මීරිගම නගරයේ ප්‍රධාන හිසතෙල් ගෑමේ උත්සවය වෙනද වගේම තිබ්බෙ මීරිගම සාසන වර්ධන ළදරු පාසල් පරිශ්‍රයේ. වෙනදා නම් මුතුහර ළමා සමාජයේ අවුරුදු උත්සවයයි හිසතෙල් ගෑමයි එකම දවසෙ කරන්නෙ. නමුත් මේ සැරේ හිසතෙල් ගෑමේ නැකත වෙනදට වඩා පහුවෙලා යෙදුනු නිසා අවුරුදු උත්සවයට වෙලාව මදි වෙන නිසා අවුරුදු උත්සව‍ය පැවැත්වෙන්නේ හෙට. ඒ නිසා වෙනද තරම් කට්ටිය නැද්ද මන්දා.

හිසතෙල් ගෑම

හිසතෙල් ගෑම

මරදන්කල්ලේ සුසීම හාමුදුරුවන්ගෙ ප්‍රධානත්වයෙන් තමා පැවැත්වුනේ. පන්සලේ ලොකු හාමුදුරුවෝ, ඒ කියන්නෙ රාමඤ්ඤ නිකායෙ මහානායක හාමුදුරුවෝ වන වේවැල්දෙණියේ මේධාලංකාර හාමුදුරුවෝ නම් අද මෙතනට වැඩියේ නැහැ.

හිසතෙල් ගෑම

හිසතෙල් ගෑම

සාමාන්‍යයෙන් එක්කෝ පන්සලේ හාමුදුරුනමකට කියලා නැත්නම් ගමේ වැඩිහිටි පුද්ගලයෙක්ගෙන් තමා හිසතෙල් ගාව ගන්නෙ. ඒක ඉස්සර ඉඳන් තිබ්බ සිරිත. ඒත් ඉතින් දැන් සමහරු ලේසියට තමන්ට ඕනෙ හැටියට තෙල් ගාගන්නව. එක්කෝ නැකත් වෙලාවට තමන්ම පොල් තෙල් ටිකක් හිස ගාගන්නවා තමන්ම. නැත්තන් සමහරවිට ඒකත් නැහැ.

මොනා උනත් පැරණි සිරිත් විරිත් ඒ විදියටම අනාගතයට දායක කිරීම අපි හැමෝගෙම වගකීම. ඒ ගැන අදවත් පොඩ්ඩක් හිතල බලන්න. දැන් උනත් සමහර සිරිත් විරිත් නිසි ලෙස කරන හැටි අපි බොහොමයක් දෙනා දන්නෙ නැහැ. ඒකට එක හේතුවක් ලෙස ඒ ගැන හොයාගන්න තියෙන තැන් අඩු වීමත් දක්වන්න පුළුවනි. කෙසේ වෙතත් දන්න උදවියවත් මේ සිරිත් විරිත් ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙලක් යොදන්න ඕනි. අඩු වශයෙන් තමන්ගෙ බාල පරම්පරාව හරිහැටි දැනුවත් කිරීමවත් වෙනවනම් ලොකු දෙයක්.


3 Comments

indika kumara · April 15, 2010 at 10:25 am

ඕක සංස්කෘතික ප්‍රස්නයක් ඉස්සර කාලෙ අවුරුදු චාරිතෘ මීට වඩා ගොඩක් තිබිල තියනවා….නැකතුත් ගොඩය්ලු…ඒත් කාලයත් එක්ක සමහර දේවල් හැලිල….සමහර විට අලුත් දේවල් එකතුවෙලත් ඇති……

DJ Slash · April 15, 2010 at 10:23 pm

මීරිගම කියල දැක්කම තමයි බ්ලොග් එක කියවන්න හිතුනේ. ඉපදුනේ මීරිගම උනාට මේ අවුරුද්දෙත් ගමේ යන්න බැරි උනා. ඒක නෙමෙයි; මොකද්ද මේ meerigama.com කියන්නෙ? ඒකෙ ඉන්නෙ මීරිගම අය විතරද? Admin පසිඳු ද ?
සතුටුයි අහල පහල කෙනෙක් දැන ගන්න ලැබීම

    sanjboy · April 15, 2010 at 4:59 pm

    මටත් සතුටුයි අඳුනගන්න ලැබීම ගැන.
    නෑ නෑ මීරිගම අය විතරක් නෙමේ. පසිඳු කියන්නෙ කවුද කියල නම් මම දන්නේ නැහැ. කවුරු උනත් ඇඩ්මින් ඒ එක්කෙනා නෙවේ. මීරිගම UserMax එකෙන් (http://www.usermaxonline.com) එකෙන් තමා ඕක හැදුවෙ.

Leave a Reply to indika kumara Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *