Voteඡන්දෙට කලින් මේ ලිපිය දාන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා ඔන්න ඡන්‍ද විමසීම ඉවර උනාමම දැම්මා. කථා කරලා වැඩක් නැති මාතෘකාවක කථා කරන්න හිතුනු දේවල් ටිකක් මේ.

ටියුෂන් හටන් සහ ඡන්දය.

ඉස්සෙල්ලාම කියන්න යන්නෙ කළුආරච්චි සර් ගැන. මතක ඇති කාලෙකට ඉස්සර බර යූඇන්පී කාරයෙක්නෙ. දුෂ්‍යන්ත මහබදුගේ සර් එක සැරයක් කීවා ” රනිල් යූඑන්පී එක දාල ගියත් කළුආරච්චි සර් නම් යූඑන්පී දාල යන‍්නෙ නෑ ” කියල. ඒත් පහුගිය ජනාධිපතිවරණ සමයෙ අපි දැක්කා රූපවාහිනියෙන් ගම්පහ පන්ති කරන තවත් සර්ල කීප දෙනෙක් එක්ක එ.ජ.නි.ස.යට පක්ෂව ‍පෙනී ඉන්නවා. අපි මේගැන කථා කලා ගම්පහ ස්ටිකර් විකුනන්න ගිය වෙලේ. සර් කීවා මෙහෙම. “අපි දේශපාලනයට ආවේ සල්ලි හොයන්න නෙවේ, තියෙන සල්ලි ටික වියදම් කරන්නනෙ. ගම්පහ සමහරුන්ට තැන් 2,2 තියෙනවා සංවිධායක විදියට. ඉතින් මාත් රනිල්ගෙන් ඉල්ලුවා සංවිධායකකමක්, අපිටත් ගිහින් මිනිස්සු හමුවෙලා මිනිස්සු එක්ක කථා කරලා මේක කරන්න. ඇයි ලමයි, දේශපාලනේ කරනවනම් හරියට කරන්න ඕනි. රනිල් අදිමදි කලා. මම එහෙනම් තියාගනින් කියල එන්න ආව. දැන් මේ අපේ කොල්ලා ඡන්දෙ ඉල්ලන නිසා ටිකක් වැඩ කරනවා….”. ඔන්න ඔහොමයි ඒ කථාව.

ඔතන ඔය “අපේ කොල්ලා” කීවෙ සංයුක්ත ගණිත දේශකයෙක් විදියට අපි දන්න දුෂ්‍යන්ත මහබදුගේ සර් ගැනනෙ.

සර් මේ සැරේ මහ මැතිවරනෙට ගම්පහින් ඡන්දෙ ඉල්ලුවනෙ. පන්ති ගිය අය දන්නව පන්ති වලදි හොඳටම එකිනෙකාට බැන ගන්න දෙන්නෙක්නෙ දුෂ්‍යන්ත සර් සහ කේසිරි සර් (ඇත්තටම තරහක් තියෙනවද කියන එක නම් වෙනම කථාවක්). ඔන්න ‍මේසැ‍රේ කේසිරි සර් පන්තියකදි කීවාලු ” මට නම් වැඩක් නැහැ. හැබැයි ඉගෙන ගත්තු ‍කෙනෙක් ඉස්සරහට යන්න හදන්නෙ. ඒ නිසා එයාට ඡන්දෙ ‍දෙන්න”කියලා. අපිට මතක විදියටනම් ඉස්සර “ඉංජිනේරුවට ගනං බෑ” කියලයි කීවෙ 🙂 .

පුස්සැල්ල සර්ත් අපි දන්න විදියට නම් එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ‍සර් අපේ සමහර යාලුවන්ගෙ ‍ගෙවල් වලට ලියුම් එවල තිබ්බා දුෂ්‍යන්ත සර්ටත් මනාපයක් වෙන් කරන්න කියලා.

දුෂ්‍යන්ත සර්, බද්දෙවිතාන සර්ගෙ පන්තියටත් ඇවිල්ලා කීවලු ඡන්දෙ දෙන්නයි කියලා.

Election

මනාප පොරය

ගම්පහ මනාප පොරය අඩුම දිස්ත්‍රික්කයක් විදියට මාධ්‍ය වලින් ඇ‍හෙන්න ඇතිනෙ. ඒත් මීරිගම පැත්තෙ නම් ඒක වෙනස්. පුදුම හටනක්, පක්ෂ අතර නෙවේ, එකම පක්ෂෙ අය අතර. මීරිගමින් අපේක්ෂකයො දෙන්නෙක් ඉල්ලුවනෙ. කෝකිලා සහ වසන්ත සේනානායක තමා ඒ දෙන්නා. අපේක්ෂිකාව‍ගෙ පාඨය උනේ “ඒක ඇත්තමයි” කියලා. පහුගිය දවසක මේ දෙගොල්ලො පොඩ්ඩක් අතපය රත් කරගෙන. ඒ අතරෙ  වසන්ත මහතාගේ මෝටර් රථයකට අනිත් පිරිසක් පහර දීලා. මේ සිදුවී‍මෙන් පස්සෙ ඒ මෝටර් රථයත් ඇදගෙන පෙළපාලියක් ගිහින් නගරය මැද්දෙන් වසන්ත මහතාගේ කට්ටියක් “මේක ඇත්තමයි” කියාගෙන. එතෙන්දිත් යම් සිද්ධියක් ‍වෙලා තියෙනවා. කොහොමහරි එවෙලෙ නගරයම නොසන්සුන් උනා කියලයි ආරන්චිය.

වියදම

කොළඹ පැත්තෙ අයගෙ රඟ අපි දැක්කා. මීරිගම ලඟදි දවසක වසන්ත මහතාගේ ප්‍රචාරක රථයක කියාගෙන යනවා එතුමා රු ලක්ෂ 700ක් ඡන්දෙට වියදම් කරලයි කියලා. ඕක අහපුවාම “අනේ කෝටි 7ක් වියදම් කරලානෙ ඉතින් ඡන්දයක් දෙන්න ඕනි” කියල හිතෙන අයත් ඉන්නවයි කියල මම නම් හිතන්නෙ නෑ. ඒ මුදලින් කොච්චර සමාජ  සේවයක් කරන්න තිබ්බද. අඩු වශයෙන් පිනක්වක් ඉතිරි වෙයිනෙ. ඔච්චර වියදම් කළ අය ‍‍දිනුවොත් ජනතාවට වන සේවය ‍කොහොමද කියලත් හිතාගන්න පුළුවන්නෙ.

කේසිරි සර්

9 Comments

Madhawa · April 8, 2010 at 6:24 pm

මචන් …. දේශපාලනයට සදා හතුරන් හෝ මිතුරන් නැහැලුනේ… තමන්ගේ තාත්ත මරපු එකාත් ඒකට සුදනෙක් වුන යුගයක්නේ මේක…. මේ ලංකාවනේ ….. 😉
සිරාවටම මිනිහා ඔය ලක්ෂ 700න් ගෙවල් 35ක් හැදුව නම් මිනිහට ලක්ෂ 1000කටවත් ගන්න බැරි තරම් මනාප හම්බෙන්න තිබුනා….. මිනිහට ඒක (සල්ලි) තිබුනට මේක (මොලේ) නැහැ. 😉

    sanjboy · April 8, 2010 at 6:30 pm

    අනේමන්දා මොලේ ගැනනම්. lawyer කෙනෙක් හැබැයි.
    මත් වතුර වලට වියදම් කළ සල්ලි වැදගත් දේකට වියදම් කළා නම්……

Darshana · April 8, 2010 at 6:38 pm

දෙෂපාලනය. ටියුෂන් කලාව. සහ අපි…. හැමදාම අපිට මොකද වුනෙ?
අපි මෙ ගැන තවත් කතා නොකර ඉමු 😉

Nisala · April 8, 2010 at 6:52 pm

ඔය ටියුෂන් කරයන්ගෙ දෙශපලනේ නම් කතා කරල වැඩක් නෑ. වාසි පැත්තට වැඩ. ඔය ටියුෂන් වැඩෙත් දේශපලනේ වගේ තමයි. අපිට පේන්න තමයි කට්ටිය එක එක්කෙනට බැන ගන්නෙ. ඒ වුනාට එක ක්ශේත්‍රයේ අය ඒ පැත්තෙ තමයි…..දුශ්‍යන්ත සර් නම් දිනුවොත් හොඳයි. මොනව වුනත් උගත් මනුස්සයනෙ..

මේ තියෙන මැතිවරන ක්‍රමේ හැටියට ඉතින් සල්ලි නැතුව දිනන්නත් බෑ.. ජන්දෙට ගිය වියදම, ගත්ත මනාප ගානෙන් බෙදල බලපුවහම කියන්න පුලුවන්නෙ එක ජන්දෙකට කීයක් ගිහින් තියෙනවද කියල… සමහරුන්ට ඔය ගාන රුපියල් 1000ක් 2000ක් විතර වෙනවා… ඉතින් ඔය සල්ලි වලින් ගෙවල් හදල නම් ඔය ජන්ද ගාන ගන්න බෑ.. වඩාත්ම ලාබදායී ක්‍රමයට තමා ඒ ගොල්ලො වැඩ කරන්නෙ..

ඔව් සන්ජය හොඳයි නම් තමා.. ඒ වුනාට එහෙම දුන්නෙ නැත්නම් පෝස්ටරයක් වත් ගහන්න මිනිහෙක් හොයා ගන්න හම්බ වෙන්නෙ නෑ..
මේ මැතිවරන ක්‍රමේ තියෙන වැරද්දක් තමා මේක… කෝටි ගානක් නැතුව දිනනව බොරු….. මේක වෙනස් වෙන්න ඕනෙ…

    sanjboy · April 8, 2010 at 7:00 pm

    ඒ කථාවෙත් ඇත්තක් තියෙනවා.. ඒත් පෝස්ටර් නැතිව ඉහලම මනාප ගත්තු සුළුතරයකුත් නැතිවා නෙවේ. මෑත අතීතෙත් උදාහරණ තියෙනවා. හැබැයි ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයිනෙ.

hasitha · April 9, 2010 at 3:05 am

නියම කතා ටික……..

කණිෂ්ක · April 9, 2010 at 3:17 am

දැං ඉතිං මොන කෙහෙල්ගෙඩිය ගැන කිව්වත් වැඩක් නෑ.. පැරදීගෙන එන්නෙ..

ගිහාන් · April 9, 2010 at 10:32 am

කව්ද පැරදීගෙන එන්නෙ? අපි නම් දිනුම්! අර මහපොලොවට බරක් වෙලා හිටපු ජ.වි.පෙ. බින්දුවටම බැහැල.. මෙ රටේ දහස් ගණනක් දරුවන්ට තාත්තල අහිමි කරපු පව් තමයි උන්ට ඔය පල දෙන්නෙ. අනාගතේ උන්ගෙ ලමයින්ටත් මිනිස්සු කියයි මිනී මරුවන්ගෙ ලමයි කියල.. සුභ අනාගතයක්!

hasitha · April 9, 2010 at 7:23 am

ඒ කාලෙ මිනී මරපු ජ.වි.පෙ. හිටපු කෙනෙක් නේද ඔය පචයා! මූ තමයි අපේ තාත්තලව මරන්න එවපු ලියුම් වලට අත්සන් කරල තිබ්බෙ! ඔය පැත්ත මාරු කරපු පචයො එක්ක මොන සුබ අනාගතයක්ද?පැන්න ගමන් කලු අතීතය මොකුත් මතක නෑ….එතකොට උන් තමයි දෙශප්‍රේමියො….ප්‍රභාකරන්ව මරල රටේ මරන බය නැති කරපු එකා ද්‍රෝහියා…
මොනව උනත් මහින්ද හොද නායකයෙක්!පැනපු කාලකන්නි තමයි රට කන්නෙ
කරන්න තියන හැම කුපාඩි කමක්ම කරල අපේ මහරජා මේකත් දින්නා…

Leave a Reply to Nisala Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *