 11:41 pm

    🙂
    හැබැයි මම මෙච්චර කල් හිතන් හිටියෙ ලං‍කාවෙ විතරයි ඔහොම කියලා

HP Pavilion DV6-1030US 16.0-Inch Laptop | ColdSip.com · April 7, 2010 at 3:28 am

[…] ලංකාවෙ HP වගකීම මෙහෙමයි | HP warranty in Sri … […]

Leave a Reply to sanjboy Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *